පුවත්

IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන පළඳවයි

මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු සිසුවියන්ට නිල ලාංඡන පැළඳවීම පසුගිය අගෝස්තු 15 දින සිදු විය. ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන දායකත්වයක් දැක්වීමට මඟ සළසමින් සිසු සිසුවියන් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් කළ මෙම උත්සවය ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විය. IIHS ආයතනයේ කුලපති / සභාපති වෛද්‍ය නිහාල් ද සිල්වා, ප්‍රධාන විධායක නිළධාරී / සම නිර්මාතෘ / ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සහ උප කුලපති (ජාත්‍යන්තර) වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඇතුළු ආරාධිතයෝ රැසක් ඊට සහභාගී වූහ. ඔවුන් සියලු දෙනා නිල ලාංඡන පැළැඳවීමේ උත්සවය සාර්ථක කර ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළහ. IIHS ආයතනයේ උප කුලපති රේණුකා ජයතිස්ස සහ මෙරට බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යාපන වැඩසටහන් කළමණාකාර හම්සි හනීෆ් මහතාද ඒ සඳහා විශාල දායකත්වයක් දැක්වූහ.

2002දී ආරම්භ වූ IIHS ආයතනය ලොව පුරා පිහිටි පිළිගත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සමඟ එක් වී ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන වැඩසටහන් පිරිනමන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ආයතනය වේ. හෙද සේවය, සම සෞඛ්‍ය සේවය සහ කළමනාකරණය යන අංශවලට අදාළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීම සඳහා සිසුන්ට මඟ විවර කරමින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විප්ලවයක් ඇති කිරීම එම ආයතනයේ අරමුණයි. නව්‍යකරණය, ප්‍රයෝගික ඉගැනුම් ක්‍රම සහ ගෝලීය තත්ත්වවලට මුල් තැන දෙමින් කටයුතු කරන IIHS ආයතනය සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෙනසක් කළ හැකි අනාගත පරපුරක් බිහි කිරීමට කැප වී සිටී.

නිල ලාංඡන පැළැඳවීමේ උත්සවය තුළින් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට පමණක් නොව විශිෂ්ට වෘත්තිකයන් බවට පත් වීමට සිසුන් තුළ ඇති කැපවීම පිළිබිඹු විය. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ලෙස ඔවුන් දරන විශාල වගකීමද එමඟින් සංකේතවත් විය. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල විශිෂ්ටයන්ගේ සහභාගිත්වය තුළින් අනාගත හෙද වෘත්තිකයන් පෝෂණය කිරීම සඳහා ඇති සාමූහික කැපවීම පමණක් නොව රෝගීන්ට රැකවරණය සැළසීමේදී ඉහළම ප්‍රමිති අනුගමනය කිරීමටත්, සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ සිදු වන නිරන්තර වෙනස්වීම්වලට අනුගත වීමටත් ඇති අවශ්‍යතාව පිළිබිඹු විය. Coventry University සමඟ ඇති කර ගෙන ඇති හවුල්කාරිත්වය තුළින් ගෝලීය සුව සේවා ක්ෂේත්‍රය තුළ දිදුළන වෘත්තිකයන් බිහි කරන IIHS ආයතනය ශාස්ත්‍රීය මෙන්ම ප්‍රයෝගික දැනුමින්ද ඔවුන් සන්නද්ධ කරයි.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link