දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතයක් වන සුව දිවිය ආයතනය විසින් ‘‘දියවැඩියාවේ නිරාවරණය’’ යන තේමාව යටතේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මහජන වැඩසටහනක් පැවැත්වූ අතර එයට 300කට අධික පිරිසක් සහභාගී විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ දියවැඩියාව වැළැක්වීම සහ කළමනාකරණය කිරීම සඳහා පූර්ව ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමයි.
ශ‍්‍රී ලංකාව තුළ දියවැඩියා රෝගය බරපතළ ගැටලූවක් බවට පත්ව තිබේ. සෑම පුද්ගලයින් හතර දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර තවත් 30%කට පූර්ව දියවැඩියාව වැළඳීමේ අවදානමක් පවතී. මෙම තත්වය වඩාත් අවධානය යොමු විය යුතු ගැටලූවක් බවට පත්ව ඇත්තේ නගරයේ ජීවත් වන තරුණ තරුණියන් අතර දියවැඩියා රෝගය සීඝ‍්‍රයෙන් ඉහළ යාමේ ප‍්‍රවණතාවක් පැවතීමයි. තවද ව්‍යායාමවලින් තොර ඔවුන්ගේ අක‍්‍රීය ජීවන රටාව මෙම ගැටලූව තවත් උග‍්‍ර කරන අතර මෙය මෙරට ශ‍්‍රම බලකායට සෘජු බලපෑමක් ඇති කරනු ලබයි. නමුත් පුදුමයට කරුණක් නම්, මෙරට ජනතාවගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් එනම් මිලියනයක් පමණ තමන්ට දියවැඩියාව වැළඳී ඇති බව නොදැන සිටීමයි.
මෙම වැඩසටහනේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ කීර්තිමත් අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විද්‍යා පීඨයේ සභාපති දිමුතු මුතුකුඩ මහත්මිය ප‍්‍රධාන දේශනය පැවැත්වූවාය. වෛද්‍යතුමිය විසින් මෙහිදී දියවැඩියා රෝගයේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා කරමින් දියවැඩියා රෝගයේ ඇති බරපතල බව පිළිබඳවත් ඒ සම්බන්ධව ඉහළ දැනුවත්භාවයක් තිබීමේ අවශ්‍යතාව පිළිබඳවත් අවධාරණය කළාය. ඒවගේම හෘදයාබාධ, වකුගඩු අකර්මන්‍ය වීම ඇතුළුව මෙම රෝගයේ ඇති බරපතලකම පිළිබඳව වැඩසටහනට සහභාගීවූවන් ඇය විසින් දැනුවත් කරන ලද අතර ඇයගේ මෙම දේශනයේ මූලික අරමුණ වූයේ දියවැඩියාව සම්බන්ධයෙන් ඇති වැරදි මත දුරු කර ඒ පිළිබඳව නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ලබා දීමයි. රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීම සහ ඵලදායී දියවැඩියා පාලනය සඳහා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් තෝරා ගැනීමේ වැදගත්කම ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මීට අමතරව විශේෂඥ වෛද්‍ය දිමුතු මුතුකුඩ ඇතුළුව සර්වාංග වෛද්‍ය ඞී.කේ.ඞී. මැතිව්, අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පොන්නම්පෙරුම, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල සහ ප‍්‍රවීන පෝෂණවේදි වෛද්‍ය රේණුක ජයතිස්ස යන විශේෂඥ කණ්ඩායමකින් සමන්විත විද්වත් කථිකාවක් ද මෙම වැඩසටහනට ඇතුලත් විය.
මෙම විද්වත් මණ්ඩලය ප‍්‍රශ්නෝත්තර සැසියකට ද සහභාගී වූ අතර එහිදී ඉන්සියුලින් ලබා ගැනීමේ ක‍්‍රමවේදය, දියවැඩියා රෝගයට ප‍්‍රතිකාර ගැනීමේදී ශරීර ඉන්ද්‍රීයවලට විශේෂයෙන් වකුගඩුවලට ඖෂධවලින් අතුරු ආබාධ ඇති විය හැකියි යන වැරදි මතය දුරු කර ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීම, වැදගත් සෞඛ්‍ය උපදෙස්, රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ සමස්තයක් ලෙස ශරීර සෞඛ්‍යයට දියවැඩියාවෙන් ඇති වන බලපෑම් අවම කිරීම සඳහා කාලෝචිත ක‍්‍රියාමාර්ග ගැනීම වැනි සහභාගීවූවන් මතු කළ බොහෝ ප‍්‍රශ්න මෙහිදී පුළුල්ව සාකච්ඡා කෙරිණි. එපමණක් නොව ඇස් නිරෝගීව තබා ගැනීම සඳහා ප‍්‍රායෝගික උපදෙස් මෙන්ම දියවැඩියාව ඇස්වල පෙනීමට බලපාන ආකාරය පිළිබඳ වටිනා අවබෝධයක් ද මෙම විද්වතුන් විසින් ලබා දෙන ලදී.
ජනප‍්‍රිය ශරීර යෝග්‍යතා සහ සුම්බා උපදේශක දමිත වේරගොඩ මහතා විසින් මෙම වැඩසටහනට සහභාගීවූවන් ප‍්‍රබෝධමත් සහ උද්යෝගිමත් කිරීමට Zumba සැසියක් පවත්වන ලද අතර දියවැඩියා රෝගයට එරෙහිව සටන් කිරීමේදී ව්‍යායාමවල ඇති වැදගත්කම ද පෙන්වා දුන්නේය.
මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් සුව දිවිය ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි මහත්මිය පැවසුවේ යහපත් සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගැනීම පිළිබඳ දැනුවත් වීමට ජනතාවගේ ඇති උනන්දුව පිළිබඳව සතුටු වන බවයි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් පවත්වනු ලැබූ සැසි හා වැදගත් තොරතුරු සහිත සාකච්ඡාවලින් ඉතා වැදගත් තොරතුරු රැසක් ජනතාව අතරට ගෙන යාමට හැකි වීම පිළිබඳව ද සතුටු වන බව ඇය මෙහිදී සඳහන් කළාය.
සුව දිවිය ආයතනයේ වෛද්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය චමරි පණ්ඩිතගේ මහත්මිය, මෙරට ආයතන සහ පාසල් සඳහා නොමිලේ පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම ආයතනයේ සහායක කණ්ඩායම් ඵලදායීව දියවැඩියා රෝගය කළමනාකරණය කිරීමට පුද්ගලයින්ව වෛද්‍යවරුන් වෙත යොමු කිරීම වැනි සුව දිවිය ආයතනය විසින් සිදු කරනු ලබන වැදගත් සමාජ මෙහෙවර පිළිබඳව පැහැදිලි කළාය.
මෙම වැඩසටහන පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට හෝ සුව දිවිය ආයතනයේ සහායක කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට 077 353 3791 අමතන්න නැතහොත් සුව දිවිය Facebook පිටුව follow කරන්න.
wooned xyandanxvurulmus.3kfbzRwnTvNE
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.