පුවත්

නවලෝක රෝහල සාර්ථකව mini-PCNL සංකීර්ණ වකුගඩු ගල් ඉවත් කිරීමේ සැත්කමක් සිදු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික රෝහලක් වන නවලෝක රෝහල් සමූහය, රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට mini nephrolithotomy (mini-PCNL) භාවිතයෙන් සංකීර්ණ වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත. සම්පූර්ණ වම් වකුගඩුව සම්බන්ධ සෙන්ටිමීටර 4 ක දැවැන්ත වකුගඩු ගලක් ඉවත් කරන ලද මෙම ක්‍රියා පටිපාටියේ සංකීර්ණත්වය හේතුවෙන් මෙය වෛද්‍ය විද්‍යාවේ දැවැන්ත ඉදිරි පියවරක් ලෙස සලකනු ලැබේ.

අති නවීන තාක්ෂණයෙන් සහ අති නවීන යන්ත්‍ර සූත්‍රවලින් සන්නද්ධ වූ නවලෝක වෛද්‍ය කණ්ඩායම, කිසිදු ශේෂයක් ඉතිරි නොකර මුළු වකුගඩු ගලම ඉවත් කිරීමට සමත් වූයේ සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමිනි. ශල්‍ය වෛද්‍යවරයා, හෙද සහායකයින් දෙදෙනෙක්, වෛද්‍ය තාක්ෂණික නිලධාරීන් දෙදෙනෙක් සහ එක් විකිරණවේදියෙක් ඇතුළුව ශල්‍ය වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකු පමණක් සිටි මෙම සියුම් ශල්‍යකර්මයේ සාර්ථකත්වය කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලයකි.

මෙම ගල සොයාගැනීමේ සිට ශල්‍යකර්මය සාර්ථකව නිම කිරීම දක්වා වූ මුළු ක්‍රියාපටිපාටියටම ගතවූයේ පැය 24කටත් අඩු කාලයකි. ඒ තුළින් නවලෝක රෝහල් සමූහයෙහි කාර්යක්ෂමතාවය සහ රෝගී සත්කාර කෙරෙහි ඔවුන් දක්වන කැපවීම පෙන්නුම් කරයි. ශල්‍යකර්මයෙන් අනතුරුව රෝගියා යළි යථාතත්වයට පත්වන තුරුම රෝහල් කාර්යයමණ්ඩලය රෝගියා වෙත සිය උපරිම අවධානය ලබාදෙයි.

ලේසර් තාක්ෂණය මගින් කැළැල්, මැහුම්, ලේ ගැලීම හෝ ශල්‍යකර්මයෙන් පසුව සංකූලතා නොමැති වීම සහතික කළ හැකි බැවින් රෝගියාට ඉක්මන් සුවයක් ලබාගත හැකිය. මෙහිදී රෝගියාට කිසිදු වේදනාවක් අත්විඳීමට සිදු නොවන අතර ශල්‍යකර්මයෙන් පසුවද බාධාවකින් තොරව ඔවුන්ගේ එදිනෙදා ජීවිතය ගත කළ හැකිය.

මෙම ශල්‍යකර්මයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය, නවලෝක රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය කලණ පල්ලියගුරුගේ මහතා ශල්‍යකර්මය සාර්ථකව අවසන් කිරීම පිළිබඳව සිය සතුට පළ කළේය. මෙවන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගත හැක්කේ නවලෝක රෝහල් හි සිටින දක්ෂ කාර්ය මණ්ඩලය සහ නවලෝක රෝහල් සමූහය සතු අති නවීන තාක්ෂණික උපකරණ සහ උපාංග නිසා බව ඔහු අවධාරණය කළේය.

“නවලෝක රෝහලේදක්ෂ සෞඛ්‍ය වෘත්තිකයන් සහ අති නවීන තාක්ෂණය පිළිබඳව මෙම සාර්ථක ශල්‍යකර්මය සාක්ෂි දරනවා. අපගේ සුවිශේෂී කණ්ඩායම ගැන මම ආඩම්බර වන අතර, මෙම සාර්ථකත්වයට හේතු වූ නවලෝක රෝහලේ නවීනතම උපකරණ සහ සම්පත් පිළිබඳව මම රෝහලට කෘතඥ වෙනවා. වැදගත්ම දෙය නම්, අපගේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න, වේදනා රහිත ජීවිතයකට මංපෙත් විවර කිරීමට ලැබීමයි. මෙවැනි සාර්ථකත්වයන් තුළින් රෝගීන්ට හැකි උපරිම ප්‍රතිකාර ලබා දීමට අපගේ කැපවීම නැවතත් තහවුරු කරනවා.” යනුවෙන් වෛද්‍ය කලණ පල්ලියගුරුගේ මහතා පැවසීය.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link