පුවත්

බීම් හෙළ ඔසු ලංකා Golden Inmediens සම්මාන උළෙලේ දී රිදී සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,  දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ තවත් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

ජනතාවට උසස්ම තත්ත්වයේ ශාකසාර නිෂ්පාදන සැපයීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බීම් හෙළ ඔසු ලංකා සමාගම 1994දී ඇරැඹිණි. එම සමාගම වෙළෙඳපොළට නිකුත් කරන ඉහළම ඉල්ලුමක් ඇති නිෂ්පාදන අතර ළමුන් සඳහා දෙන ජීව සිරප් හා කප්පරවල්ලිය පැණිය, ශාකසාර පාන වර්ගවලට අයත් බීම් සුව ධරණී හා විවිධ රසවලින් යුතු තේ වර්ග, ඖෂධීය ආලේපන ඛාණ්ඩයට අයත් බීම් බාම් හා කපුරු ක්‍රීම්, ශාකසාර පෞද්ගලික සුවතා නිෂ්පාදන වන අශ්වගන්ධ කරල් හා එඬරු තෙල්, ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් හා සුවෝදා පේයාව ආදිය ප්‍රධාන තැනක් ගනී. සිය නිෂ්පාදන සහ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මක බව සහතික කරමින් පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට බීම් හෙළ ඔසු ලංකා සමාගම සෑම විටම උත්සාහ කරයි. නවීන තාක්ෂණය සමඟ සිය නිෂ්පාදනවල ස්වාභාවික ශාකසාර බව සහ ඖෂධීය වටිනාකම රැක ගැනීම පිළිබඳව එම සමාගම සුවිශේෂ අවධානයක් යොමු කරයි. ISO 22000:2018 වැනි තත්ත්ව සහතික රැසක් දිනා ඇති බීම් හෙළ ඔසු ලංකා සමාගමේ නිෂ්පාදන දිවයින පුරා පිහිටි බටහිර ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසල්වලින්, ආයුර්වේද ඔසුසල්වලින් සහ දිවයින පුරා විහිදී සිටින සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් මිල දී ගත හැකිය.

Related posts
පුවත්

මෙඩිහෙල්ප් කිරිබත්ගොඩට යළි පැමිණෙයි

නව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් සමඟ…
Read more
පුවත්

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන…
Read more
පුවත්

ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම

ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link