IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation Programme නමින් නව අධ්‍යාපන වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උසස් පෙළ (A/L) අධ්‍යාපන ක්‍රමවේදයට නවීන හා ඉදිරිගාමී විකල්පයක් ලෙස සැළැකේ. මෙම වැඩසටහන මගින් ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පූර්ණ අවධානය යොමු කරයි. දිගු කාලයක් පුරා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන මාර්ගය ලෙස A/L අධ්‍යාපනය ක්‍රියාත්මක වේ. එය අවුරුදු දෙකකට වැඩි කාලයක් පුරා විභාග කේන්ද්‍ර කර ගත් අධ්‍යයනයකින් යුක්ත වන අතර පෞද්ගලික පන්ති සඳහා විශාල මුදල් වැය කිරීමක් සහ දැඩි මානසික පීඩනයක්ද සමඟ පැවැත්වේ. එනිසා බොහෝ ශිෂ්‍යයන්ට විභාග ප්‍රතිඵල අපේක්ෂාවලට නොගැළැපෙන විට ආතතිය, අවිනිශ්චිතතාව සහ මානසික පීඩනය ආදියට මුහුණ දීමට සිදු වේ. මෙම අභියෝග සැළැකිල්ලට ගනිමින් IIHS ආයතනය International Foundation Programme වැඩසටහන හඳුන්වා දී ඇති අතර එය ශිෂ්‍යයන්ට අධ්‍යාපන හා වෘත්තීය අංශවලින් සමබර පදනමක් සකසන මාර්ගයකි. මෙම වැඩසටහන ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය සඳහා සූදානම් කිරීමට පමණක් නොව ඔවුන්ගේ බුද්ධි වර්ධනයට, මානසික ශක්තිය සහ වෘත්තීය මාර්ග පිළිබඳ අවබෝධය වර්ධනයටද උපකාර වේ.
විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාවට සමාන ලෙස සැළැසුම් කර ඇති මෙම Foundation වැඩසටහන තුළ ස්වාධීන අධ්‍යයන හැකියා, පර්යේෂණ ක්‍රමවේද, ඉදිරිපත් කිරීමේ කුසලතා සහ Project-based Assessment ක්‍රමවේද ඉගැන්වෙයි. එමෙන්ම ශිෂ්‍යයන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීමට IELTS කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය යන කුසලතා පිළිබඳ විශේෂ පුහුණුවක්ද සපයයි. අධ්‍යාපනයට හා දැනුමට අමතරව මෙම වැඩසටහන පෞගලිකත්ව සංවර්ධනයට සහ වෘත්තීය සූදානමටද විශේෂ අවධානය යොමු කරයි. ශිෂ්‍යයන්ගේ විශ්වාසය, සන්නිවේදන කුසලතා, විවේචනාත්මක චින්තනය, බුද්ධිය සහ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. මෙම වැඩසටහනේ විශේෂත්වයක් වන්නේ ආරම්භයේ සිටම සපයන වෘත්තීය මාර්ගෝපදේශනයයි. පළමු මාස හයක කාලය තුළ ශිෂ්‍යයන්ට මාර්ගෝපදේශන සහ උපදේශන සැසි මගින් ඔවුන්ගේ දක්ෂතා සහ රුචිකත්ව හඳුනා ගෙන Engineering, Health Sciences, Information Technology, Business and Management සහ Education වැනි වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. එමෙන්ම කර්මාන්ත ක්ෂේත්‍ර හඳුනා ගැනීමේ වැඩසටහන් සහ වෘත්තීයවේදීන් සමඟ එක් වී පවත්වන උපදේශන සැසි මගින් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාලයට පිවිසීමට පෙරම ප්‍රායෝගික අත්දැකීම් ලැබීමට අවස්ථාව ලැබේ. IIHS International Foundation Programme යනු සාමාන්‍ය අධ්‍යාපන වැඩසටහනක් පමණක් නොව ශිෂ්‍යයන්ට කාලය ඉතිරි කරමින්, මානසික පීඩනය අවම කරමින්, නිවැරැදි වෘත්තීය තීරණ ගැනීමට මඟ පෙන්වමින්, ගෝලීය අධ්‍යාපන සහ වෘත්තීය අවස්ථා වෙත විශ්වාසයෙන් පියවර තැබීමට උපකාර වන වේදිකාවකි.


