පුවත්

IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව

ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ. විරැකියාව, දිළිඳු බව සහ නිපුණතා සංවර්ධනය සඳහා වන ප්‍රවේශය ප්‍රමාණවත් නොවීම වැනි අභියෝග රැසකට මුහුණ දෙන වටපිටාවක් තුළ වුවත් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තරුණ පරපුර බල ගැන්වීමේ හැකියාව සහිත අංශයක් ලෙස ඉදිරියට එමින් සිටී. විශේෂයෙන්ම හෙද සේවය ප්‍රවර්ධනය කිරීම තුළින් තරුණ විරැකියා අර්බුදයට සැළකිය යුතු විසඳුමක් දිය හැකිය. වැඩිහිටි ජනගහණය ඉහළ යාම සහ කොවිඩ්-19 වසංගත තත්ත්වය වැනි හේතු නිසා ගෝලීය වශයෙන් හෙද වෘත්තිකයන් සඳහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තිබේ. බොහෝ රටවල වර්තමානයේදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිඟයක් පවතී. ඉහළ සාක්ෂරතා අගයකින් සහ නිපුණතාවලින් හෙබි තරුණ පරපුරක් සිටින රටක් වන ශ්‍රී ලංකාවට මෙම ගෝලීය ඉල්ලුම සැපිරීම සඳහා විශාල වශයෙන් දායක විය හැකිය.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හෙද අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දෙමින් දේශීය මෙන්ම විදේශීය රැකියාවලට යොමු වීම සඳහා සිසුන්ට මඟ විවර කරන ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ආයතන අතර IIHS ආයතනය ඉදිරියෙන්ම සිටී. ගෝලීය විශ්ව විද්‍යාල සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ආයතන සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන සිටින එම ආයතනය හෙද ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය සුදුසුකම් සහ පළමු උපාධි පිරිනැමීම තුළින් තරුණ පරපුර බල ගන්වයි. ඕනෑම සමාජ ආර්ථික පසුබිමක් නියෝජනය කරන තරුණ තරුණියන්ට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයෙකු බවට පත් වීමට හැකි වන පරිදි එම වැඩසටහන් සැළසුම් කර ඇත. ඒවා නිපුණතාවලින් හෙබි ශ්‍රමිකයන් විදේශවල සේවයට යොමු කිරීම තුළින් දැනුම මූලික කර ගත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන ජාතික ඉලක්කය සමඟ අනුරූප වේ. නිපුණතා සංවර්ධන අරමුදල සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශය වැනි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් සමඟ කටයුතු කරන IIHS ආයතනය සිසුන්ට ණය පහසුකම් සහ දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා අවශ්‍ය මඟ පෙන්වයි. ශක්තිමත් සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති පසුබිමක හෙද අධ්‍යාපනය තුළින් ග්‍රාමීය තරුණ ප්‍රජාව බල ගැන්වීම හරහා විරැකියාව වැනි ජාතික අභියෝගවලට විසඳුම් සැපයීමට හැකි වන අතර ගෝලීය වෙළෙඳපොළ සඳහා නිපුණතාවලින් හෙබි ශ්‍රමිකයන් සපයන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ස්ථානගත කිරීමටත් එය උපකාර වනු ඇත. IIHS ආයතනය සමඟ එක් වී තමන්ට මෙන්ම රටටද වාසි ගෙන දෙන අනාගතයක හිමිකරුවන් වීමට තරුණ පරපුරට හැකියාව ලැබේ.

Related posts
පුවත්

ශ්‍රී ලාංකික තරුණයන්ට  ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින්  IIHS හා Akutagawa HRM එක් වේ

International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක්…
Read more
පුවත්

අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්

අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ…
Read more
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link