පුවත්

වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස කාණ්ඩයේ රෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මාන දිනයි

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International සංවිධානය කළ BWIO සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය හා ඒ ආශ්‍රිත සේවා අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. පසුගියදා ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උළෙලේදී  රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම නියෝජනය කරමින්  නේවාසික කළමනාකරුවන් වන විජිතා  කාරියවසම් මහත්මිය සහ මොහොමඩ් අර්ෂත් මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇති අතර මෙම වසරේදී පමණක් සම්මාන හතරක් ලැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විශිෂ්ටත්වය, කැපවීම, පාරිභෝගික විශ්වාසය, ගුණාත්මකභාවය හා වෙ‌ළෙඳපොළ නායකත්වය හොඳින් පෙන්නුම් කරයි. 2007දී සීමිත සේවකයන් පිරිසකගෙන් ඇරැඹූ රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම් එහි ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර වෛද්‍යවරු, හෙද පාලිකාවෝ, හෙදියෝ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයෝ 1600කට වැඩි පිරිසක් එහි සේවය කරති. නවීන පහසුකම්වලින් සපිරි රෝයල් නර්සින් හෝම් පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයයි. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම වැඩිහිටි රැකවරණ සේවා මධ්‍යස්ථානය වේ.

Related posts
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය…
Read more
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link