පුවත්

දියවැඩියාවෙන් ආරක්ෂාව සරල ක්‍රම කිහිපයකින්

දියවැඩියාව අද වන විට ලොව පුරා වේගයෙන්ම ව්‍යප්ත වන රෝගය බවට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති නවතම දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම දියවැඩියා රෝග ව්‍යාප්තියක් ඇති රටවල් 50 අතරට පැමිණ තිබේ. 

හෘද රෝග ඇතුළු රෝග ගණනාවකට මුල්වන දියවැඩියාවෙන් මිදීමට අනුගමනය කළ යුතුව ඇත්තේ ඉතා සරල ක්‍රම කිහිපයකි. ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙක් නම් ඔබේ වෛද්‍යවරයා නිසි අවස්ථාවන් හි හමුවීම, සායන වලට යොමු වීම, අනුමත ඖෂධ භාවිතා කිරීම, සුදුසු ව්‍යායාමවල යෙදීම, නිසි ආහාර භාවිතය ආදියට අමතරව දියවැඩියාව පැරදවීමට උපකාරීවන අනුමත ආහාර අතිරේක ලබා ගැනීම ද රෝග තත්ත්වය පාලනය කර ගැනීමට නැතහොත් සාමාන්‍යකරණය කර ගැනීමට උපකාරී වේ.

දියවැඩියාව සඳහා ශාකසාර අඩංගු අතිරේක වලට ලොව පුරා ප්‍රබල විශ්වාසයක් සහ අධික ඉල්ලුමක් නිර්මාණය වී ඇත.

ඒ අතරිනුත් ලොව ඉහළම පිළිගැනීමක් ඇති ශාකසාරයකි ‘ජින්සෙන්’. කොරියාවේ වැවෙන ශාකයක් වන නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් ‘රෙඩ් ජින්සෙන්’ නමින්ද හැඳින්වෙයි. 

ප්‍රධාන වශයෙන් ජින්සෙන් සාරයට ශරීරයේ ඇති ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය තීව්‍ර කිරීමට මනා හැකියාවක් ඇති බවත් දියවැඩියාව පැරදවීම සඳහා ක්‍රම ගණනාවකින් ක්‍රියාත්මක වන බවත් විද්‍යාත්මක පරීක්ෂණවලින් සනාථ කර ඇත. අක්මාව තුළ ග්ලූකෝස් නිපදවීම අඩුකිරීමටත්, අග්න්‍යාශය තුළ ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය අඩුකිරීමටත්, අන්ත්‍රවලට ග්ලූකෝස් අවශෝෂණය කර ගැනීම පාලනය කිරීමත් මෙන්ම මේද පටක හා මාංශ පටකවල ඉන්සියුලින් ප්‍රතිරෝධතාවය අඩුකරමින් ග්ලූකෝස් පරිභෝජනය වැඩි කිරීමටත් ඊට හැකියාවක් පවතී.

මෙම මාහැඟි  ගුණ ශ්‍රී ලාංකික අපට ද භාවිතා කිරීමේ භාග්‍යය උදාවී ඇත්තේ මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති නියම කොරියන් පැනැක්ස් ජින්සෙන් අඩංගු ප්‍රමුඛ සහ ප්‍රථම නිෂ්පාදනය වන ‘ජින්සොමින්’ නිසාවෙනි. ජින්සොමින් කැප්සුලයක ජින්සෙන් සමගින් දියවැඩියා රෝගීන්ගේ සංකූලතා මග හරවන්නට උපකාරවන විටමින් හා ඛනිජ ලවණ දහනමයක් (19) ක්ම අඩංගු කර තිබීම ද විශේෂත්වයකි. 

ජින්සොමින්, දියවැඩියාවට අමතරව දියවැඩියා රෝගීන් මුහුණ දෙන නිදිමත ගතිය, අත් පා රුදාව, යටි පතුල් වේදනාව ආදී සංකූලතා මගහරවා ගැනීමටත් කායික, මානසික සහ ධාරණ ශක්තීන් වර්ධනය කරමින් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් ඉතාමත් සුදුසුය. 

ජින්සොමින් සියලුම ෆාමසි වලින් මිලදී ගත හැකි අතර දිනකට එක් කරලක් උදේ ආහාරයෙන් පසුව ගැනීමෙන් ඉහත දැක්වූ මහඟු ප්‍රතිඵල අත්පත් කරගත හැකිය.

Related posts
පුවත්

Medihelp Hospitals NCQP 2026 රන් හා රිදී සම්මාන තුන බැගින් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික…
Read more
පුවත්

IIHS Biological Foundation Programme සාමාන්‍ය පෙළෙන් පසු ගෝලීය සෞඛ්‍ය වෘත්තිවලට නව මාවතක් විවර කරයි

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අධ්‍යාපන…
Read more
පුවත්

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරමින් සෞඛ්‍ය වෘත්තිකයන් 650කට අධික පිරිසකට උපාධි පිරිනමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link