ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන පහසුකම්වලින් සමන්විත ඔවුන්ගේ 17වන රෝහල් ශාඛාව ගල්කිස්ස නගරයේදී පසුගියදා විවෘත කරන ලදි.මෙම රෝහල් ශාඛාව මගින් ගල්කිස්ස සහ ඒ අවට වෙසෙන ජනතාවට ජත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවනු ඇත.
අභිනවයෙන් විවෘත වූ MediHelp ගල්කිස්ස රෝහල මෙඩිහෙල්ප් සමූහයේ නේවාසික ප්‍රතිකාර පහසුකම් සමන්විත දෙවන රෝහල බවට පත් වන අතර එහි පළමු රෝහල හොරණ නගරය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වෙයි. MediHelp ගල්කිස්ස රෝහල මේවන විටත් සිය බාහිර රෝගී සේවාවන්ට අයත්, හදිසි ප්‍රතිකාර ඒකකය, ඖෂධ අලෙවි සැල්, රසායනාගාර සේවා, විශේෂඥ වෛද්‍ය උපදේශනය, ඩිජිටල් x කිරණ පරීක්ෂාවන්, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, Echocardiography, Exercise ECG, EEG,භෞතචිකිත්සන සේවා, සුළු ශල්‍යකර්ම, සුවතා පරීක්ෂණ, දන්ත වෛද්‍ය සේවාවන් ක්‍රියාත්මක කර ඇත.
නේවාසික ප්‍රතිකර සේවා සඳහා ශල්‍යාගාර පහසුකම්, නේවාසික රෝගීන් සඳහා වෙන්වූ කාමර, එක් දිනකින් සිදු කළ හැකි ශල්‍යකර්ම සඳහා වෙන්වූ ඒකක ආදී සායනික පහසුකම් වලින් සමන්විත අතර නුදුරේදීම සී.ටී ස්කෑන් පහසුකම් ද මෙඩිහෙල්ප් ගල්කිස්ස රෝහලෙන් ලබා ගත හැකි වනු ඇත. මීට අමතරව අති නවීන වෛද්‍ය උපාංග, රථ වැඩි සංඛ්‍යාවක් නවතා තැබිය හැකි රථගාල , පළපුරුදු හෙද සහ වෛද්‍ය බලකාය ඇතුළුව ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය මුසු වූ වෛද්‍ය උපකරණය පහසුකම් වලින් අභිනව මෙඩිහෙල්ප් ගල්කිස්ස ශාඛාව සමන්විත වනු ඇත.
Medihelp වෙතින් සලසන සියලු ප්‍රතිකාර සේවා දැරිය හැකි මිලකට ලබා දෙන අතර සියලු සේවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යනු ලැබේ. ගාලුපාරේ අංක 54 දරණ ස්ථානයෙහි පිහිටි Medihelp ගල්කිස්ස රෝහලේ විශේෂඥ වෛද්‍ය හමුවීම්වලට අදාළව වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා 0114818181 යන දුරකථන අංකය අමතා එය ඉටු කර ගත හැක.
Medihelp ගල්කිස්ස රෝහල තුළින් මූලික හා ද්විතියික සෞඛ්‍ය සේවා රැසක් ලබා දෙයි. මේ අතර සාමාන්‍ය කායික රෝග, wka;rdi¾. රෝග iy Èhjeähdව” m%ij yd kdßfõoය, ms<sld i;aldr” ENT උගුර කණ නාසය ” yDo frda.” idudkH Y,Hl¾u” iakdhq úoHdj වේදය” úl,dx.” <ud frda.” wdudY සහ wdka;% frda.” මෞත්‍රලිංගික“ p¾u frda. iy ප්ලාස්ටික් ශල්‍යකර්ම, නහර ගැට ගැසීම් වැළැක්වීමේ සැත්කම් ” jDlal yd wlaIs frda. හා ලිංගාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ඇතුළු úfYaI{ ffjoHjreka රැසකගේ සේවාවන් ලබා ගත හැක.
රෝහල් සමූහයේ සායනික සේවා පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන “ රෝහල් සමූහය සඳහා අපි නවතම තාක්ෂණය මෙන්ම යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇති අතර ඒ නිසාම රෝහල් සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රශස්ත සුවසේවා පිලිවෙත් අනුව අපගේ සේවාවන් පවත්වාගෙන යාමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම විශබීජ හරණය සහ පාලනය, සායනික සේවා කළමනාකරණය තුළින් රෝහලේ සෑම අංශයකම සේවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යෑමට අපට හැකිව තිබෙනවා. රෝගීන්ට වඩාත් ආරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යෑම තුළින් සායනික සේවාවන්ගෙන් ප්‍රශස්ත ප්‍රතිඵල අත්කර ගැනීමට අපගේ රෝහල් සමූහයට හැකිව තිබෙනවා” යනුවෙන් පැවසීය.
Medihelp ගල්කිස්ස රෝහල සිය රෝහල් සේවා නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් 2023 මැයි 31 දක්වා විවිධ සහන සහ ප්‍රතිලාභ රැසක් පාරිබෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කර ඇත. එමෙන්ම ගල්කිස්ස සහ ඒ අවට ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් වෙත වඩාත් ප්‍රශස්ත රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට හැකිවනු ඇත.
අභිනව Medihelp ගල්කිස්ස රෝහල පිළිබඳව අදහස් දක්වන එම සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා “ අපගේ රෝහල් ජාලයේ ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී Medihelp ගල්කිස්ස රෝහල වඩාත් සුවිශේෂී වන්නේ Medihelp ජාලය සතු කොළඹ දිස්ත්‍රික්කයෙහි ආරම්භ කළ පළමු ද්විතියික ප්‍රතිකාර හැකියාවන්ගෙන් යුතු රෝහල මෙය වීම නිසායි. නවීන තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරන සහ ප්‍රතිකාර සේවාවන්ට අමතරව අත්දැකීම් බහුල නිපුණතාවෙන් යුතු වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමගින් දැරිය හැකි මිලකට ජාත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් ලබා දීමේ අපගේ ආයතනික පොරොන්දුව ගල්කිස්ස සහ ඒ අවට ජනතාවට ඉටුකිරීමට හැකි වන අතරම මේ වන විටත් ඔවුන් අතර වඩාත් විශ්වසනීය රෝහල් සේවාව බවට පත් වීමට ද අපට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම අපගේ සේවාවන් තවදුරටත් දීප ව්‍යාප්තව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බැවින් දැරිය හැකි මිලකට ජාත්‍යන්තර තත්වයේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය අපි සෑම ශ්‍රී ලාංකිකයකු වෙතම ලබා දීමට ඉදිරියේදී සැලසුම් කර තිබෙනවා” යනුවෙන් පැවසිය.
Your article helped me a lot, is there any more related content? Thanks!
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me? https://www.binance.com/ph/register?ref=B4EPR6J0
Your article helped me a lot, is there any more related content? Thanks!
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.