පුවත්

ෆ්ලෝරා, බුද්ධිමත් ආමන්ත්‍රණයක් සමඟින් ලෝක හදවත් දිනය සමරයි

නිරෝගී හදවතක් වෙනුවෙන් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ෆ්ලෝරා විසින් පසුගියදා ලෝක හදවත් දිනය සමරනු ලැබුවේ අධ්‍යාපනික උත්සවයක් සංවිධානය කරමිනි.

ෆ්ලෝරාහි 2022 ලෝක හදවත් දින උත්සවය Ayubo Life හි හෘද රෝග  මැනීම සඳහා භාවිත කරන පරීක්ෂණ ක්‍රමයක් වන හෘද රෝග අවදානම් තක්සේරුව (CVD) සියලු අමුත්තන් වෙත ලබා දෙමින් ආරම්භ විය. “නිරෝගී මනසක් රඳා පවතින්නේ නිරෝගී හදවතක් මතයි” යන්න තේමා කරගනිමින් සෞඛ්‍ය සම්පන්න හදවතක් වෙනුවෙන් විනාඩි 15ක යෝග අභ්‍යාසයකට එක් වන ලෙස ආරාධිතයින්ගෙන් හා විශේෂ අමුත්තන්ගෙන් ඉල්ලා සිටියේ ඉන් අනතුරුවයි. බි්‍රතාන්‍ය කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මානව චාලක විද්‍යාව පිළිබඳ උපාධිධාරී, Functional Range Conditioning (FRC)) සහ යෝග ව්‍යුහ විද්‍යාව පිළිබඳ විශේෂඥ, ජනප්‍රිය යෝග උපදේශිකා Annie Au , ඇගේ සැමියා වන ආරොන් වික්‍රමසිංහ සමඟ එක්ව මෙම යෝග අභ්‍යාසය ඉදිරිපත් කරන ලදී. ඉන්පසු දිනයේ වැඩකටයුතු ආරම්භ විය.

පැමිණ සිටි සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගත් එම යෝග අභ්‍යාසයෙන් අනතුරුව ‘ඔබේ හදවත ආදරයෙන් රැකගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ විද්වත් මඩුල්ලක් සමඟ සාකච්ඡාවක් ආරම්භ විය. ත්‍රිෂ්මා ප්‍රින්ටෝ විසින් මෙහෙවනු ලැබූ එම සාකච්ඡාවේ විද්වත් මඩුල්ල ලෙස Kings Hospital හි හෘද රෝග විශේෂඥ වෛද්‍ය කිශාන් ද සිල්වා, යෝග ගුරු පුහුණුකරු ආරොන් වික්‍රමසිංහ සහ හිටපු ශ්‍රී ලංකා රූ රැජිණක් වන ස්ටෙෆනි සිරිවර්ධන යන මහත්ම මහත්මීන් එක් වූහ.

මෙරට ප්‍රමුඛ පෙළේ හෘද රෝග විශේෂඥයකු වන වෛද්‍ය කිශාන් ද සිල්වා මහතා සෞඛ්‍ය සම්පන්න හදවතකට අවශ්‍ය සාධක පිළිබඳ සිය දැනුම බෙදා දීමට කටයුතු කළ අතර පෝෂණ පුහුණුකරුවකු, පුද්ගලික යෝග්‍යතා පුහුණුකරුවකු මෙන්ම හිටපු වෘත්තීය Muay Thai kickboxer ක්‍රීඩකයකු වන ආරොන් මහතා විසින් විවිධාකාරයේ යෝග පිළිබඳ හා සමබල ආහාර වේලක් ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔහු සතු සුවිශේෂී දැනුම බෙදා ගැනීමට  කටයුතු කරන ලදී.

මෙහිදී සාකච්ඡාවට ලක් වූ කරුණක් වූයේ හෘද සෞඛ්‍යයට හිතකර ආහාර වේලක් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම පිළිබඳ උපදෙස් හා කිරීටක හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත හැකි මූලික පියවරයි. සෞඛ්‍ය සම්පන්න හදවතක් පවත්වා ගැනීම වෙනුවෙන් වෙනස් කළ හැකි හා වෙනස් කළ නොහැකි අවදානම් සාධක පිළිබඳවද විද්වත් මඩුල්ල විසින් සාකච්ඡාවට බඳුන් කරන ලදී.

ඒ ආකාරයේ වෙනස් කළ හැකි අවදානම් සාධක අතරට දුම් පානය සහ ඉන් පිට කරන දුමාරයට නිරාවරණය වීම, කිසිඳු ව්‍යායාමයකින් තොර උදාසීන ජීවන රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු මෙන්ම ආතතිය වැනි සාධකද ඇතුළත් වේ. මේ සියලු දේ ආහාර හා ජීවන රටාව තුළ සිදු කරන ධනාත්මක වෙනස්කම් තුළින් පාලනය කිරීමේ හැකියාව ඔබ සතු බව දැනගැනීමම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු නිසැකය.

