පුවත්

Heart to Heart හදවත් රෝගීන්ගේ අරමුදලට Enchanteur දායකත්වය සපයයි

ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur පසුගියදා හදවත් රෝගීන්ගේ සුබසාදනය උදෙසා කටයුතු කරන පුණ්‍යාධාර අරමුදලක් වන Heart to Heart සමඟ අත්වැල් බැඳ ගත්තේය. මෙම සහයෝගීතාව පසුගියදා පැවති උත්සවයකදී ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට Enchanteur සහ Heart to Heart ආයතනවල නියෝජිතයෝ රැසක්  සහභාගී වූහ. අලෙවි වන සෑම Enchanteur නිෂ්පාදනයකින්ම යම් කිසි මුදලක් හදවත් රෝගීන්ගේ සුබසාදනය වෙනුවෙන් මාසිකව Heart to Heart අරමුදලට බැර වන ආකාරයෙන් මෙම සහයෝගීතාව සැළසුම් කර ඇත.

“අපි සෑම විටම විශ්වාස කරනවා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා ඇති ප්‍රවේශය කියන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව. ඒ වෙනුවෙන්ම කැප වන වෛද්‍යවරුන් පිරිසක් සහ ස්වේච්ඡාවෙන් තමන්ගේ දායකත්වය දක්වන පිරිසක් සමඟ කටයුතු කරන්න ලැබීම අපට ගෞරවයක්.  මේ සහයෝගීතාව වඩාත් නිරෝගීමත් සමාජයක් නිර්මාණය කිරීමට අප සතු කැපවීම පුළුල් කිරීමක්.” Enchanteur කළමණාකාර අධ්‍යක්ෂ උදය නිස්සංක මහතා සඳහන් කළේය. ලොව පුරා ප්‍රසිද්ධ සුවඳ විලවුන් සන්නාමයක් වන Enchanteur හි පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන මෙරට තුළ අලෙවි කිරීම සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ UTN Trading පෞද්ගලික සමාගම විසිනි. එම සමාගම තවත් එවැනි නිෂ්පාදන ගණනාවක ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස කටයුතු කරයි. ජනාධිපතිවරයා යටතේ පාලනය වන Heart to Heart භාරකාර අරමුදල දීර්ඝ කාලයක් පුරා දහස් ගණනක් හදවත් රෝගීන්ගේ සුබසාධනය තහවුරු කිරීම උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය රාජිත වයි. ද සිල්වා එහි සමාරම්භකයෝ වෙති. “අපේ රටේ කිසිවෙකුත් මුදල් නැතිකම නිසා හෘද රෝගවලින් මිය යා යුතු නැත” යන පරමාර්ථය පෙරදැරි කර ගෙන ක්‍රියාත්මක වන මෙම අරමුදල භාරකාර මණ්ඩලයකින් සහ ස්වේච්ඡා කණ්ඩායම් ගණනාවකින් සමන්විත වේ.

Related posts
පුවත්

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන…
Read more
පුවත්

ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම

ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන…
Read more
පුවත්

ශ්‍රී ලාංකික තරුණයන්ට  ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින්  IIHS හා Akutagawa HRM එක් වේ

International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link