පුවත්

SLT-MOBITEL සුව සහන වෛද්‍ය සේවා කඳවුර මෙවර ගම්පහ දී සංවිධානය කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 2025 මැයි මාසයේ පළමු සතියේදී විශේෂ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට කටයුතු කළේය. ගම්පහ SLT-MOBITEL ප්‍රාදේශීය කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරට ප්‍රදේශවාසීන් 350 කට අධික පිරිසක් සහභාගී වූහ. SLT-MOBITEL හි ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ වැඩසටහන සහ එහි ආයතනික, සමාජයීය සහ ආයතනික පාලන වැඩසටහන් මාලාව යටතේ මෙම සුව සහන වෛද්‍ය සේවා  කඳවුර සංවිධානය කරන ලදී.    

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සෙත්මා රෝහල් පුද්ගලික සමාගම, eChannelling, J.A. විමලසූරිය දෘෂ්ඨි විශේෂඥයින් සහ පරම්පරා  හඳුන්කූරු යන සමාගම් SLT-MOBITEL සමග අත්වැල් බැඳගත්හ. මෙම සෞඛ්‍ය කඳවුරේදී නොමිලේ දියවැඩියා පරීක්ෂාවන්, Electrocardiograms (ECG) පරීක්ෂාවන්, අක්ෂි පරීක්ෂාවන්, රුධිර පීඩන පරීක්ෂාවන්, පෝෂණ උපදේශන සේවාවන්, දේශීය වෛද්‍ය සහ මනෝ  උපදේශණ වෛද්‍ය උපදෙස් ලබාදීම් සිදුකරන ලදී.

සුදුසුකම් ලත් වෛද්‍යවරුන් සහභාගී වූ මෙම සෞඛ්‍ය කඳවුර එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්විණි. මිරිස්වත්ත, ඉඳිගොල්ල, බණ්ඩාරවත්ත, යක්කල, අස්ගිරිය, දොඹවෙල, උඩුගම්පොළ, කිරිඳිවිට, මාකේවිට, බැලුම්මහර, ගනේමුල්ල සහ ගම්පහ යන ප්‍රදේශවල වෙසෙන, නිතිපතා සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අපහසු පුද්ගලයන් විශාල පිරිසක් මෙම සෞඛ්‍ය කඳවුරට සහභාගී වූහ.

මීට අමතරව eChanneling හරහා  ජනතාවට නොමිලේ ඩිජිටල් ක්‍රමයට වෛද්‍ය උපදෙස් ලබාදීමටද SLT-MOBITEL කටයුතු කළේය. කඳවුර පැවැත්වූ දිනය පුරා  තම නිවෙස්වල සිටම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමි විය.

මෙම සෞඛ්‍ය කඳවුර, අර්ථවත් ප්‍රජා සත්කාර වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව මෙන්ම, ජනතාව අතර යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මැනැවින් පිළිබිඹු කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැක. ප්‍රධාන සෞඛ්‍ය කඳවුරට අමතරව ඩිජිටල් ක්‍රමයටද වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව ලබාදීම තුළින් වැඩි පිරිසකට යහපත සැලසීමට SLT-MOBITEL සමාගමට හැකියාව ලැබිණි.

ආයතනික සමාජ වගකීම් සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් SLT-MOBITEL ලබා දී ඇති ප්‍රතිඥාවෙහිම කොටසක් වූ මෙම සෞඛ්‍ය කඳවුර, නව්‍ය තාක්ෂණය සහ සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කිරීම තුළින් ජනතාවගේ ජීවිතවලට අර්ථවත් බලපෑමක් ඇති කළ හැකි ආකාරය මැනැවින් පෙන්නුම් කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි වේ.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link