කොළඹ හෙද විදුහලේ 2019 සිසු හෙද කණ්ඩායම සදහා හිස්වැසුම් පැළඳවිම සහ සේවයට කැපවීමේ උළෙල අද (05) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්විනි.
හෙද සිසු සිසුවියන් සදහා වන තුන් අවුරුදු පාඨමාලාවේ පළමු වසර සාර්ථකව අවසන් කරන ලද සිසු සිසුවියන් 367 ක් සදහා මෙහිදී හිස් වැසුම් පැළදවිම සහ සේවයට කැපවීම සිදු කෙරිනි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාවට සහ හෙද සේවාවට සමාන සේවාවක් දකුණු ආසියානු කළාපය තුළ නොමැති බවයි.
මෙරට හෙද සේවාව ඉතාම ඉහළ මට්ටමක පවතින සේවාවක් බවත්, තමන් පසුගිය වසර 07 ක කාලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විවිධ රටවල සේවය කර තිබෙන බවත් එහිදී විවිධ රටවල්වල සෞඛ්‍ය සේවාව පිළිබදව අධ්‍යයනය සහ උපදෙස් ලබා දී කර තිබෙන බව පැවැසිය. එහිදී තමන් ලද අත්දැකීමට අනුව මෙරට සෞඛ්‍ය සේවාවට හෙද සේවාවට සමාන සේවාවක් දකුණු ආසියානු කළාපය තුළ නොමැති බව පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා එවැනි ශක්තිමත් සහ ගුණාත්මක සේවාවකට සම්බන්ධවීමට ඔබට අවස්ථාව සැළසී ඇති බව ද පැවැසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා –
“නයිටින් ගේල් මැතිණිය 1853 ක්‍රිමියන් යුද්ධයේ දී තුවාල ලබන සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම සිදු කළා. එම සේවාව තමයි පසුව හෙද සේවාව බවට පත් වූවා. ඇය හෙද සේවාව ආරම්භ කළා පමණක් නොව දැඩිසත්කාර ඒකක ක්‍රමය ආරම්භ කිරීමේ මුලික කෙනා ද වෙනවා. ඒ නිසාම ඉතාම ආදරයෙන්, ගෞරවයෙන් මේ වේලාවේ එතුමිය සිහිපත් කළ යුතු වෙනවා.”
“හෙදිය රෝගියා සමග පැය 24 ම වාට්ටුවේ සිටිනවා. සෞඛ්‍ය සේවාව බ්‍රමනය වන්නේ හෙද නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වටා. ඒ නිසා ඔබ සියළු දෙනාට විශාල වගකීමක් පැවරිලා තිබෙනවා.”
“සෞඛ්‍ය අමාත්‍යාංශය හැමවිටම රෝහල් වලට සහ අනෙකුත් සෞඛ්‍ය ආයතනවලට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් තීර්තිමත් සෞඛ්‍ය සේවාවක් ලෙස මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා.”
“ප්‍රවීණ ක්‍රීඩකයෙක් හිටියා හුසේන් බොල්ටි කියලා. ඔහු ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ කවදාවත් කඩන්න බැරි වාර්තාවක් තියලා තිබෙනවා. ඒ වාර්තාව අනාගතයේත් කඩන්න බැරි වෙයි. ඒ තමයි ඔලිම්පික් තරඟ 03 ක 2008,2012,2016 මීටර් 100 සහ 200 පළමු වනියා ලෙස ජයගැනිම. එතුමා 2004 වසරේ මීටර් 200 ධාවන තරඟයේ දී අන්තිමයා බවට පත් වුණා. පසුව ඔහු වාර්තාවක් තිබ්බා. ඔහු කියනවා අපට අපහසු දේවල් නැහැ කියලා. අපට
අධිෂ්ඨානය තිබෙනවා නම් ජයගත නොහැකි කිසිම දෙයක් නැහැ කියලා. ඔබ සියළු දෙනාටත් එය පොදුයි. අධිෂ්ඨානයෙන් යුතුව හෙද සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමට, සේවාවේ ප්‍රවර්ධනය සදහා කැපවී සේවය කරන්න.” යැයි වැඩිදුරටත් පැවැසීය.
මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, වෛද්‍ය ඉන්දික ජාගොඩ, වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, කාසල්විදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂවරුන් වන ඩබ්.ඒ කීර්තිරත්න, ඒ.එම්.ඒ අබේනායක, එම්.බී.සී සමන්මලී, කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි අයි.ඩී.පී.එන්.කේ තිළකරන්න යන මහත්ම මහත්මීන් ඇතුලු හෙද විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
daxktilogibigibi.Ruqxj1FKHPMz
servilism xyandanxvurulmus.pcwJOgTCmuU6
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Your article helped me a lot, is there any more related content? Thanks!
thxx
Your article helped me a lot, is there any more related content? Thanks!
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.
I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?
Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?