ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදකයා වන Link Natural Products (Pvt.) Ltd විසින් සිය ප්‍රධානතම ශාක ඖෂධීය නිෂ්පාදනය සහ ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ප්‍රථම වරට ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවට නිවේදනය කරන ලදී.
මෙම හඳුන්වාදීම හරහා ලින්ක් නැචුරල්, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිය ව්‍යාපාරික ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් කරා පැමිණීමද විශේෂත්වයකි.
Costco වෙළඳසැල් ජාලය, ඇමරිකානු බහුජාතික සමාගමක් වන අතර එය 2022 වසර වන විට ලෝකයේ පස්වන විශාලතම වෙළඳසැල් ජාලයද විය. Fortune 500 සමාගම් ලැයිස්තුගත කිරීම් වලට අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ විශාලතම සමස්ථ ආදායම් ලබන සමාගම් ලැයිස්තුවේ 11 වන ස්ථානයද Costco සමාගම විසින් හිමිකරගෙන ඇත.
Link Natural Products (Pvt.) Ltd හි සභාපති ආචාර්‍ය නුගවෙල මහතා මෙම ජාත්‍යන්තර ව්‍යාපාරික ජයග්‍රහණය අත්කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ජපානයේ Costco වෙළදසැල් ජාලය සඳහා අපගේ ප්‍රමුඛතම සන්නාමය හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. මේවන විට ලොව පස්වන විශාලතම සුපිරි වෙලළඳසැල් ජාලය ලෙස පිළිගැනීමට ලක්ව ඇති Costco වෙළඳසැල් ජාලයේ, උසස් තත්ත්වයේ තරඟකාරී නිෂ්පාදන හා, ලෝකයේ ප්‍රමුඛතම වෙළඳනාම අතරට දැන් ලින්ක් සමහන් ද ඇතුළත්ව තිබෙනවා.”
“Costco සුපිරි වෙළඳසැල් ජාලය සතුව පවතින දැඩි තත්ත්ව ප්‍රමිතීන් යටතේ අපගේ නිෂ්පාදන සඳහා අනුමැතිය හිමි වීම අපගේ නිෂ්පාදනවල ගුණාත්මක බවට තවත් සාක්ෂියක්. එය අපගේ සන්නාමයට විශාල ගෞරවයක් වගේම අපගේ රටට ද විශාල ආඩම්බරයක්. Costco හි වෙළඳ ජාලයට එක්වීම, ගෝලීය වශයෙන් විශ්වාසය දිනූ ශාකමය සෞඛ්‍යසත්කාරක නිෂ්පාදනයක් ලෙස ලින්ක් සමහන් ව්‍යාප්ත කිරීමට අප ගන්නා ගමන් මඟට විශාල ශක්තියක්” බව වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්‍ය නුගවෙල මහතා සඳහන් කළේය.
ලින්ක් නැචුරල් හි ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, 100% ක්ම ස්වභාවික ශාකසාර ගුණය අඩංගු ඖෂධීය පානයකි. එය පීනස සහ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග සඳහා අත්දුටු පිළියමක් ලෙස පරම්පරා ගණනාවක් සම්ප්‍රදායිකව භාවිතා කරනු ලබන ආයුර්වේද ඖෂධ 14ක සාරයෙන් නිපදවා ඇත.
ලින්ක් සමහන් පළමු වරට 1995 වසරේ දී වෙළදපොළට හඳුන්වා දී ඇති අතර දශක තුනකට ආසන්න කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාසය දිනාගනු ලැබූ දේශීය සන්නාමයක් බවට පත්වී ඇත. ජාත්‍යන්තර වශයෙන්ද ලින්ක් සමහන් යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, මැදපෙරදිග සහ ජපානය ඇතුළු රටවල් 30කට අධික සංඛ්‍යාවකට අපනයනය කිරීමද විශේෂත්වයකි.
යොකෝහමා හි ලින්ක් නැචුරල් අලෙවි නියෝජිත, Ceylon Family Co.Ltd හි සභාපති ක්‍රිශාන්ත චන්ද්‍රපෙරුම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය, “ජපාන පාරිභෝගිකයින් තුළ ශාකෞෂධීය නිෂ්පාදන සඳහා විශාල උනන්දුවක් ඇති වෙමින් පවතිනවා. කෙසේවෙතත්, ජපානයේ ආහාර සුරක්ෂිතතා නීති රීති පුළුල්ව බලාත්මක කර තිබෙනවා. ඒ වගේම දැඩි ගුණාත්මක තත්ත්ව පාලනයන් යටතේ අනුමැතිය හිමිවන නිෂ්පාදන පමණක් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට අවසර ලබා දෙනවා. වර්තමානය වන විට ලින්ක් සමහන් විශ්වාසනීය නිෂ්පාදනයක් ලෙස ජපන් පාරිභෝගිකයින් අතර ජනප්‍රිය වෙමින් තිබෙනවා”.
