පුවත්

රත්මලාන Queen’s Hospital සුවසේවා පුළුල් කරයි

රත්මලාන ප්‍රදේශයේ පසුගියදා විවෘත වූ නවීන පහසුකම් රැසකින් සමන්විත Queen’s Hospital Medical Centre පෞද්ගලික සුව සේවා ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදු කරමින් සිටී. අල්ට්‍රා-සවුන්ඩ්, එකෝ, එක්ස්-රේ ආදී වෛද්‍ය තාක්ෂණික උපකරණවලින් සමන්විත එම රෝහල රෝගීන්ගේ සෞඛ්‍ය ගැටලුවලට ඵලදායී ප්‍රතිකාර ගැනීමට මග පාදමින් නිවැරැදි පරීක්ෂණ ප්‍රතිපල සහතික කරයි. උසස් තත්ත්වයේ රෝගී සත්කාර සේවා සපයන එම රෝහල දක්ෂ සහ අත්දැකීම් බහුල වෛද්‍යවරුන්ගෙන්, නිපුණතා සපිරි හෙද නිලධාරීන්ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගෙන් සමන්විත වේ. රුපියල් 550ක් වැනි සාධාරණ මිලකට බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සළසා ඇත. පෙබරවාරි 28 දක්වා විවිධ අංශ සඳහා 25% දක්වා වට්ටම් පිරිනැමේ.

සිය ආයතනික සමාජ වගකීම මනාව ඉටු කරමින් ජනවාරි 26 උදේ 8 සිට දහවල් 12 දක්වා විශේෂ වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද එම රෝහල කටයුතු යොදා ඇත. එහිදී කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ හෘදය ආශ්‍රිත රෝග හඳුනා ගැනීමට උපකාර වන පරීක්ෂණ නොමිලේ සිදු කර ගත හැකිය. ඊට සහභාගී වීමට අපේක්ෂා කරන අයට ඉක්මනින් ලියාපදිංචි වන ලෙස රෝහල ඉල්ලා සිටී. සහභාගී වන අයගේ රෝග හඳුනා ගෙන ඔවුන් සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනු ඇත. වර්තමානයේ පවුල් සංස්ථා මුහුණ දෙන අභියෝග සැළකිල්ලට ගනිමින් Queen’s Hospital වයස්ගත දෙමාපියන් සඳහා දිවා සුරැකුම් සේවාවක්ද හඳුන්වා දී තිබේ. ඒ තුළින් චාරිකාවක් යෑමේදී හෝ රැකියාවට යෑමේදී දරුවන්ට සිය දෙමාපියන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුරක්ෂිත සහ ආදරණීය පරිසරයක නැවැත්විය හැකිය. රත්මලාන, කළුතර, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, කටුබැද්ද, මහරගම, අත්තිඩිය, පිළියන්දල ආදී ප්‍රදේශවල ජීවත් වන රෝගීන්ට උසස් තත්ත්වයේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් කොළඹට යෑමට තව දුරටත් අවශ්‍ය නොවේ. ඊ-චැනලින් සේවාවෙන් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයා තෝරා ගෙන Queen’s Hospital වෙත ගොස් ප්‍රතිකාර ගැනීමට රෝගීන්ට හැකියාව ලැබෙන අතර ඒ තුළින් කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකිය.

Related posts
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
පුවත්

University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHSහි ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික…
Read more
පුවත්

Russel’s සමාගම 2026 ජනවාරි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි

Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link