වෙනස් කළ නොහැකි අවදානම් සාධක ලෙස වයස , ස්ත්‍රී -පුරුෂ භාවය සහ ජාන ඇතුළත් වේ. (ඔබගේ පවුල් පරම්පරාවේ සාමාජිකයින් හෘද රෝග හා සම්බන්ධ රෝගයන්ට ගොදුරු වී ඇත්නම් ඔබ හෘදයට හිතකර ආහාර වේලක් වෙත මාරුවීම හා හෘද රෝග වැළැක්වීම සඳහා වන ජීවන රටාවක් වෙත පිවිසීම වැදගත්ය)

මෙහිදී විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වූ තවත් කරුණක් වූයේ හෘදයට හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද? යන්නයි. ඒ අනුව ඊට පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන එළවළු (කොළ පැහැති පලා වැනි) සහ පළතුරු සහ බෝංචි, කඩල හා පරිප්පු වැනි ශාක පදනම් වූ ප්‍රෝටීන් ඇතුළත් වේ. ඊට අමතරව එළවළු තෙල් සහ එළවළු තෙල් පදනම් කරගත් මෘදු තැවරුම් (බහුඅසංතෘප්ත මේද සහිත ආහාර), දුඹුරු සහල්, තිරිඟු පාන් සහ ඕට්ස් වැනි පරිපූර්ණ ධාන්‍ය වර්ග මෙන්ම ඔමේගා 3 සහ 6 මේද අම්ල අන්තර්ගත සැමන් හා මැකරල් වැනි තෙල් සහිත මාළු සහ සමහර ශාකමය තැවරුම් ද ඇතුළත් වේ.

‘ඔබේ හදවත නිරෝගීව තබාගන්නේ කෙසේද?’ යන්න තේමා කොට ගත් බ්ලොක් ඇන්ඩ් ඩිනෝ විසින් ඉදිරිපත් කළ ප්‍රහසනාත්මක රංගනයෙන් මෙම සුවිශේෂී අධ්‍යාපනික සන්ධ්‍යාව අවසන් විය.

මෙහිදී අදහස් දැක්වූ Upfieldහි අලෙවි කළමනාකාර තරිඳු හීන්පැල්ල මහතා මෙසේ සඳහන් කර සිටියේය. “ලෝක හදවත් දිනය යනු ජීවිතයේ වැදගත්ම දේ වන ඔබේ හදවතට ආදරය කිරීම පිළිබඳ අපට මතක් කර දීමට සුදුසුම දිනයයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට වගේම අපගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සිදුකළ හැකි දේ පිළිබඳ දැන ගැනීම අපට ඉතා ප්‍රයෝජනවත්. සෑම දෙයක්ම ආරම්භ වන්නේ ඔබේ හදවතෙන්. ඒ නිසාම නිරෝගී හදවතක් සුවපත් ජීවිතයකට මඟ පාදන බව පැවසීම ඉතාම නිවැරදියි. නිරෝගී දිවි පෙවතක් ගත කරන සියලු දෙනාට තමන් ආදරය කරන පුද්ගලයින් සහ වැඩ කටයුතුවලින් සපිරි ජීවිතයක් තිබෙනවා. කෙසේ වුවත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනුවෙන් අවශ්‍ය ශක්තිය මනා හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීම තුළින් ලබා ගත හැකි බව ෆ්ලෝරා ලෙස අප නිරන්තරයෙන් විශ්වාස කරනවා. ඒ තුළින් බොහෝ දේ ඉගෙන ගැනීමට මෙන්ම ජීවිතයට වැදගත් වන බොහෝ දැනුම බෙදා ගැනීමට ද අවකාශ උදා වන බව පැවසිය හැකියි”.

ආහාරමය මේද දෛනික ආහාර වේලෙහි වැදගත් අංගයකි. ශක්තිය සපයනු ලබන එම ආහාරමය මේද, ද්‍රාව්‍ය විටමින් අවශෝෂණය කර ගැනීමේ මාධ්‍යක් වන අතරම ඔමේගා 3 සහ 6 වැනි අත්‍යාවශ්‍ය මේද අම්ලයන්ගෙන් පොහොසත්ය. පුද්ගලයන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් 30%ක් මේදවලින් ගත යුතු බව නිර්දේශ කරන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉන් වැඩි ප්‍රමාණයක් අසංතෘප්ත මේද හෝ හිතකර මේදයන්ගෙන් ලබා ගත යුතු බවද පෙන්වා දෙයි. සූරියකාන්ත සහ කැනෝලා තෙල්වල අඩංගු අසංතෘප්ත මේදයන්ගෙන් පොහොසත් ෆ්ලෝරා මේද තැවරුම 1992 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ශාක පදනම් කරගත් මේද අන්තර්ගත සුවිශේෂී නිෂ්පාදනයක් වන ෆ්ලෝරා සෞඛ්‍යයට හිතකර මේද ලබා දෙයි.

Related posts
පුවත්

බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේ දී රිදී සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ…
Read more
පුවත්

ලෝක දෘෂ්ටිමිතික සතියට සමගාමීව අක්ෂි සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා විෂන් කෙයා විසින්  "Vision Care Primary Eye Screening Program" දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි…
Read more
පුවත්

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.