පුවත්

දැනට වසර 15 කට වඩා පැරණි CT Scan යන්ත්‍ර වෙනුවට නවීන තාක්ෂණයෙන් යුක්ත CT Scan යන්ත්‍ර

මෙරට රෝහල්වල රෝගී සත්කාර ප්‍රතිකාර සේවාවන් සදහා දැනට CT Scan යන්ත්‍ර 42 ක් භාවිතා කරනු ලබන අතර, එම යන්ත්‍ර අතුරින් CT Scan යන්ත්‍ර 40 ක් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ අවධානය යොමු වීමෙන් අනතුරුව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ඍජුව මැදිහත්වීමෙන්  රත්නපුර සහ කුරුණෑගල රෝහල් වල ඇති යන්ත්‍රවල යම් කොටස් කිහිපයක් නැවත සවි කිරිම (Replace) දැනටමත් සිදු කෙරෙමින් පවති.  කුරුණෑගල රෝහල වෙත එම සවි කිරිමට අදාල කොටස් මේ වනවිට ලබාදීමට පියවර ගෙන ඇති අතර, ඉදිරි දින වන විට එම රෝහලේ CT Scan යන්ත්‍රය  සාමාන්‍ය රෝගී ප්‍රතිකාර සේවා සදහා යොදා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම රත්නපුර රෝහලේ CT Scan යන්ත්‍රය සේවා කිරීම සදහා අවශ්‍ය කොටස් රෝහලට ලබාදීමට කටයුතු සිදුකෙරෙමින් පවතින අතර, තවත් දින 03 ක් වැනි කාලයක් තුල එම CT Scan යන්ත්‍රය ද සාමාන්‍ය රෝගී පරික්ෂණ කටයුතු සදහා යොදාගැනීමට හැකියාව ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ උපදෙස් පරිදි දැනට රෝගී පරීක්ෂණ කටයුතු සදහා යොදා ගනු ලබන වසර 15 කට වඩා පැරණි CT Scan යන්ත්‍ර 03 ක් වෙනුවට නවීන තාක්ෂණයෙන් යුක්ත CT Scan යන්ත්‍ර 03 ක්  ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. තවත් සතියක් තුල ඊට අදාල එක් CT Scan යන්ත්‍රයක් ලැබීමට නියමිත අතර, ඒ අනුව එම යන්ත්‍ර පිළිවෙළින් මාතර දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ ජාතික රෝහල සහ කරාපිටිය ශික්ෂණ රෝහල තුළ ස්ථාපනය කිරිමට නියමිතය.

දැනට මෙම පද්ධතියේ පවතින CT Scan යන්ත්‍ර වලින් අඩක් පමණ වසර 10 ක් හෝ ඊට ආසන්නව භාවිතා කර ඇති බැවින් යම් යම් බිදවැටීම් වලට ලක්වීමේ හැකියාවක් පවතී. එසේ වුවද ඉතා කඩිනමින් මෙම යන්ත්‍ර අළුත්වැඩියා කර රෝගී ප්‍රතිකාර පරික්ෂණ කටයුතු සදහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සිදු කරනු ලබයි.

සාමාන්‍යයෙන් මෙම එක් යන්ත්‍රයකින් මාසිකව රෝගීන් 1000 – 2000 ක් වැනි පිරිසකගේ පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, කොළඹ ජාතික රෝහලේ එම ප්‍රමාණය 3000 – 4000 ක්  පමණ වේ. 

සමස්තයක් ලෙස සාමාන්‍ය CT Scan යන්ත්‍රයක ක්‍රියාකාරී කාලය සියයට 95 ක ප්‍රමාණයකට තබාගෙන කටයුතු සිදු කරන අතර, ජාත්‍යන්තර මට්ටමින් ද එම තත්ත්වය ඉතා හොද තත්ත්වයක් ලෙස පිළිගනු ලබයි.

Related posts
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link