කායික රෝගරෝග

ඔබේ හදවත එක්ක සෙල්ලම් කරන්න එපා!

ඔව්, එය ඇත්තටම භයානක තත්වයක්! ඔබට පපුවේ වේදනාවක් හෝ තද ගතියක් දැනුණු විට, එක වරම ඔබ කුමක් කළ යුතුද යන්න සිතෙන්නේ නැහැ. ඔබටත් කෙදිනක හෝ හෘදයාබාධයක් ඇතිවී තිබෙනවා ද?, එසේත් නැතිනම් ඔබ හෘද රෝගයකින් පෙළෙන අයෙක්ද? සෑම මරණ 4කින් 1ක්ම, හෘදයාබාධවලට තුඩු දෙන කිරීටක ධමනි අවහිරතාවයන් බව ඔබ දැන සිටියා ද? හෘදයාබාධ, ඔබේ ජීවිතයේ තීරණාත්මක සෞඛ්‍ය ගැටලුවක් බැවින් ඒ පිළිබඳ දැනුවත්ව සිටීම ඔබට ඉතාම වැදගත්.
හෘදයාබාධ ඇතිවන්නේ හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර වීම නිසා හෘද පේශිවලට ඔක්සිජන් අහිමි වී යාමෙනි. හෘද පේශිවලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන විට, හෘද පේශි හානි වී අකර්මණ්‍ය වීම සිදුවේ. හෘද පේශිවලට රුධිරය සපයන නාලවල තෙල් තැන්පත් වීම නිසා සිදුවන අවහිරතාවයන් මගින් ඇතිවන කිරීටක හෘද රෝග (කිරීටක ධමනි රෝගය) මෙම හානිදායක තත්වය ඇතිකරයි.
කෙසේ වෙතත්, හෘදයාබාධ කල්තියා හඳුනාගැනීමට සහ හෘදයාබාධ වළක්වාගැනීම සඳහා අපගේ ශරීරය විසින්ම අනතුරු ඇඟවීමේ සංඥාවන් නිකුත් කරනු ලබයි. ඒවා නම්;
පපුවේ ඇතිවන අපහසුතා (වේදනාව/තද ගතිය/හැකිලීම ආදී අපහසුතාවයන්)
ශරීරයේ ඉහළ පෙදෙසේ ඇතිවන අපහසුතා (අත්, කොන්ද, බෙල්ල, හකු හෝ ආමාශය)
හුස්ම ගැනීමේ අපහසුතාවයන්
දැඩි නොසන්සුන්කාරී බව/තැතිගැනීමේ ස්වභාවය, ඔක්කාරය හෝ කරකැවිල්ල
පපුවේ/බඩේ දැවිල්ල (ගැස්ට්‍රයිටිස් තත්වයට සමාන)

මෙවැනි සංඥාවන් ඔබේ ශරීරයෙන් නිකුත් කරන විට ඉන් කියැවෙන්නේ, ඔබ හෘද රෝග අවදානමක සිටින පුද්ගලයකු බවත් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත්ය. හෘද රෝග පිළිබඳ නිශ්චිත විනිශ්චයන් සිදුකළ හැකි පරීක්ෂාවන්ට යොමුවීම තුළින් ද, ඔබට ඒ පිළිබඳ තහවුරු කරගැනීමේ හැකියාව තිබේ.
ඔරදචදබසබ -ෂ පරීක්ෂණය යනු ඔබ හෘදයාබාධයකට මුහුණ දී ඇත්දැයි හඳුනාගැනීමට සිදුකරන ඉක්මන් හා සරල රුධිර පරීක්ෂණයකි.
ට්‍රොපොනින් යනු ඔබේ හදවතේ මාංශ පේශිවල ඇති ප්‍රෝටීන් වර්ගයකි. කෙසේ වෙතත්, හදවතට හානිකර තත්වයන් ඇති වූ විට, ට්‍රොපොනින් රුධිරයට මුදා හරිනු ලැබේ. නමුත් සාමාන්‍යයෙන්, රුධිරයෙන් ට්‍රොපොනින් ග්‍රහණය කරගැනීම දක්නට නොලැබේ. හෘද පේශිවලට සිදුවන හානිය වැඩිවන තරමට ට්‍රොපොනින් මුදා හැරීම ක්‍රමානුකූලව වැඩිවේ. එයින් නිගමනය වන්නේ ඔබට මෑතකදී හෘදයාබාධයක් ඇති වී තිබෙන බව හෝ ඔබ හෘදයාබාධයකින් පෙළෙන පුද්ගලයකු බවත්ය. සාමාන්‍ය ට්‍රොපොනින් අගය ලෙස දැක්වෙන්නේ 0 – 0.04 බටරැපඛ

හෘද රෝග සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කරගන්නේ කෙසේ ද?
සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම
නිතිපතා ව්‍යායාම කිරීම (මිනිත්තු 150 මධ්‍යස්ථ/තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම්)
මානසික ආතති වලින් මිදීම
දිනකට පැය 6-8 අතර සුවදායි නින්දක් ලැබීම

යනාදී ජීවන රටාවේ වෙනස්කම් සමගින් ඔබට යහපත් හෘද සෞඛ්‍යයක් පවත්වාගෙන යා හැක. හෘද රෝග ඇතිවීමට බලපාන සාධක ඔබ විසින්ම ඇතිවන ආකාරයටම, හෘද රෝග මැඩලීමට ද හැකියාව ලැබෙන්නේ ඔබේ ක්‍රියාකාරකම් මතයි. යහපත් සෞඛ්‍ය පුරුදු වඩවා ගනිමින් හා අයහපත් සෞඛ්‍ය පුරුදු වලින් ඈත් වී ඔබේ හදවත රැකගන්නට නිරතුරුවම උත්සාහ ගන්න. මන්ද ඔබේ සිරුරේ ප්‍රධානතම කර්තව්‍ය සිදුකරන අවයවය වන්නේ හදවත නිසාවෙනි. ඔබේ ශරීරයේම නිරෝගිභාවය රැඳී තිබෙන්නේ ඔබේ හදවතේ නිරෝගිභාවය මතයි. එබැවින් ඔබේ හෘද සෞඛ්‍යය මැනවින් පවත්වාගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙන්න.
සුවහසක් ජනතාවගේ හෘද සෞඛ්‍ය ඉහළ නංවනු පිණිස මෙම සටහන ඔබ වෙත ගෙන ආවේ, 20,000කට අධික අති සාර්ථක හෘද සැත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ඩර්ඩන්ස් හෘද සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙතින්…

Related posts
කායික රෝගපුවත්

දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම

වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි…
Read more
කායික රෝගරෝගසංවාද

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු වන්න

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.