පුවත්

Biomedical Sciences උපාධිය පිරිනැමීමට Coventry University සහ IIHS එක් වේ

දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ ඉතා වැදගත් අංගයකි. එය  වෛද්‍ය විද්‍යාව සහ පර්යේෂණ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීම, විද්‍යාගාර සොයා ගැනීම් සායනික කටයුතු සඳහා යොදා ගැනීම සහ ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා වැදගත් වන නවීන තාක්ෂණික උපක්‍රම පිළිබඳ දැනුම සපයයි. ජෛව වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා සුදුසු අධ්‍යාපන ආයතනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වන අතර වසර 22ක් පුරා සෞඛ්‍ය වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් නිර්මාණය කර ඇති IIHS ආයතනය එවැනි ආයතනය එහිදී ඉදිරියෙන්ම සිටී. 2021 සහ 2022 වසරවලට අදාළ Guardian University නිර්ණායක විසින් Coventry විශ්ව විද්‍යාලය සහ IIHS ආයතනය වෘත්තීය අධ්‍යාපනය සඳහා විශිෂ්ට ඒකාබද්ධ විශ්ව විද්‍යාලයක් ලෙස හඳුනා ගනු ලැබ ඇති අතර ඉගැන්වීම් හා පහසුකම් සඳහා 5 QS Stars සහතිකයද ලබා ඇත.

මෙම උපාධි පාඨමාලාව Institute of Biomedical Science (IBMS) සහ Health and Care Professions Council (HCPC) යන ආයතනවල අනුමැතියද ලබා තිබේ. ඒ හරහා එහි ගුණාත්මක බව තහවුරු වන අතර පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ට එක්සත් රාජධානියේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබේ. පුළුල් දැනුම සහ අත්දැකීම් සහිත විදේශීය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ද ඇතුළු ආචාර්ය මණ්ඩලයක් යටතේ පළමු දින පටන් උසස් තාක්ෂණයෙන් සහ නවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරවල ප්‍රයෝගික ඉගෙනුම් ක්‍රමවේද යටතේ වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් සහතික කිරීමට IIHS ආයතනය කටයුතු කරයි. ජාතික සෞඛ්‍ය සේවාවේ හෝ පෞද්ගලික අංශයේ ජෛව වෛද්‍ය විද්‍යාඥයන් ලෙස කටයුතු කිරීමට හෝ ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තියක් වෙත යොමු වීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන පරිදි මෙම වැඩසටහන සකසා ඇත. පර්යේෂණවල නියැලීමට සහ MSc හෝ PhD මට්ටමේ පාඨමාලා හැදෑරීමටද මෙමගින් අවස්ථාව ලැබේ. “වෛද්‍ය සහායකයන් ලෙස වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වන අයටත් මේ පාඨමාලාව හදාරන්න හැකියාව තිබෙනවා. විද්‍යාත්මක දැනුම සැපයීමට අමතරව මේ පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ගැටලු විසඳීමේ හැකියාව, තාර්කික චින්තනය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. විද්‍යාව හා සම්බන්ධ මෙන්ම රාජ්‍ය සේවයේ සහ කළමනාකරණ මට්ටමේ රැකියා සඳහා මෙම පාඨමාලාව ඉවහල් වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related posts
පුවත්

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ උපදෙස් පිළිපදින්න

තාක්ෂණයේ දියුණුවත් සමඟ බොහෝ දෙනාගේ…
Read more
පුවත්

IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට

මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ…
Read more
පුවත්

IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *