පුවත්

MediHelp රෝහල් සමූහය සිය18වන රෝහල් ශාඛාව මතුගම නග‌රයට

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් සහ සෞඛ්‍ය සේවා සඳහා මතුගම නගරයේ පවතින අධික ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කරමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය 18වන රෝහල් ශාඛාව මතුගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. මෙය මතුගම නගරයේ ආරම්භ කළ දෙවැනි රෝහල් ශාඛාව විය. අභිනව මතුගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් ඇතුළුව ප්‍රදේශයේ ප්‍රභූන් රැසක් සහභාගී විය.

MediHelp Hospitals සමූහය මීට දශකයකට පෙර මතුගම නගරයට පිවිසි අතර අභිනව ශාඛාව මතුගම නෑබඩ පාරේ පිහිටා ඇත. මෙම ශාඛාවෙහි මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්‍ය අති නවීන වෛද්‍ය උපාංගයන්‌ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්‍රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්‍රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්‍ය , හෙද සහ පරීපූරක වෛද්‍ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්‍යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්‍යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්‍යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා. ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ වඩාත් උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් පාරිභෝගිකයින්ට ලබා දීමටයි. ආරම්භයේ සිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන රෝහල් සමූහයක් ලෙස ජනතාව විසින් අප වෙත තැබූ විශ්වාසය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයෙන් යුතු විශ්වාසදායී සුවසේවා සපයන්නකු ලෙස Medihelp සන්නාමය පෙරට පැමිණ තිබෙනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී උත්සවය ඇමතූ රෝහල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න න මහතා පැවසුවේ “ මීට දශකයකට පෙර මතුගම නගරයට පැමිණි මෙඩිහෙල්ප් හොස්පිටල්ස් සමූහය වඩාත් ප්‍රශස්ත රෝහල් සේවාවක් ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට කටයුතු කලා. කාලයාගේ ඇවෑමෙන් නගරය ජනාකීර්ණ වීමත් සමගම මෙම ප්‍රදේශයේ සහ ඒ අවට ජනතාවගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතාව වර්ධනය වීම සහ  එම අවශ්‍යතාවන් සඳහා තමන්ට වඩාත් විශ්වාසවන්ත රෝහල් සේවා සන්නාමය වෙත ප්‍රවේශ වීමට ඔවුන් නිරතුරුව කටයුතු කලා. එබැවින් මතුගම නගරයෙහි වූ අපගේ පළමු රෝහල් ශාඛාව වෙත පැමිණෙන රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන් වඩාත් පහසුකම් සහිත දෙවැනි රෝහල් ශාඛාවක් මතුගම නගර මධ්‍යයෙහිම ස්තාපිථ කරන්නට අප කටයුතු කළා. ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රය වෙත අඛණ්ඩව දායකත්වය දැක්වීමට හැකි වීම අප ලද මහත් භාග්‍යක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම ඉදිරියේදී මතුගම නගරය ආශ්‍රිතව අප විසින්ස්ථාපිත කළ පළමු ශාඛාව දෙවැනි ශාඛාව මෙන්ම සංවර්ධනය කර වැඩිදියුණු කිරීමට අපි තීරණය කර තිබෙනවා”යනුවෙනි.

Related posts
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link