පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ සිසුන්ට ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අරමුණෙන් ජාතික ඉතිරිම් බැංකුව (NSB) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම හවුල්කාරිත්වය අවබෝධතා ගිවිසුමක් (MoU) මඟින් නිල වශයෙන් ස්ථාපිත කර ඇති අතර ඒ අනුව IIHS වැඩසටහන් සඳහා ලියාපදිංචි වන සිසුන්ට ශිෂ්‍ය ණය පහසුකම් NSB විසින් සපයනු ලබනු ඇත. දිවයින පුරා විහිදී ඇති විශාල ශාඛා ජාලය භාවිත කරමින් විවිධ භූගෝලීය හා සමාජ-ආර්ථික පසුබිම්වලින් පැමිණෙන සිසුන්ට පහසුවෙන් අධ්‍යාපන මුල්‍ය පහසුකම් සැපැයීම NSBහි අරමුණ වේ. මෙම වැඩසටහන යටතේ IIHS විසින් පිරිනමනු ලබන Nursing, , Physiotherapy, Biomedical Sciences, Sports and Exercise Science, Nutrition, International Foundation Programmes ඇතුළු විවිධ සෞඛ්‍ය උපාධි පාඨමාලා ආවරණය වේ. මෙම පාඨමාලා බොහොමයක් ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් පිරිනමන බැවින් සිසුන්ට ශ්‍රී ලංකාවේ සිටම ගෝලීය වෘත්තීය අවස්ථා සොයා යාමට හැකියාව ලැබේ.

මෙම හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් NSB වැඩ බලන සාමාන්‍යධිකාරි දේවිකා සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනයට කරන ආයෝජනය ජාතික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවයි. “ජාතික ඉතිරි කිරීමේ බැංකුව ලෙස අධ්‍යාපනයට පිරිනමන මූල්‍ය සහාය රටේ අනාගතයට කරන වැදගත් ආයෝජනයක්. IIHS සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සහාය වීමට අපට හැකි  වෙනවා. එමෙන්ම තරුණ පරපුර ශක්තිමත් කරන සහ රටේ දැනුම් ආර්ථිකය වර්ධනය කරන හවුල්කාරිත්ව තව දුරටත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” ඇය වැඩි දුරටත් සඳහන් කළාය. IIHS ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ මෙම වැඩසටහන සමාජමය වශයෙන් විශාල බලපෑමක් ඇති කරන බවත්, සමාන අධ්‍යාපන ප්‍රවේශයක් සැපැයීමේදී එය වැදගත් බවත්ය. “ගුණාත්මක අධ්‍යාපනයට ඇති ප්‍රවේශය භූගෝලීය හෝ මූල්‍ය බාධක මත සීමා නොවිය යුතුයි. NSBහි සහයෝගය හරහා ගම්වල හා නගරවල සිටින දක්ෂ තරුණයන්ට ශ්‍රී ලංකාවේ සිටම ජාත්‍යන්තර සෞඛ්‍ය සුදුසුකම් ලැබීමට අවස්ථා විවෘත කිරීමට අපට හැකියි.” ඔහු වැඩි දුරටත් පැවැසීය. මෙම හවුල්කාරිත්වය විදේශ අධ්‍යාපනය සඳහා වැය වන විදේශ විනිමය වියදම් අඩු කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව සෞඛ්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කිරීමටද දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම දිගුකාලීන ආර්ථික හා සමාජ සංවර්ධන අරමුණු සමඟ ගැළැපෙන ගෝලීය මට්ටමේ දක්ෂ සෞඛ්‍ය වෘත්තීයවේදීන් බිහි කිරීමටද මෙය දායක වේ.

Related posts
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link