පුවත්

බීම් හෙළ ඔසු ලංකා ව්‍යවසායකත්ව සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද නිෂ්පාදන සමාගමක් වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කාර්මික නිෂ්පාදන අංශයේ (මධ්‍යම පරිමාණ) කුසලතා සම්මානය දිනා ගත්තේය. ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. 1984දී ඇරැඹූ මෙරට ශාකසාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන බීම් හෙළ ඔසු ලංකා සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ශාකසාර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි. ළමුන් සඳහා වන ජීවා පැණිය සහ කප්පරවල්ලිය පැණිය, බීම් සුව ධරණී සහ ශාකසාර තේ, බීම් බාම්, ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් සහ සුවෝදා පේයාව බීම් නිෂ්පාදන අතර ප්‍රධාන වේ. දිවයින පුරා බටහිර සහ ආයුර්වේද ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසැල්වලින් මෙම නිෂ්පාදන මිල දී ගත හැකිය.

ගුණාත්මක බව සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳව නිරන්තරයෙන් සැළකිලිමත් වන බීම් හෙළ ඔසු ලංකා සමාගම සාම්ප්‍රදායික ආයුර්වේද දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින් සිය නිෂ්පාදනවල ඇති ස්වාභාවික ඖෂධීය වටිනාකම තහවුරු කරයි. සිය නිෂ්පාදන ක්‍රියාවලිය පුරා අදාළ සනීපාරක්ෂක ප්‍රමිති අනුගමනය කරන එම සමාගම ISO 22000:2018 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයද ලබා ඇත. පසුගිය කාලය පුරා ඔවුන් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. නිෂ්පාදන ක්‍රියාවලිය නිසා පරිසරයට වන හානිය උපරිම ලෙස අවම කිරීමට බීම් හෙළ ඔසු ලංකා සමාගම වග බලා ගනියි. අපද්‍රව්‍ය උත්පාදනය අවම කර ඇති එම සමාගම ජලය, විදුලිය සහ අනෙකුත් සම්පත් පරිභෝජනය කරන්නේ අරපිරිමැස්මෙනි. පරිසර නීති සහ රෙගුලාසිවලට අනුකූලව කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රියකරණය සඳහා ක්‍රියාකාරීව සහාය වන එම සමාගම බල ශක්තිය හා ස්වාභාවික සම්පත් සුරැකීමට සහ පුනර්ජනනීය බල ශක්ති භාවිතය උපරිම මට්ටමෙන් ඉහළ නැංවීමට කටයුතු කරයි.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link