පුවත්

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය විවෘත වේ

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය. ආදරය සහ කරුණාව පිරි වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ට පුරවැසියන් පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරමින් ඔවුන් රැක බලා ගැනීම එම ආයතනයේ අරමුණ වේ. විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත Golden Heart Age Care ආයතනයේ කාර්ය මණ්ඩලය සෑම වැඩිහිටියෙකුටම ඉහළ ප්‍රමිතියේ රැකවරණයක් ලැබෙන බව සහතික කරයි. එම ආයතනය හඳුන්වා දී ඇති ප්‍රධාන රැකවරණ පැකේජය සඳහා ගෙවිය යුතු මාසික ගාස්තුව රුපියල් 90,000කි. ඊට වෛද්‍ය පරීක්ෂණ, නිරන්තර පරීක්ෂාව සහ වෙනත් සේවා රැසක් ඇතුළත් වේ. වැඩිහිටියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව අය කරන ගාස්තුව වෙනස් විය හැකිය. විශේෂ අවශ්‍යතා මත පදනම්ව සුවිශේෂ පැකේජ ගැනීමටද පාරිභෝගිකයන්ට හැකිය.

Golden Heart Age Care ආයතනය ජ්‍යෙෂ්ට පුරවැසියන් උදෙසා විවිධ සුබසාදන වැඩසටහන් සංවිධානය කරයි. සමාජ අන්තර්ක්‍රියා වැඩි දියුණු කරන කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ආගමික ස්ථාන නැරඹීමට ඔවුන් කැටුව යාම ඒ අතරින් ප්‍රධාන වේ. ඒ තුළින් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට මානසික මෙන්ම අධ්‍යාත්මික සුවය ලැබේ. වර්තමානයේ බොහෝ දෙනෙකුට කාර්යබහුල ජීවන රටාව නිසා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් රැක බලා ගැනීමට අපහසු බව වටහා ගෙන ඇති එම ආයතනය කෙටි කාලීන සහ දෛනික වැඩිහිටි රැකවරණ සේවාද සපයයි. ඒ තුළින් කෙටි කාලයකට පමණක් වැඩිහිටියන් එම ආයතනයට භාර දීමට හැකිය. Queen රෝහලේ සේවය කරන වෛද්‍යවරු, හෙද නිළධාරීහු සහ අනෙකුත් සුව සේවා වෘත්තිකයෝ රෝගීන්ට විශිෂ්ට සේවයක් සපයති. අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, එක්ස්-රේ වැනි නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත එම රෝහල රත්මලාන, කළුතර, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කටුබැද්ද, මහරගම, අත්තිඩිය, පිළියන්දල වැනි ප්‍රදේශවල ජීවත් වන රෝගීන්ට කොළඹ රෝහල් වෙත නොගොස් උසස් ප්‍රමිතියේ ප්‍රතිකාර පහසුවෙන ලැබීමේ අවස්ථාව උදා කරයි.

Related posts
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය…
Read more
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link