ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) සිය 2026 උපාධි ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි හා වෘත්තීය සුදුසුකම් පිරිනමමින් සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 25ක සුවිශේෂ ගමන් මඟ සනිටුහන් කළේය. මෙම උත්සවය ජූනි 24 රාගම Wave & Lake Banquet Hallහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් රාජධානියේ University of Surreyහි Health and Biomedical Informatics පිළිබඳ මහාචාර්ය නොෆාර් ගයිෆ්මන් සහභාගි වූ අතර අනාගත සෞඛ්‍ය සේවාව ගොඩ නැගීමට නවෝත්පාදනය, තාක්ෂණය, පර්යේෂණ සහ බහුවිෂය සහයෝගීතාවේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. මෙවර උපාධි ප්‍රදානයේදී Foundation, Diploma, Advanced Diploma, Bachelor’s සහ Master’s මට්ටමේ වැඩසටහන් සාර්ථකව නිම කළ සිසුන්ට සුදුසුකම් පිරිනැමිණි. Foundation in Biological Sciences, Diploma in General Nursing, Biomedical Sciences, Physiotherapy හා General Nursing පිළිබඳ Advanced Diploma මෙන්ම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ අනුබද්ධ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන්ද ඊට ඇතුළත් විය.
මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ කැපී පෙනෙන සන්ධිස්ථානය වූයේ IIHS Professional Bachelor’s වැඩසටහන්වල පළමු කණ්ඩායම් උපාධි ලැබීමයි. Nursing, Public Health, Dental Therapy and Oral Hygiene හා Public Health and Midwifery යන ක්ෂේත්‍රවල සිසුහු 227 දෙනෙක් Professional Bachelor’s උපාධි හිමි කර ගත්හ. පසුගිය වසර 25 තුළ IIHS සාම්ප්‍රදායික සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක් ඉක්මවා ගොස් Global Airport for Healthcare Careers ලෙස ගෝලීය සෞඛ්‍ය වෘත්ති සඳහා පිවිසුම් දොරටුවක් බවට පත් වී ඇත. එහි ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යාපන වැඩසටහන්, ගෝලීය විශ්ව විද්‍යාල හවුල්කාරිත්ව හා කර්මාන්තය පිළිගත් සුදුසුකම් හේතුවෙන් IIHS සහතික ලොව පුරා උසස් අධ්‍යාපනය, වෘත්තීය ලියාපදිංචිය, රැකියා සහ සංක්‍රමණ අවස්ථා සඳහා පිළිගැනෙන “ගෝලීය ගමන් බලපත්‍රයක්” බවට පත් වී තිබේ. මේ වන විට IIHS රාජ්‍ය හා පෞද්ගලික සෞඛ්‍ය අංශ සඳහා හෙද හා සෞඛ්‍ය වෘත්තිකයන් 5,000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර එහි උපාධිධාරීහු 2,500කට වැඩි පිරිසක් එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, මැද පෙරදිග ඇතුළු රටවල සෞඛ්‍ය සේවාවල නිරත වී සිටිති. උත්සවය අමතමින් IIHS සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේ වසර 25ක් පුරා IIHS ආයතනය සෞඛ්‍ය අධ්‍යාපනය තුළ නවෝත්පාදනයට නායකත්වය දෙමින් සිසුන්ට ලෝකය ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ජාත්‍යන්තර අවස්ථා සපයන ගෝලීය වේදිකාවක් බවට පත් වී ඇති බවයි. IIHS Graduation 2026 එම ගමන් මඟේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වූ අතර නව උපාධිධාරීන් ලොව පුරා සෞඛ්‍ය සේවාවට, අධ්‍යාපනයට හා ප්‍රජා සංවර්ධනයට දායක වන IIHS ගෝලීය පවුලට එක් වීමද එමඟින් සනිටුහන් විය.


