පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා අනුබද්ධ එක්සත් රාජධානියේ West Minister Foundation for Democracy සංවිධානය මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව වාර්තාවක්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා අනුබද්ධ එක්සත් රාජධානියේ West Minister Foundation for Democracy සංවිධානය විසින් මෙරට සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයවැය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව කරන ලද සමීක්ෂණ වාර්තාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ඉදිරිපත් කළේය.

මෙහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග කලින් හඳුනාගෙන පාලනය කර ගැනීම විශේෂයෙන් වතුකරයේ ජනතාව ,අඩු ආදායම්ලාභී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ළදරුවන්, ගර්භනී මව්වරුන්, වැනි විශේෂ අවධානය සහිත කාණ්ඩ සඳහා සකස් කළ යුතු වැඩසටහන් ආදිය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ අතර ස්වේච්ඡා සේවකයින්ගේ සහාය මේ සඳහා යොදාගත හැකි බවත් ඒ සඳහා ඔවුන්ට අවසානයේ සේවා ඇගයීම් සහතිකයක් ලබාදීමේ වැඩසටහන් ආදිය එම යෝජනා අතර විය.

එම යෝජනා සහ අදහස් මෙන්ම මෙවැනි සමීක්ෂණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන සඳහා වඩාත් වැදගත් බවත් පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද හැකි උපරිමයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා සඳහා වැඩි අවධානයක් යොමුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් වන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය හා එක්ව ඉදිරියට කරගෙන යාමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මියට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

Related posts
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link