පුවත්

ශ්‍රී ලාංකික තරුණයන්ට  ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින්  IIHS හා Akutagawa HRM එක් වේ

International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක් වී ශ්‍රී ලාංකික තරුණයන්ට ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කර දීම අරමුණු කර ගත් අධ්‍යාපන හා රැකියා වැඩසටහනක් අරඹයි. “Japanese Care Professional Programme” ලෙස හඳුන්වන මෙම වැඩසටහන අධ්‍යාපනයේ සිට ජපානයේ රැකියාවක් දක්වා පැහැදිලි හා ප්‍රායෝගික ගමන් මාර්ගයක් සකමින් ජපානයේ වැඩි වෙමින් පවතින සත්කාරක සේවා අවශ්‍යතාවට පිළිතුරක් ලෙස හඳුන්වා දී තිබේ. ජපානයේ වයෝවෘද්ධ ජනගහණය වේගයෙන් ඉහළ යාම සහ දේශීය සේවක පිරිස අඩු වීම හේතුවෙන් සත්කාරක සේවකයන් 430,000කට අධික හිඟයක් පවතියි. මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෘත්තීයවේදීන්ට දිගු කාලීන රැකියා අවස්ථා විශාල වශයෙන් විවෘත වී ඇති අතර ශ්‍රී ලාංකික තරුණයන්ටද එම අවස්ථා සැපැයීම මෙම වැඩසටහනේ අරමුණ වේ. එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල සංක්‍රමණ ක්‍රියාවලි තව දුරටත් දැඩි වෙමින් පවතින පසුබිමක මෙම වැඩසටහන ජපානයේ “Specified Skilled Worker (SSW)” වීසා ක්‍රමවේදය මත පදනම් වී නිර්මාණය කර ඇත. එය භාෂා දැනුම, ප්‍රායෝගික කුසලතා සහ වෘත්තීය සූදානම කේන්ද්‍ර කර ගත් ක්‍රමවේදයකි.

මෙම වැඩසටහන සාමාන්‍ය පුහුණු පාඨමාලාවකට වඩා වැඩි දියුණු වෘත්තීය මාර්ගයක් ලෙස සැළැසුම් කර ඇති අතර සෞඛ්‍ය අධ්‍යාපනය, ජපන් භාෂා පුහුණුව සහ සංස්කෘතික සූදානම එක් කළ වසර හතරක වැඩසටහනක් ලෙස  ක්‍රියාත්මක වේ. එමඟින් ජපානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඉහළ වෘත්තීය මට්ටම් සහ හෙද වෘත්තීය අවස්ථා දක්වා ඉදිරියට යා හැකි මාර්ගද විවෘත වේ. වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ ඉහළ ආදායම් ලැබීමේ හැකියාවයි. ආරම්භක මාසික වැටුප රුපියල් 450,000ක් පමණ වන අතර වසර පහක් තුළ වාර්ෂිකව රුපියල් මිලියන 5.4කට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතියි. අත්දැකීම් සමඟ ඉහළ වැටුප් සහ වෘත්තීය උසස්වීම් ලැබිය හැකිය.  ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) ඇතුළු ආයතන මූල්‍ය පහසුකම් සපයන අතර පහසු ගෙවීම් ක්‍රම යටතේ සිසුන්ට මෙම වැඩසටහනට එක් වීමේ අවස්ථාව ඇත. නොමිලේ නවාතැන් පහසුකම්, නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර, වීසා, ස්ථිර පදිංචිය, පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමේ අවස්ථාව ආදී වාසි රැසක් මෙම වැඩසටහන හරහා ලැබිය හැකිය. මෙම අවස්ථාව පිළිබඳ IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ මෙම වැඩසටහන කුසලතා මත පදනම් වූ වෘත්තීයමය ජාත්‍යන්තර ගමන් මාර්ගයක නව ආරම්භයක් බවයි. යුමා අකුටගාවා මහතා සඳහන් කළේ ජපානයේ සේවක හිඟයට විසඳුම් දීමට ජාත්‍යන්තර හවුල්කාරිත්ව ඉතා වැදගත් වන බවත්, ඒ සමඟ ශ්‍රී ලාංකික තරුණයන්ට ස්ථාවර වෘත්තීය අවස්ථා නිර්මාණය වන බවත්ය.

Related posts
පුවත්

අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්

අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ…
Read more
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link