පුවත්

ඩිමෙන්ෂියා රෝගය පිළිබද දැනුවත් කිරීමට ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ළමා පොතක් එළිදක්වයි

ශ්‍රී  ලංකාව තුල – ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු කළ බව ලංකා ඇල්සයිමර්ස් පදනම පසුගියදා නිවේදනය කළේය.

වයස අවුරුදු අට හෝ ඉහළ දරුවන්ට පරිශීලනය කළ හැකි අලංකාර රූපද සහිතව සැකසුණු මෙම කෘතිය හරහා ඩිමෙන්ෂියා රෝගයේ පළමු අවස්ථාවන් තම පවුලේ ආදරණීයයන්ගෙන්, ඔවුන් සමග එදිනෙදා කටයුතු කිරීමේදී එම ලක්ෂණ  නිරීක්ෂණය කළහොත් ඒ බව හදුනාගැනීමට පහසුව සලසා දී ඇත.

තම පාසල් දිනපොතක ව්‍යාපෘතියේ නිරත වන දරුවෙකුගේ දෑසින් විද්‍යමාන වන මෙම කතාන්දරය, අමතක වීම සහ ඩිමෙන්ෂියාවේ අනෙකුත් මූලික ලක්ෂණ පෙන්නුම් කරන තම ආදරණීය ආච්චිගේ කතාව වටා ගෙතී ඇත. තම ආච්චිගේ හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂණය කරන මෙම දරුවා ඇයගේ දෙමව්පියන්ගේද සහාය ඇතිව මේ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය ක්‍රමක්ක්‍රමයෙන් මේ පිළිබදව තේරුම් ගැනීමට පටන් ගනී. අමතක වීම, ව්‍යාකූලත්වය සහ පෞරුෂත්වයේ සිදුවන වෙනස්කම් වැනි ඩිමෙන්ෂියාවේ රෝග ලක්ෂණ පිළිබදව සරල නමුත් කදිම පැහැදිලි කිරීම් මෙම කෘතියේ අඩංගු වේ.  කරුණාව හා දයාව ලබාදීම  හා ඇයගේ අභිමානය ගරුත්වය ආරක්ෂා වන පරිදි ඇය සමග ජීවත්වීමේ වැදගත්කම මෙහි සදහන් වන අතරම අතීත මතකයන් මෙන්ම ආච්චි හෝ සීයා කුඩා දරුවෙකුගේ ජීවිතයේ සිදු කරනු ලබන වැදගත් භූමිකාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත. සිත්ඇදගන්නා සුළු කතන්දර පැවසීම හරහා අදාළ වයසට ගැළපෙන අයුරින් ඩිමෙන්ෂියාව පිළිබදව පවුලේ සාකච්ඡාව ගොඩනැංගවීමට මෙන්ම ඩිමෙන්ෂියාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ප්‍රජාවගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවට මෙම කෘතිය හරහා තව දුරටත් අවධානය යොමු කර ඇත  .සියලු දෙනාටම මෙම කෘතිය පරිශීලනය කිරීමේ අවස්ථාව උදාකර දෙමින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්ත්වයෙන්ම මෙම කෘතිය ලබා ගත හැකිය.

මෙම කෘතිය එළිදැක්වීමට සමගාමීව පොත් කියවීමේ වැඩසටහන්, පාසල් පුස්තකාලවලට පොත් ලබාදීම සහ ප්‍රජා සාකච්ඡා ඇතුළු දිවයින පුරා ක්‍රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් සංවිධානය කර ඇත. මාස තුනක් තුළ පැවැත්වෙන මෙම වැඩසටහන හරහා ලංකා ඇල්සයිමර්ස් පදනම ශක්තිමත් ප්‍රජා සම්බන්ධතා ජාලයක් ගොඩනැංවීමට බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාව පුරා දරුවන් සහ පවුල්වලට මෙම කෘතිය සමීප කරවීමට කටයුතු කරනු ලැබේ.

