සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන හා වෘත්තීය ගමන් මඟ පිළිබඳව නිවැරැදි තීරණයක් ගැනීම සිසුන්ට හා දෙමාපියන්ට ඇති ප්‍රධාන අභියෝගයකි. එවැනි පසුබිමක සෞඛ්‍යය, ජීව විද්‍යාව, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තාක්ෂණය පිළිබඳ වෘත්තියක් අපේක්ෂා කරන සිසුන්ට International Institute of Health Sciences (IIHS) හඳුන්වා දෙන Biological Foundation Programme ගෝලීය අධ්‍යාපන හා වෘත්තීය අවස්ථා වෙත යොමු කරන සැළැසුම්සහගත ආරම්භක මාවතක් ලෙස සැළැකේ. වසර 20කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයට දක්ෂ වෘත්තිකයන් බිහි කර ඇති IIHS මෙම වැඩසටහන හරහා සාමාන්‍ය පෙළෙන් පසු උපාධි අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා ඉලක්ක කර ගත් ක්‍රමානුකූල අධ්‍යාපනික ගමන් මඟක් සිසුන්ට සපයයි.
මෙම වැඩසටහන සෞඛ්‍ය සේවය, ක්‍රීඩා විද්‍යාව, සෞඛ්‍ය කළමනාකරණය හා සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය යන ප්‍රධාන ක්ෂේත්‍ර හතර ආවරණය කරයි. Nursing, Biomedical Sciences, Physiotherapy, Psychology, Pharmacy, Paramedical Sciences, Nutritional Medicine, Lifestyle Medicine හා Aged Care මෙන්ම Sport and Exercise Science, Sports Nutrition, Sports Psychology, Public Health, Global Health Management, Health Administration, Digital Health, Health Informatics හා Big Data Analysis වැනි අනාගතයට වැඩි ඉල්ලුමක් ඇති විෂය ක්ෂේත්‍ර රැසකට මෙම වැඩසටහනෙන් පදනම සකසයි. IIHS Multiversityහි උපකුලපතිනි ආචාර්ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය තනි වෘත්තියකට සීමා නොවන බවත්, ගෝලීය සෞඛ්‍ය පද්ධතිවලට බහුවිධ දැනුමෙන් සන්නද්ධ වෘත්තිකයන්ගේ ඉල්ලුම වේගයෙන් ඉහළ යන බවත්ය. එම නිසා සාමාන්‍ය පෙළෙන් පසු නිවැරැදි අධ්‍යාපන මාවතකට පිවිසීමෙන් සිසුන්ට කාලය ඉතිරි කර ගනිමින් සාමාන්‍ය හා ගෞරව උපාධි, ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි බව ඇය පැවසුවාය. IIHS Biological Foundation Programme මඟින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, යුරෝපය හා මැද පෙරදිග ඇතුළු රටවල අධ්‍යාපනය හා වෘත්තීය අවස්ථා සඳහා මං විවර වන අතර සෞඛ්‍ය හා විද්‍යා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වෘත්තීය ජීවිතයක් අපේක්ෂා කරන තරුණ පරපුරට අනාගතය ගොඩ නගා ගැනීමට ශක්තිමත් පදනමක් සපයන වැඩසටහනක් ලෙස IIHS එය හඳුන්වා දෙයි.


