පුවත්

පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත් වේ

මෙරට පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (Association of Private Hospitals and Nursing Homes – APHNH) 2025 – 2027 කාලය සඳහා වන නව නිලධාරී මණ්ඩලය වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වුණු වාර්ෂික මහා සම්මේලනයේදී තෝරා පත් කර ගෙන තිබේ. සංගමයේ සභාපති ලෙස පත් වූ රුහුණු රෝහල් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රවීන් වික්‍රමසිංහ සංගමයේ ප්‍රධානත්වය දරයි. ඔහුගේ නායකත්වය යටතේ සේවා විශිෂ්ටත්වය, සහයෝගිතාව සහ සායනික ගුණාත්මකභාවය යන අංශවලට අදාළ කැපවීම වඩාත් තහවුරු කරමින් පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.  ඩර්ඩන්ස් රෝහලේ මහනිල් පෙරේරා, රෝයල් රෝහලේ දිනේෂ් රණවීර, නයින්වෙල්ස් රෝහලේ විභාෂ් විජේරත්න උප සභාපතිවරුන් ලෙස පත් වූහ. ලේකම් ලෙස ගෝමස් රෝහලේ වෛද්‍ය සඳමාලි වීරසිංහත්, සහාය ලේකම් ලෙස මෙඩිහෙල්ප් රෝහලේ නිශාන්ත ජයමාන්නත්, භාණ්ඩාගාරික ලෙස වින්ලංකා රෝහලේ වෛද්‍ය චතුර වීරසිංහත්, සහාය භාණ්ඩාගාරික ලෙස හේමාස් රෝහලේ ප්‍රභාන් ගුණවර්ධනත් පත් වුණු අතර නව නිලධාරී මණ්ඩලයට ඔවුහුද ඇතුළත් වෙති.

ආසිරි රෝහල් සමූහයේ වෛද්‍ය රුවන් සේනාතිලක සහ වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, නවලෝක රෝහලේ මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, පන්නිපිටිය පෞද්ගලික රෝහලේ ඉංජිනේරු කේ. ඒ. ඒ. පී. කුරුප්පු ආරච්චි, ලංකා රෝහලේ වෛද්‍ය චමින්ද කුමාර, බ්ලූ ක්‍රොස් රෝහලේ වෛද්‍ය ඩී. කේ. ඩී. මැතිව්, වෙස්ටර්න් රෝහලේ වෛද්‍ය ෆාතිමා හබිබා ෂෙරිෆ්, නිව් ෆිලිප් රෝහලේ වෛද්‍ය ඉශානි ප්‍රනාන්දු, සිලෝන් හොස්පිටල්හි වෛද්‍ය ලසන්ත කරුණාසේකර, කින්ග්ස් රෝහලේ වෛද්‍ය යූ. බානගල, කුරුණෑගල සමූපකාර රෝහලේ ජයපත්ම වන්නිනායක, මෙල්ස්ටා රෝහලේ රොෂිටා නිරෝෂන් සහ සිංහ රෝහලේ භාතිය අංගම්මන කමිටු සාමාජිකයන් ලෙස පත් වූහ. නව සභාපති රවීන් වික්‍රමසිංහ සඳහන් කළේ ප්‍රතිපත්ති සම්පාදනය, නියාමන දායකත්වය සහ ධාරිතා වර්ධනය තුළින් පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට තම සංගමය බලාපොරොත්තු වන බවයි. ජාතික සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය උදෙසා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන පෞද්ගලික රෝහල් තව දුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පැවැසීය. 1972දී ආරම්භ වූ එම සංගමය පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලයේ ලියාපදිංචිය ලබා ඇති පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස නියෝජනය කරන එකම ආයතනය වේ. එය පසු ගිය දශක කිහිපය පුරා ප්‍රතිපත්ති සම්පාදකයන්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ අනෙකුත් සියලු පාර්ශ්ව සමග එක් වී උසස් තත්ත්වයේ, ගුනාත්මක සහ රෝගීන් කේන්ද්‍ර කර ගත් ප්‍රවේශයකින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීමට කටයුතු කර තිබේ.

Related posts
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
පුවත්

මෙඩිහෙල්ප් කිරිබත්ගොඩට යළි පැමිණෙයි

නව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් සමඟ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link