පුවත්

නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශයන් වෙත ගුණාත්මත සෞඛ්‍යසේවාවක් ලබා දීම උදෙසා Medihelp රෝහල් සමූහය Central Medical Centre සමඟ එක්වෙයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය නුගේගොඩ සහ ඒ අවට ප‍්‍රදේශ වෙත ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමේ අරමුණෙන් MediHelp hospitals හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි. මෙම නව හවුල්කාරිත්වය හරහා 132 එස්. ද එස්. ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ජනතාව සඳහා දැරිය හැකි මිලකට උසස් තත්වයේ මූලික සෞඛ්‍ය සේවා ලබා ගත හැකි වනු ඇත.

අභියෝගාත්මක ආර්ථික පසුබිම තුළ ඵැාසයැකච රෝහල් සමූහය සිය සේවා ජාලය රට පුරා ව්‍යාප්ත කරන්නේ ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කිරීම සඳහාය. MediHelp රෝහල් සමූහය Central Medical Centre ප‍්‍රතිසංස්කරණය කර නවීනතම වෛද්‍ය උපකරණ සහ පහසුකම් සමඟ ඊට නව මුහුණුවරක් ලබාදෙනු ඇත. නුගේගොඩ MediHelp hospitals වෙතින් ලබා ගත හැකි සේවාවන් පිලිබඳව වැඩි විස්තර 0112 281281 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

වසර ගණනාවක් පුරා ඵැාසයැකච රෝහල් සමූහය එහි සේවාවන් රෝගීන්ගේ රෝගීතත්වයන්ට ගැලපෙන අයුරින් උපරිම සෞඛ්‍ය සේවාවක් සැපයීම වෙනුවෙන් ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් කණ්ඩායමක් යොදවා ඇත. MediHelp රෝහල් සමූහයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් හේතුවෙන් රෝගීන් අතර අංක එකේ තේරීමක් බවට මේ වන විට පත්ව ඇත.

” Central Medical Centre මෙන්ම විශේෂයෙන් දශක හතරකට අධික කාලයක් සුව සේවා ක්ෂේත‍්‍රය තුළ කීර්තිමත් ගෞරවනීය චරිතයක් වූ වෛද්‍ය සරත් පරණවිතාන මහතා සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ පරම්පරා ගණනාවක රෝගීන් විශ්වාසය තබා ඇති සෞඛ්‍ය සේවා විශේෂඥයකු මෙන්ම වෛද්‍යවරයකු සහ වසර 37කට අධික කාලයක් සෞඛ්‍ය සේවා විශිෂ්ටත්වය ලබාදීමේ පළපුරුද්ද ඇති රටේ වේගයෙන්ම වර්ධනය වන මූලික සෞඛ්‍ය සේවා ජාලය අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය වී තිබෙනවා. මෙම හවුල්කාරිත්වය හරහා නුගේගොඩ සහ ඒ අවට නගරවල ජනතාවට විශ්වාසනීය, පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි වෙනවා.” යනුවෙන් Medihelp රෝහල් සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසුවේය.

Central Medical Center ^Pvt& Ltd හි සභාපති සහ වෛද්‍ය අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය සරත් පරණවිතාන මහතාට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වසර 45 කට වැඩි පළපුරුද්දක් ඇති අතර MBA උපාධි දෙකක් හිමිකරගත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ එකම විශේෂඥ වෛද්‍යවරයා ඔහුයි. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිළිබඳ MBA උපාධියක් සහ එක්සත් රාජධානියේ Cardiff Metropolitan University වෙතින් MBA උපාධියක් ඔහුට හිමිය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවුල් සෞඛ්‍ය, ළමා සෞඛ්‍ය පිළිබඳ ඩිප්ලෝමාව සහ පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ MD උපාධියක් ලබා ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය සරත් පරණවිතාන මහතා පැවසුවේ, ”වසර ගණනාවක් පුරා Medihelp උසස් තත්වයේ විශ්වාසදායක මූලික සෞඛ්‍ය සේවා ලබාදෙමින් කීර්ති නාමයක් දිනා ඇති අතර අපගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට සහ පුළුල් කිරීමට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටක්. Medihelp රෝහල් සමූහය රෝගීන්ට දැරිය හැකි මිලකට, ගුණාත්මක මූලික සෞඛ්‍ය සේවාවන් වෙත ඇති ප‍්‍රවේශය පුළුල් කරමින් රෝගීන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කරනවා.” යනුවෙනි.

Related posts
පුවත්

බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේ දී රිදී සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ…
Read more
පුවත්

ලෝක දෘෂ්ටිමිතික සතියට සමගාමීව අක්ෂි සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා විෂන් කෙයා විසින්  "Vision Care Primary Eye Screening Program" දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි…
Read more
පුවත්

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

1 Comment

Leave a Reply

Your email address will not be published.