Ceylon Family Co. Ltd හි අලෙවි විධායක මාරි රෝ, මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පැවසීය. “Costco කණ්ඩායම සමහන් කෙරෙහි දක්වනු ලැබූ උනන්දුව පිළිබඳව අප සතුටට පත් වුණා. මෙම හඳුන්වාදීමත් සමඟ සමහන් නිෂ්පාදන ටෝකියෝ සහ ඔසාකා ඇතුළු ජපානය පුරා ව්‍යාප්ත Costco වෙළඳසැල් 31 කින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. පාරිභෝගික අවශ්‍යතාවයන් සපුරාලමින්, සමහන් මේ වන විට Kaldi Coffee සහ Aeon වැනි වෙළඳසැල් ජාල වලින්ද ලබා ගැනීමේ හැකියාව ඇත”.
පාරිභෝගිකයින් වෙත ඉහළම තත්ත්වයෙන් යුත් නිෂ්පාදන ලබා දීම සඳහා ලින්ක් නැචුරල් සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරාවට විශාල සැලකිල්ලක් දක්වනු ලබයි. සියළුම ශාකමය අමුද්‍රව්‍ය ඉතා සුපරික්ෂාකාරීව ලබා ගන්නා අතර නවීන හා විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ එහි ගුණාත්මකභාවය තහවුරු කරනු ලැබේ. උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධීය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා සමාගම සිය වගාකරුවන් සමඟ සමීපව වගා වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වැඩඩසටහන් හරහා උසස් තත්ත්වයෙන් යුත් ඔසු අමුද්‍රව්‍ය සපයමින් හා ගුණාත්මක කෘෂිකාර්මික භාවිතයන් (Good Agriculture Practice – GAP) අනුගමනය කරමින් ක්‍රමානුකූලව ඔසු වගා කිරීමට සමාගමට හැකිවී තිබීම තවත් සුවිශේෂී කාරණාවකි.
අමුද්‍රව්‍ය, අතරමැදි නිෂ්පාදන සහ අවසන් නිෂ්පාදිත වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම, අති නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විතව පවතින ලින්ක් නැචුරල් තත්ත්ව පාලන රසායනාගරයේදී (Quality Assurance Laboratory) සිදු කරනු ලබයි. ලින්ක් නිෂ්පාදන, ජාත්‍යන්තර මට්ටමින් පිළිගනු ලබන දැඩි තත්ත්ව පරීක්ෂාවන්ට සුදුසු බවට සහතික කිරීම සඳහා සෑම කාණ්ඩයකින්ම සාම්පල විශිලේෂණය කිරීමද මෙහිදී සිදු කෙරේ.
“මේ වන විට අප මහද්වීප පහක් පුරා විවිධ වූ වෙළඳ පොළවල් වෙත ව්‍යාප්ත වී ඇත. ලින්ක් සමහන්, ගෝලීය වශයෙන් පාරිභෝගික ආදරය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත අපගේ නිෂ්පාදන හඳුන්වාදීම, ලින්ක් සමහන් ගෝලීය වශයෙන් විශ්වාසනීය සන්නාමයක් බවට පත්කිරීමට අප යන ගනමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි”. මේ පිළිබඳ අදහස් දක්වමින් ලින්ක් නැචුරල් ආයතනයේ අපනයන හා නියාමන කටයුතු පිළිබඳ ප්‍රධානී වන චමරි වික්‍රමතිලක පැවසුවාය.
තවද, ලින්ක් නැචුරල් ආයතනයේ සියළුම නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා අති සුපරික්ෂාකාරී ආහාර සුරක්ෂිතතා ක්‍රමවේදවලට අනුගතවූ යහපත් නිෂ්පාදන ක්‍රියාවලීන් අනුගමනය කරයි. ලින්ක් නැචුරල් නිෂ්පාදනාගාරය ISO 9001, ISO 14001, ISO45001, ISO 50001, HACCP, GMP සහ FSSC 2200 යන තත්ත්ව ප්‍රමිති සහතික වලට හිමිකම් කියන නිෂ්පාදනාගාරයකි.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Your article helped me a lot, is there any more related content? Thanks!
Thank you for your shening. I am worried that I lack creative ideas. It is your enticle that makes me full of hope. Thank you. But, I have a question, can you help me?