පුවත්

ලින්ක් නැචුරල් වෙතින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට නවතම ශාකෞෂධීය නිෂ්පාදනයක්

ලින්ක් නැචුරල් සමාගම විසින් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඒ ආශ්‍රිත දැඩි පීඩාකාරී වේදනාවන්ට ඉක්මන් සහනයක් ගෙන දෙන අද්විතීය ශාකෞෂධීය ගුණයෙන් යුත් සිය නවතම නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ආලේපනය පසුගියදා හඳුන්වාදෙන ලදී.   

  • වසර 04 ක් පුරා සිදු කරන ලද පුළුල් පර්යේෂණ පදනම් කරගනිමින් නිෂ්පාදනය කරන ලද මස්පිඬු පෙරළීම් වැළැක්වීම සඳහා අසමසම ශාකෞෂධීය නිපැයුමකි
  • නවීන විද්‍යාව සමග ආයුර්වේදීය දැනුම මුසුකරමින් නව නිෂ්පාදන වැඩි දියුණු කරන ලින්ක් නැචුරල් සතු ප්‍රවීණත්වයේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයකි
  • මෙම නව නිපැයුම, ලින්ක් නැචුරල් සමාගම සතු වේදනාවන්ට සහනය දෙන ශාකෞෂධීය නිෂ්පාදන පෙළ තවදුරටත් ශක්තිමත් කරයි
  • ලින්ක් නැචුරල් මසල්ගාඩ්; මාංශ පේශී සහ සන්ධිගත වේදනාවලට ඉක්මන් සහනය ලබා දෙන, මාංශ පේශී පෝෂණය කර ශක්තිමත් කිරීම සඳහා පිළියමකි.
  • සමහන් SP බාම්; දිනපතා ඇතිවන කැක්කුම් සහ වේදනාවන්ට ආරක්ෂිත, ඉක්මන් හා ප්‍රත්‍යක්ෂ සහනයක් ලබා දෙන අතර ඔසප් වේදනාවන් සමනය කිරීමට ද ප්‍රයෝජනවත් වේ.

ලින්ක් නැචුරල් යනු නවීන මට්ටමේ පහසුකම් සහිත පුළුල් වූ පර්යේෂණ පදනම් කරගත්, ආයුර්වේදීය දැනුම නවීන තාක්‍ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේදයන් සමඟ මුසු වූ, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයෙන් යුත් ආරක්ෂාකාරී සහ ක්‍රියාකාරී නවෝත්පාදන නිෂ්පාදනය කරනු ලබන සමාගමකි. ලෝකප්‍රසිද්ධ ‘ලින්ක් සමහන්’ සන්නාමය ඇතුළු පාරිභෝගිකභවතුන් හට නීරෝගී සහ දිගු දිවියක් ගත කිරීමට සහය වන තවත් නිෂ්පාදන රැසක නිවහන වන්නේ ලින්ක් නැචුරල් සමාගමයි.

ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් හඳුන්වාදීම හරහා මස්පිඬු පෙරළීමේ වේදනාවෙන් ශාරීරිකව පීඩා විඳින පුද්ගලයින් හට සුවපහසු දිවියක් අත් කර දෙමින් ආයුර්වේද ක්ෂේත්‍රය පිළිබඳ සිය දැනුම සහ ප්‍රවීණත්වය තවත් ඉහළින්ම විදහා දැක්වීමට සමාගම පියවර ගෙන ඇත.

මස්පිඬු පෙරළීම් අද බොහෝ දෙනෙකු මුහුණපාන පොදු ගැටළුවක් බවට පත්වී තිබේ. ඔවුන් එම වේදනාවන් නිහඬව දරා ගනිමින් හෝ තාවකාලික සුවයක් පමණක් ලැබෙන ආලේපන වලට යොමු වී ඇත. එම ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දීමේ දිගුකාලීන අවශ්‍යතාවය හඳුනාගනිමින් ලින්ක් නැචුරල් විසින් හඳුන්වා දුන් ආරක්ෂිත ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් නිෂ්පාදනය, මස්පිඬු පෙරළීම් සඳහා ඉක්මන් සහනයක් ලබා දීමට පමණක් නොව, නිතිපතා සිදුවන මස්පිඬු පෙරළීම් වැළැක්වීමට ද ක්‍රියා කරනු ඇත.

