ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන 15කට අධික හිඟයකට මුහුණ දෙමින් සිටින අතර වයස්ගත ජනගහණය, ඉහළ යන සෞඛ්‍ය අවශ්‍යතා, සෞඛ්‍ය සේවා ක්‍රමවේදවල වේගවත් වෙනස්කම් සහ මානව සම්පත් හිඟය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය පද්ධති දැඩි අභියෝගයකට ලක් වී තිබේ. එවැනි ගෝලීය අර්බුදයක් මතු වීමට බොහෝ කලකට පෙර සිට ශ්‍රී ලංකාව ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයට දායක වන ප්‍රමුඛ රටක් බවට පත් කිරීමේ දැක්මක් සමඟ කටයුතු කළ පුද්ගලයා වන්නේ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාය. IIHS Multiversity නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර දෙකකට අධික කාලයක් පුරා හෙද අධ්‍යාපනයේ නව පරිවර්තනයක් ඇති කළ වෛද්‍ය එදිරිසිංහ මහතා “Work-Ready Global Nursing Professional” යන සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. ඒ හරහා අධ්‍යාපනික වශයෙන් ශක්තිමත්, සායනිකව දක්ෂ, ගෝලීය පරිසරයට ගැළැපෙන සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළට සූදානම් හෙද වෘත්තිකයන් බිහි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර හෙද ඩිප්ලෝමාව, ප්‍රථම ජාත්‍යන්තර Nursing Top-Up Degree, ප්‍රථම ජාත්‍යන්තර හෙද ශාස්ත්‍රපති උපාධිය සහ හෙද ක්ෂේත්‍රයේ ප්‍රථම ආචාර්ය උපාධිය ඇරැඹීමට IIHS සමත් විය. මෙම වැඩසටහන් හරහා රජයේ හෙද සේවකයන් ඇතුළු ශ්‍රී ලාංකික හෙද වෘත්තිකයන් 4,500කට අධික පිරිසකට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහ ගෝලීය වෘත්තීය අවස්ථා හිමි විය.
එමෙන්ම Deakin University, Metropolia University of Applied Sciences, Coventry University හා University of Surrey වැනි ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර හෙද අධ්‍යාපන මාර්ගගත සම්බන්ධතා ස්ථාපිත කිරීමටද වෛද්‍ය එදිරිසිංහ මහතා කටයුතු කළේය. මෙම සහයෝගීතා හරහා ශ්‍රී ලාංකික හෙද සිසුන් දහස් ගණනකට ජාත්‍යන්තර උපාධි, විදේශ විශ්ව විද්‍යාලවල මාරු අවස්ථා, දියුණු සෞඛ්‍ය පද්ධතිවල අත්දැකීම් සහ ගෝලීය රැකියා මාර්ග වෙත ප්‍රවේශය හිමි විය. වර්තමානයේදී IIHSහි පුහුණුව ලැබූ හෙද වෘත්තිකයෝ 2,500කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, යුරෝපය, කැනඩාව ඇතුළු සංවර්ධිත රටවල සෞඛ්‍ය පද්ධතිවල සේවය කරමින් ගෝලීය සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමේ කාර්යයට දායක වෙමින් සිටිති. එමඟින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එමින් ජාතික ආර්ථිකයටද වැදගත් දායකත්වයක් සපයයි. එසේම National Health Service, Care England, General Medical Council, Nursing and Midwifery Council, Australian Health Practitioner Regulation Agency සහ Valvira වැනි ජාත්‍යන්තර සෞඛ්‍ය සහ නියාමන ආයතන සමඟ ඇති සහයෝගීතා හරහා IIHS ගෝලීය පිළිගැනීම තව දුරටත් ශක්තිමත් කර ගෙන ඇත. මෙම සියලු ජයග්‍රහණ හරහා වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා IIHS Multiversity ආයතනය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනයක් නොව ගෝලීය සෞඛ්‍ය මානව සම්පත් සංවර්ධනය සඳහා කැප වුණු ප්‍රමුඛ “Global Health University” එකක් ලෙස ස්ථාපිත කර ඇත.
(2026 ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙනි.)