ලංකා ඇල්සයිමර්ස් පදනම ඔවුන්ගේ නව වෙබ් අඩවියද මෙම මාධ්‍ය හමුවේදී අන්තර්ජාලයට මුදාහරිනු ලැබුවේය. මෙම වෙබ් අඩවිය හරහා ඩිමෙන්ෂියාව සහ ඇල්සයිමර්ස් රෝගය පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගැනීමේ හැකියාව ඇති අතර ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් සපයන සේවා පිළිබදවද ඒ ඔස්සේ දැනගැනීමට හැකිය. මෙම කෘතියේ ඩිජිටල් ආකෘතිය වෙබ් අඩවියෙන් බාගත කිරීමේ හැකියාව ඇත.

තවද මෙම කෘතිය මරදානේ පිහිටී ලංකා ඇල්සයිමර්ස් පදනමේ  තොරතුරු සහ සම්පත් මධ්‍යස්ථානයෙන් වගේම දිවයින පුරා සියලුම පොත් සාප්පු වලින්ද මිලදී ගත හැක.

ඩිමෙන්ෂියාව පිළිබද දැනුවත් කිරීම සහ උපදේශනය සදහා කැපවී සිටින ශ්‍රී ලංකාවේ පළමු ව්‍යවස්ථාපිත නොවන සංවිධානය වන ලංකා ඇල්සයිමර්ස් පදනම ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජිවිත වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කටයුතු කරයි. සමාජ සේවා අමාත්‍යංශය යටතේ ලියාපදිංචි වී ඇති ලංකා ඇල්සයිමර්ස් පදනම ඩිමෙන්ෂියාව සම්බන්ධයෙන් නොමිලේ දැනුවත් කිරීමේ කටයුතු ,රෝගීන් රැකබලාගන්නන්ට උපදේශන ලබා දීම හා සහය සේවා සැපයීම ,මේ පිළිබදව සමාජයේ ඇති අනිසි බිය දුරු කිරීම සහ වැරදි තොරතුරු නිවැරදී කිරීමේ කටයුතුද සිදු කරනු ලබයි. පදනමේ ප්‍රධාන සේවා අතර මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, මතක පරික්ෂාව, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයින් සදහා ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම, රැකබලාගැනීමේ සහාය කණ්ඩායම් සැපයීම මෙන්ම උපදේශන සේවා පැවැත්වීමද වේ. තවද ඩිමෙන්ෂියාව සම්බන්ධයෙන් සහාය සේවාවවක් පවත්වාගෙන යාම, මාස 04කට වරක් පුවත් සගරාවක් පල කිරීම සහ ඩිමේන්ෂියාවෙන් පෙළෙන අය පහසුවෙන් හදුනාගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා අත් පළදනා සැපයීම වැනි කටයුතුද ලංකා ඇල්සයිමර්ස් පදනම විසින් සිදු කරනු ලබයි. 

මෙම ප්‍රවිෂ්ඨය හරහා  ඩිමෙන්ෂියාවෙන් පෙළෙන අය පිළිබඳව සමාජ අවබෝධය ඉහළ නැංවීම සදහා වැදගත් පියවරක් සනිටුහන් කරන අතර තරුණ පරම්පරාව මේ පිළිබදව දැනුවත් කිරීමෙන් ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සවන් දීම, අවබෝධය සහ සවිබල ගැන්වීම සහතික කරමින් ඒ පිළිබදව යහපත් සංස්කෘතියක් ඇති කිරීමට ලංකා ඇල්සයිමර්ස් පදනම බලාපොරොත්තු වේ.

Related posts
පුවත්

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති…
Read more
පුවත්

SLT-MOBITEL සුව සහන වෛද්‍ය සේවා කඳවුර මෙවර ගම්පහ දී සංවිධානය කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…
Read more
පුවත්

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි

Business World International Organization සංවිධානය කළ BWIO 2025…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link