මස්පිඬු පෙරළීම් යනු ක්ෂණිකව සහ ඉබේම සිදුවන මස්පිඬු හිරවී, සංකෝචනය වී හා තදවී ඇතැයි දැනෙන ඉතා වේදනාකාරී තත්ත්වයක් වන අතර එය පුද්ගලයකුගේ සාමාන්‍ය නීරෝගී දිවියට සෘජුවම බලපානු ලබයි. තරුණ හා වැඩිහිටි ප්‍රජාවට රාත්‍රියේදී බොහෝ විට ඇති වන ඉතා වේදනාකාරී මස්පිඬු පෙරලීම් ඔවුන්ගේ නින්දට ද බාධා පමුණුවයි. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද බොහෝ දුරට මස්පිඬු පෙරළීම් වලට මුහුණ පානු ලබයි. එම තත්ත්වය ඔවුන්ගේ දක්ෂතාවයන් ශක්තිමත්ව විදහා පෑමට අනිසි ලෙස බලපෑමක් ඇති කරයි. ඇතමුන්ට එය හේතුවෙන් තමන් මහත්සේ උනන්දුවකින් කරනු ලැබූ ක්‍රීඩාවන්ගෙන් කණගාටුදායක ලෙස සමුගැනීමට තරම් ප්‍රබල වූ ආබාධයන්ට පවා ගොදුරුවීමට සිදුවනු ඇත. වැඩිහිටි පුද්ගලයින් ඔවුන්ගේ දෛනික ජීවිතය තුළදී විවිධ වෙහෙසකාරී ක්‍රියාකාරකම්වල යෙදෙන විට මස්පිඬු පෙරළීම් සිදු විය හැකි අතර එම තත්ත්වය ඔවුන්ගේ සුව දිවියට සහ මානසික සතුටට බලපානු ලබයි.

ශාකෞෂධීය සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදන සඳහා අසමසම සන්නාමයක් ලෙසින් සහ නවීන විද්‍යාව හා තාක්ෂණය සමඟ ආයුර්වේදීය දැනුම පෙරටු කරගත් පුරෝගාමියෙකු ලෙස පිළිගැනීමක් ලබා ඇති ලින්ක් නැචුරල්, මස්පිඬු පෙරළීම්/ සංකෝචනය වීම් වැළැක්වීම සඳහා දිනපතා ආලේප කළ හැකි, භාවිතයට පහසු මෙන්ම මස්පිඬු පෙරළීමේ වේදනාව අවම කරමින් ඉක්මන් සහනයක් ලබා දෙන ආලේපනයක් ලෙස මෙම නවෝත්පාදනය සාර්ථකව නිෂ්පාදනය කර ඇත.    

ක්‍රෑම්ප්ගාඩ් ප්ලස්, සඳහා ආයුර්වේදයේ ප්‍රත්‍යක්ෂ ප්‍රබල ශාකෞෂධීය අමුද්‍රව්‍ය යොදා ගැනීම හේතුවෙන් මස්පිඬු පෙරළීම් වැළැක්වීමට සහ ඊට ඉක්මන් සහනයක් ලබා දීමට හැකිය. ප්‍රතිප්‍රදාහක (Anti-inflammatory), ප්‍රතිභ්‍රාස්‍යය (Anti-spasmodic), මාංශ පේශීවල තෙහෙට්ටුව මඟ හරවන (Anti-fatigue), ප්‍රතිඔක්සිකාරක (Antioxidant), වේදනා නාශක (Analgesic), සහ ස්නායු ආරක්ශක (Neuroprotective) යන ගුණයන්ගෙන් සමන්විත ක්‍රෑම්ප්ගාඩ් ප්ලස්; නිවසේ, ව්‍යායාම මධ්‍යස්ථානයේ, ක්‍රීඩා කටයුතු වලදී හෝ ගමන් බිමන් වලදී ඔබගේ ප්‍රථමාධාර ආම්පන්න අතරට එකතු කර ගත හැකි ප්‍රයෝජනවත් ආලේපනයක් වනු ඇත. එය භාවිත කිරීම මගින් මස්පිඬු පෙරළීමට මුහුණ දෙන පුද්ගලයින්ට වඩාත් සුව පහසු දිවියක් ගත කිරීමට ඉඩ සලසා දෙනු ලබයි.

එම සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත තෙන්නකෝන් මහතා මෙම නිෂ්පාදනය පිළිබඳව මෙසේ අදහස් ප්‍රකාශ කළේය. ”මස්පිඬු පෙරළීම් නිසා ඇතිවන දැඩි වේදනාව හේතුවෙන් ශාරීරිකව කරනු ලබන ක්‍රියාකාරකම් සීමා වෙනවා. ඒ වගේම නින්දට ද බාධා ඇති වෙනවා. ඒ සඳහා අපගේ නව නිෂ්පාදනය වන ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් ඊට හොඳම විසඳුමක් ගෙන දෙමින් මස්පිඬු පෙරළීම් සමනය කිරීමට පමණක් නොව මස්පිඬු පෙරළීමේ වේදනාව වැළැක්වීමට ද භාවිත කළ හැකි ආලේපනයක් ලෙස හඳුන්වා දිය හැකිය. ක්‍රෑම්ප්ගාඩ් ප්ලස් දිනපතා භාවිත කිරීමට සුදුසු ආරක්ෂිත ආලේපනයක් වන අතර, මස්පිඬු පෙරලීම් ඇතුළු ආබාධවලින් පීඩා විඳින ජනතාව හට නීරෝගී සුව පහසු දිවි ගමනක් පවත්වා ගැනීම සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.”

Related posts
පුවත්

සිඞාලේප, ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයයි

ශ්‍රී ලාංකීය ආයුර්වේද ක්ෂේත්‍රයේ…
Read more
පුවත්

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරාගැනීමට දොර විවර කරයි

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය…
Read more
පුවත්

IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.