පුවත්

ඖෂධ පහසුවෙන් සොයාගන්න PayMaster වෙතින් MediSearch හදුන්වා දෙයි

ලංකාවේ ජංගම දුරකථන පාරිභෝගිකයන් අතර රිලෝඞ් ලබාගැනීම විවිධ බිල්පත් ගෙවීම මුදල් හුවමාරුව වැනි අවශ්‍යතා රැුසකට සහය වන ලංකාවේ ජනප‍්‍රියම ජංගම දුරකථන යෙදවුමක් වන PayMaster විසින් රටේ පවතින වත්මන් තත්වය හමුවේ ඖෂධ පහසුවෙන් ඖෂධ ඇති ස්ථාන සොයාගැනීම සදහා MediSearch නමින් විශේෂාංගයක් එළි දක්වන ලදි.

MediSearch විශේෂාංගය හරහා PayMaster පරිශීලකයින්ට අවශ්‍ය ඖෂධ ඔවුන්ට අවශ්‍ය මොහොතේදීම ලබා ගත හැකි දැයි යන්න ළඟම ඇති ඔසුසැල්වලින් තොරතුරු ලබාගත හැකි අතර MediSearch ජංගම යෙදවුම භාවිතා කරන සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට MediSearch විශේෂාංගය සදහා නොමිලේ පිවිසිය හැකිය.

මෙය දියත් කිරීමෙන් පසු එළඹි පළමු සති දෙක තුළ ඔසුසල් 350 කට අධික ප‍්‍රමාණයක් ඵැාසීැ්රජය ජාලයට සම්බන්ධ වී ඇති අතර ඉදිරි මාස දෙක තුළ දිවයිනේ සියලූම ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙම ජාලය ඔසුසල් 3,000ක් කරා ළඟා වනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

රටේ පවතින වත්මන් තත්වය හමුවේ එදිනෙදා ජීවිතයේ නිතර භාවිතා වන සුලබ ඖෂධ වර්ග පවා සොයමින් ඖෂධ සැල් සොයා යන ජනතාවට සහයක් වීම සදහා PayMaster හදුන්වා දෙන ලද මෙම MediSearch යෙදවුම පවතින ඉන්ධන ගැටළුවට විකල්පයක් නිසා බෙහෙත් වර්ග සොයාගැනීමට දුෂ්කරතා මතුව තිබෙන ජනතාවට ද සහනයක් ලබාදෙයි

PayMaster යනු පෙරගෙවුම් ජංගම Top ups උපයෝගිතා බිල්පත් ගෙවීම්, බැංකු අතර මුදල් හුවමාරුව, රක්ෂණ වාරික ගෙවීම්, Rider settlement, වෛද්‍ය හමුවීම් වෙන්කරවා ගැනීම් සහ තවත් බොහෝ විස්මිත විශේෂාංග සපයන සම්මානලාභී සහ ඉහළ පිළිගැනීමක් ඇති ශ‍්‍රී ලාංකික යෙදවුමකි.

PayMaster විසින් පිරිනමනු ලබන සුවිශේෂී අංගයක් වන්නේ In-App ණය පහසුකම වන අතර එමගින් පරිශීලකයින්ට රුපියල් 50,000 දක්වා ණය ලබා ගැනීමේ විකල්පය සපයයි. මෙම යෙදවුම ඉහළම ජාත්‍යන්තර ආරක්ෂක ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කර පවත්වාගෙන යනු ලබන අතර ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් සකසා ඇති යෙදවුම් සඳහා වන ආරක්ෂක ප‍්‍රමිති මාර්ගෝපදේශයන්ට ද අනුකූල වේ. එමෙන්ම PayMaster යෙදවුම Google Play Store” Apple App Store සහ Huawei Store වෙතින් පහසුවෙන් බාගත කළ හැක.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link