පුවත්

දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය IIHS Multiversity – ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය

ලෝකය තවදු රටත් එකිනෙකට සම්බන්ධ වන මෙම යුගයේ උසස් අධ්‍යාපනය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතී. විදේශ අධ්‍යාපන වියදම් ඉහළ යාම, වීසා සීමා දැඩි වීම සහ ගෝලීය වශයෙන් දක්ෂ වෘත්තිකයන්ට ඇති ඉල්ලුම වැඩි වීම, ශිෂ්‍යයන් උසස් අධ්‍යාපනය ලබන්නේ කොතැනද, කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ තීරණ නැවත සළකා බැලීමට හේතු වී ඇත. මෙවන් පසුබිමක IIHS Multiversity “දේශීය අධ්‍යයනය ගෝලීය උපාධිය” යන සංකල්පය හරහා ශ්‍රී ලංකාවේ ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය ලෙස ස්ථානගත වෙමින් දේශීයව අධ්‍යාපනය ලබමින් ගෝලීය වශයෙන් පිළිගත් උපාධි, වෘත්තීය සහ රැකියා අවස්ථා ලැබීමේ හැකියාව උදා කරයි. සාම්ප්‍රදායික විදේශ අධ්‍යාපන ආකෘතිවලට අද බොහෝ ශිෂ්‍යයන්ට ප්‍රවේශය අඩු වෙමින් පවතී. ඒ අතරතුර ගෝලීය සෞඛ්‍ය පද්ධති, ඩිජිටල් ආර්ථික සහ සේවා කර්මාන්ත දක්ෂ වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මුහුණ දී සිටී. මෙම පසුබිම තුළ ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ විදේශ ගමන් අවශ්‍යතාවකින් තොරව ගෝලීය අධ්‍යාපනය සපයන්නේ කෙසේද යන්නයි. IIHS Multiversity මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වන්නේ ශ්‍රී ලංකාවේදී දෙන ගෝලීය මට්ටමේ ප්‍රායෝගික හා අනාගතගාමී අධ්‍යාපන ආකෘතියක් හරහාය. එය ගෝලීය විශ්ව විද්‍යාල හා කර්මාන්ත හවුල්කාරිත්ව, රැකියා අවශ්‍යතා සහ සෘජු වෘත්තීය මාර්ග සමඟ සම්බන්ධ කර ඇත.

 සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සිට ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලයක් දක්වා වසර 20කට අධික කාලයක් පුරා සෞඛ්‍ය අධ්‍යාපනයේ නායකත්වය දැරූ IIHS මේ වන විට 8,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කරමින් ශ්‍රී ලංකාව තුළද විදේශීය සෞඛ්‍ය පද්ධති තුළද සේවය කරවීමට සමත් වී ඇත. මෙම උරුමය මත IIHS අද Multiversity ලෙස පරිණාමය වී ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස නව අධ්‍යාපන පරිසරයක් ගොඩ නඟා ඇත. මෙම Multiversity ව්‍යුහය තුළ සෞඛ්‍යය හා ජීව විද්‍යාව, ඩිජිටල් සෞඛ්‍යය, ව්‍යාපාර හා සෞඛ්‍ය කළමනාකරණය, අධ්‍යාපනය, ක්‍රීඩා විද්‍යාව, පෝෂණය, මනෝ විද්‍යාව සහ අදාළ ක්ෂේත්‍ර එකට ඒකාබද්ධ කර ඇත. දේශීය අධ්‍යයනය ගෝලීය උපාධි ආකෘති, ගෝලීයව පිළිගත් උපාධි, දේශීය ප්‍රවේශය, ජාත්‍යන්තර රැකියා අවස්ථා, ටොප්-අප් හා ට්‍රාන්ස්ෆර් අවස්ථා සහ විශ්ව විද්‍යාල – කර්මාන්ත හවුල්කාරිත්ව මත පදනම් වේ. එමඟින් ශිෂ්‍යයන්ට ශ්‍රී ලංකාවේ සිටම ගෝලීය වශයෙන් තරගකාරී වෘත්තීය මාර්ගයකට පිවිසීමට හැකියාව ලැබේ.

 සංවිධානාත්මක අධ්‍යාපන ආකෘතියේ ගෝලීය පිළිගැනීම සහ පැහැදිලිතාව වැඩි කිරීමට IIHS Multiversity සියලු අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනම උප-සන්නාම ලෙස සංවිධානය කර ඇත. ඒ අතරට IIHS Nursing, IIHS Physio, IIHS BioMed, IIHS Digital Health, IIHS Health Administration, IIHS Business, IIHS Education, IIHS Sports Sciences, IIHS Nutrition, IIHS Psychology සහ IIHS Foundation ඇතුළත් වේ. මෙම සියලු ක්ෂේත්‍ර ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලය යන එකම දැක්ම යටතේ ක්‍රියාත්මක වේ. ගෝලීය මට්ටමේ ප්‍රමිති දේශීයව ක්‍රියාත්මක කරමින් IIHS Multiversity ශ්‍රී ලංකාව කළාපීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට දායක වේ. එමෙන්ම සමාජයට වගකීමෙන් සහ ගෝලීය අභියෝගවලට නිවැරැදිව ප්‍රතිචාර දක්වන වෘත්තිකයන් බිහි කිරීමද එහි අරමුණ වේ. ගෝලීය උපාධි ආකෘතිය ප්‍රවේශය, ගුණාත්මකභාවය සහ ගෝලීය සම්බන්ධතාව සමබර කරන ශක්තිමත් මාර්ගයක් ලෙස ඉදිරිපත් වේ. IIHS ආයතනය සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සිට ගෝලීය සෞඛ්‍ය විශ්ව විද්‍යාලයක් දක්වා දේශීයව අධ්‍යාපනය ලබා ලෝකය වෙත බලපෑමක් ඇති කිරීමේ දැක්මක් නියෝජනය කරයි. වැඩි විස්තර www.iihs.edu.lk වෙත පිවිසෙන්න.

Related posts
පුවත්

IIHSහි ප්‍රධාන අධ්‍යාපන වැඩසටහන් සඳහා නවක සිසුන් බඳවාගැනීම ඇරැඹේ

දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study…
Read more
පුවත්

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study…
Read more
පුවත්

පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් වේ

මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link