ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල අතරින් ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදු කරන මෙම කාලාන්තර ආයතනික සමාලෝචනය විශ්ව විද්‍යාල තක්සේරු කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වඩාත්ම සවිස්තරාත්මක ක්‍රියාවලිවලින් එකකි. පාලනය, කළමනාකරණය, මූල්‍ය ස්ථායීතාව, යටිතල පහසුකම්, අධ්‍යයන සැළැසුම්කරණය, තත්ත්ව සහතිකකරණය, ඉගැන්වීම් හා පර්යේෂණ සඳහා කාර්ය මණ්ඩල ශක්තිය යන මූලික ක්ෂේත්‍ර හයක් යටතේ විශ්ව විද්‍යාල මෙහිදී ඇගැයීමට ලක් කරයි. මෙම රාමුව හමුවේ KIU සරසවිය සෑම අංශයකම ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කරමින් ජාතික මට්ටමේ ප්‍රමිති ඉක්මවා යාමට සමත් වී ඇත.
මෙම ඉහළ ඇගැයීම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී පමණක් නොව පාඨමාලා මට්ටමින්ද පිළිබිඹු කර ඇත. BSc Hons in Bio Medical Sciences උපාධි පාඨමාලාව 93.7%ක අගයක් වාර්තා කරමින් රටේ ඉහළම ශ්‍රේණිගත පාඨමාලා අතරට පත් වී ඇති අතර BSc Hons in Psychology උපාධි පාඨමාලාව 83.78%ක අගයක් වාර්තා කරමින් KIU සරසවියේ අධ්‍යයන තත්ත්වය තව දුරටත් ශක්තිමත් කරයි. ගණකාධිකරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය ඇතුළු අනෙකුත් අංශවලදීද KIU සරසවිය අපේක්ෂිත ප්‍රමිති අඛණ්ඩව සපුරමින් ශක්තිමත් හා සමබර අධ්‍යයන පද්ධතියක් තහවුරු කර ඇත.
සිසුන්ට හා දෙමාපියන්ට මෙය සැබෑ සහතිකයක් ලෙස හඳුන්වා දිය හැකිය. KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ (MOHE) අනුමැතිය සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිළිගත් ආයතනයක් වන අතර ශ්‍රී ලංකා සුදුසුකම් රාමුව (SLQF) සමඟ අනුකූල වෙමින් ජාත්‍යන්තර ප්‍රමිති පදනම් කර ගත් අධ්‍යාපනයක් ශ්‍රී ලංකාවේදී සැපැයීමට අවශ්‍ය කටයුතු නිරන්තරයෙන් සම්පාදනය කරයි. KIUහි බොහෝ සිසුන් විදේශීය විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා පූර්ණ ශිෂ්‍යත්ව හිමි කර ගෙන ඇති අතර සරසවියෙන් බිහි වන උපාධිධාරීන් විවිධ කර්මාන්ත හා අධ්‍යයන ක්ෂේත්‍රවල ඉහළ රැකියා සුදුසුකම් අඛණ්ඩව පෙන්නුම් කරයි. පන්ති කාමරයෙන් ඔබ්බට යමින් ගෝලීය අවස්ථා හා දිගු කාලීන වෘත්තීය ජයග්‍රහණ වෙත මං විවර කරන අධ්‍යාපනයක ස්වරූපය මේ ප්‍රතිඵල හරහා මනාව තහවුරු වේ. අමාත්‍යාංශය මෙහෙයවන මෙම සමාලෝචන ක්‍රියාවලිය මඟින් රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ජාතික අපේක්ෂාවලට අනුකූලව ක්‍රියා කරන බව සහතික කරන අතර KIUහි ප්‍රතිඵල මඟින් පෞද්ගලික ආයතනවලටද එම ප්‍රමිති සැපිරිය හැකි බව පමණක් නොව ඉක්මවාද යා හැකි බව සනාථ කර තිබේ. මෙය හුදු ලකුණු සංඛ්‍යාවක් පමණක් නොව පැහැදිලි දැක්ම, අඛණ්ඩ කැප වීම හා ගුණාත්මකභාවය එක් කළ විට කෙටි කාලයකින් ජයග්‍රහණ ලැබිය හැකි බවට ප්‍රබල සාක්ෂියකි.


