පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට චර්ම වෛද්‍යවරුන් සහ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් වෙනුවෙන් mesoestetic® සම්මන්ත්‍රණයක් හා වැඩමුළුවක් පැවැත්වීමට පසුගියදා කටයුතු කළේ ය. 2023 මැයි 14 වන දින හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවති මෙම වැඩමුළුවට වෛද්‍යවරු රැසක් සහභාගී වූහ. මෙහිදී චර්ම වෛද්‍ය සේවාවන්ට අදාළ Depigmentation, Peelings, Intradermal Solutions සහ Fillers වැනි ප්‍රතිකර්ම සම්බන්ධ නවතම ප්‍රවණතා පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි.

මෙම සම්මන්ත්‍රණය හා වැඩමුළුව මෙහෙයෙවන ලද්දේ, ලොව සුප්‍රකට දේශකයෙකු, වෛද්‍යවරයෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වන ගේබ්‍රියෙල් අයාලා වෙලාස්ක්වෙස් විසිනි. මෙහිදී ඔහු විසින් අදාළ ක්ෂේත්‍රවල නවතම ප්‍රවණතාවන් විස්තර කිරීමට අමතරව, ළඟදීම ශ්‍රී ලංකාවේ චර්ම වෛද්‍ය සේවා මධ්‍යස්ථානවල භාවිතයට ගැනීමට නියමිත නවතම වෛද්‍ය උපකරණයක් හඳුන්වා දීමද සිදුකරන ලදි. MCT injector නමින් හැඳින්වෙන මෙය, Mesotherapy සහ Carboxytherapy යන ප්‍රතිකර්මවල සංයෝගයකි. මෙමගින් මුහුණ හා ශරීරය සඳහා සිදුකරන ප්‍රතිකර්ම වර්ග කිහිපයක් වේදනාවෙන් තොරව සහ වඩාත් සුරක්ෂිත ලෙස සිදුකළ හැකි වේ.

“mesoestetic® ප්‍රතිකර්ම ක්‍රමයේ සාර්ථකත්වය දැන් ලොව පුරා රූපලාවණ්‍ය වෛද්‍යවරුන් පිළිගෙන තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය වෛද්‍යවරුන්ද මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව අපට පෙනී ගියා. විශේෂයෙන්ම MCT Injector උපකරණය හඳුන්වා දීම සහ එමගින් වෛද්‍යවරුන්ට සහ පාරිභෝගිකයන්ට ලැබෙන පහසුව දෙස බලන විට, ඉදිරියේදී mesoestetic® ප්‍රතිකර්ම සඳහා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර විශාල ඉල්ලුමක් ඇතිවනු නො-අනුමානයි.” OMED Pharmaceuticals සභාපති ෂර්වින් මාරියෝ ලින්ඩ්සේ පැවසී ය. පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලට මුල්තැනක් දෙන mesoestetic® මේ වනවිට ගෘහස්ථ, වෘත්තීය සහ රූප අලංකරණ වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම රාශියක් හඳුන්වා දී ඇති අතර, විද්‍යාත්මක අධ්‍යයන රැසක් මගින් එම ප්‍රතිකර්මවල සාර්ථකත්වය සනාථ වී තිබේ. මේ සඳහා mesoestetic® ලොව ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් හා ප්‍රවීණයන් සමග හවුල්කාරීත්වයන්ට එළඹී සිටී.

Related posts
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link