පුවත්

ස්වාභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර දිවිපෙවතකට Mas Organix ගාල්ලේ දී විවෘත විය

සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවිතයක් යනු, ශ්‍රී ලාංකිකයන්ට එතරම් අපහසු කරුණක් නොවන්නේ අතීතයේ පටන්ම සිරුරට හිතකර ජීවන රටාවකට පුරුදුව සිටි බැවිනි. පෝෂණ සහ රූපලාවන්‍ය ආරක්‍ෂා කර ගැනීමට ආහාරය ඖෂධයක් කරගත් මුතුන් මිත්තන් තම ගෙවත්තේම තමාට අවශ්‍ය ආහාර වගාකර දිගු හා නීරෝගී ජීවිතයක් ගත කළ බව නොරහසකි. ඒ අනුව පසුගිය දා ගාල්ලේ Mini mart හී දී Mas Organix විවෘත කරන ලදී. පැමිණ සිටි අමුත්තන්ගෙන් එය තවත් වර්ණවත් විය. “ස්වාභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර දිගු ආයුකාලයක් සඳහා ආයෝජනයක්” යන අදහස ප්‍රවර්ධණය කිරීමට Mas Organix බලාපොරොත්තු වේ.
අංක 217 කොළඹ පාර මහ මෝදර, ගාල්ල යන ස්ථානයේ වායුසමීකරණය කරන ලද Mini mart හි පිහිටා ඇත. එකම වහලක් යටින් කාබනික නිෂ්පාදන (Organic) රාශියක් ලබා ගැනීමට Mini mart හි Mas Organix පහසුකම් සලසා දෙයි. ශ්‍රී ලංකාවේ පවතින දුර්ලබ නිෂ්පාදන රැසක් මෙහි ඇතුලත් වේ. ඒ අතරAnciant Nutra, Apex Aura, Coconut Miracle, Natural bee honey සහ Radha Lanka දේශීය නිෂ්පාදන මෙහිදී ලබාගත හැක. එයට අමතරව ලංකාවේ දකුණු වෙරළට ආවේණික බොහෝ නිෂ්පාදන ලබාගත හැකි වීම ද විශේෂයකි.
“ශ්‍රී ලංකාව දේශීය නිෂ්පාදන වලින් බහුල ලෙස ආශිර්වාද ලබන රටක්, එය අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව හා බද්ධ වී ඇත. Mas Organix හි අපි තරයේ විශ්වාස කරන්නේ සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ජීවිතයක් සඳහා ස්වාභාවික ආහාර පිළියමක් බවයි. කාබනික නිෂ්පාදන මිල අධික සහ සොයා ගැනීම අපහසු බවට වැරදි මතයක් ඇත. එම මිත්‍යාව බිඳ දමා අපගේ Mas Organix හි නිෂ්පාදන පෙළක් සොයාගත හැකි බව අපගේ පාරිභෝගිකයන්ට සහතික වීම අපගේ උත්සාහයයි.” Mini martහි නිර්මාතෘ සමාලි ද සිල්වා මෙම අදහස් දැක්වීය.
Mini mart – Mas Organix හි දී කළු හීනටි, සුවඳැල්, පච්චපෙරුමාල්, හැංගිමුත්තන්, රන් කහවනු, මඩකවාලු සහ තවත් බොහෝ පාරම්පරික දේශීය සහල් මිළදී ගැනීමට හැකිය. විවිධ රෝග සඳහා විශේෂිත ආයුර්වේද ඖෂධීය කැඳ සහ කරපිංචා, කුරුඳු, වෙනිවැල් සහ බෙලිමල් වැනි ඖෂධීය පාන වර්ගද මෙහි තිබේ. ස්වභාවික කුළු බඩු, කාබනිකව ලබා ගත් මී පැනි, කුරුඳු තෙල් සහ කුඩු අනෙකුත් ජනප්‍රිය නිෂ්පාදන අතර වේ.
පරිභෝජන ද්‍රව්‍ය හැරුණු විට සබන් වර්ග සහ ස්ක්‍රබ්, බොඩිවොෂ් වැනි ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකට Mas Organix හිමිකම් කියනු ලබයි. Mas Organix විසින් බොහෝ දේශීය නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට වේදිකාවක් සපයමින් සහාය දක්වයි.
තම ගමනාන්තයේ දී නැවත තම නිවස බලා යන සංචාරකයින් ට මතක සැමරුමක් ලෙස තම නිවසට ගෙන යාමට විවිධ දේ සොයනා අතර අපට නිරන්තරයෙන් ඔවුන්ගේ එම අවශ්‍යතාව සපුරාලීමට හැකිවනු ඇත. එබැවින් මෙම අරමුණ මූලික කොට විශේෂයෙන් ඇසුරුම් කළ හැකි පෙට්ටි ඒ සඳහා සකස්කර තිබේ. මෙම පරිභෝජන ද්‍රව්‍ය හැරුණු කොට Mas Organix සතුව නිර්මාංශ හෝ සත්ව ආහාර වලින් තොර ජීවන රටාවක් ඇති විශාල විදෙස්ගත ප්‍රජාවකට ඵ්ි ධරට්බසං තම භාණ්ඩ සපයන බව සමාලි ද සිල්වා තවදුරටත් පැවසීය.
දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන අතරම දකුණේ සහ දිවයින පුරා අනෙකුත් ප්‍රදේශ වලට ද මෙම නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට Mas Organix බලාපොරොත්තු වේ.
වැඩි විස්තර සඳහා වෙළඳපොලට හෝ www.masorganix.com වෙබ් අඩවියට පිවිසෙන්න.

Related posts
පුවත්

සිඞාලේප, ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි

ශ්‍රී ලාංකීය ආයුර්වේද ක්ෂේත්‍රයේ…
Read more
පුවත්

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරාගැනීමට දොර විවර කරයි

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය…
Read more
පුවත්

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

2 Comments

Leave a Reply

Your email address will not be published.