පුවත්

සිඞාලේප, ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි

ශ්‍රී ලාංකීය ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා ඇති හෙට්ටිගොඩ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගම, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා තේරී පත් වු ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සහ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සහ ආර්. ඩබ්. එම්. ඒ. එච්. ඩී. රාජකරුණා මහතා මහතා ඇගයීමට ලක් කිරීමේ උළෙලක් පසුගියදා ගල්කිස්ස සි`ඞාලේප අනර්වා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි.

ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800), දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල විසි කිරීම), අනුර දර්ශන (පිරිමි මීටර් 400) ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ ශාරීරික සුවතාවය පවත්වාගෙන යාමට අත්වැලක් වීමේ අරමුණ ඇතිව, සිඞාලේප ආයුර්වේද නිෂ්පාදන හා සිඞාලේප ආයුර්වේද සායනයේ සත්කාර ලබා ගැනීමට අවස්ථාව හා මූල්‍යමය ත්‍යාග පිරිනැමීම මෙහි දී සිදු කෙරුණි.

හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයෙහි ගරු සභාපති අසෝක හෙට්ටිගොඩ මහතා මෙහි දී සඳහන් කරන ලැබුවේ අප ආයතනය ජනතාවගේ යහජීවනය උදෙසා කැපවෙන ආයතනයක් වශයෙන් 2024 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරනුයේ මහත් අභිමානයෙන් බවයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ වැදගත්ම සන්ධිස්ථානයක් සටහන් වන මෙම අවස්ථාව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නොමද උත්සාහයේ හා අඛණ්ඩ පුහුණුවීම්වල ප්‍රතිඵලයක් බවද සඳහන් කළේය. එසේම ඔවුන්ගේ අසහාය ක්‍රීඩා කෞෂල්‍ය ගැන ඉතා විශ්වාසයෙන් පසුවන අප ආයතනය මාතෘ භූමිය පෞඪත්වය කරා රැගෙන යාමට ඔවුන්ට සුභාශිංසන ද එක් කළේය.

වසර 90ක් වු දීර්ඝ ආයුර්වේද ඉතිහාසයකට හිමිකම් කියන හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය මෙම ශූරයින් සවිබල ගැන්වීම සමස්ත ජාතියම දිරි ගැන්වීමේ ප්‍රයත්නයක් ලෙස විශ්වාස කරයි.

Related posts
පුවත්

ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවෙන් නව වෘත්තීය අවස්ථා

ඔස්ට්‍රේලියානු හෙද වෘත්තියට…
Read more
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link