පුවත්

Seylan Cards සහ Doc990 එක් වී කාඩ්පත් හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සඳහා සුවිශේෂී වට්ටම් පිරිනමයි

ගනුදෙනුකරුවන්ගේ මූලික අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍යම කාඩ්පත (‘Essential Card for Essential Needs’) වශයෙන් ජනප්‍රිය වී ඇති සෙලාන් කාඩ්පත්, එම පිළිගැනීම තවදුරටත් තහවුරු කරගනිමින්, සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් Doc990 සමග එක් වී විශේෂ වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දී තිබේ.

මේ යටතේ රෝහල් 150 කට අධික සංඛ්‍යාවක විශේෂඥ වෛද්‍යවරුන් 4,500 කට අධික පිරිසකගේ චැනල් ගාස්තු සඳහා 50% ක වට්ටමක් හිමි වනු ඇත. මෙය සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට වඩාත් පහසුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගන්නා අතරම සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

Dialog Axiata PLC මගින් බලගැන්වෙන Doc990 යනු නවීනතම තාක්ෂණය සහ විශේෂඥ දැනුම එක්තැන් කරන ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුමයි.

සෙලාන් කාඩ්පත් හිමියන්ට App Store හෝ Google Play Store වෙතින් Doc990 ජංගම යෙදවුම බාගත කරගැනීමෙන් හෝ www.doc.lk වෙබ් අඩවියට පිවිසීම මගින් Doc990 සේවාව භාවිතා කළ හැකි වේ. එමෙන්ම SLT හැර වෙනත් ඕනෑම ජංගම දුරකථන ජාලයකින් 990 ඇමතීම මගින්ද මෙම සේවාව භාවිතා කළ හැක.

දැනටමත් සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමි පුද්ගලයන්ට මෙම දීමනාව පිළිබඳ වැඩිදුර තොරතුරු 011-200-88-88 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ලබාගත හැකි වේ. සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පතක් ලබාගැනීමට බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට 070 445 6841 අංකයෙන් දුමින්ද හෝ  070 445 6835 අංකයෙන් විදුරංග ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැක.  

Related posts
පුවත්

ශ්‍රී ලාංකික තරුණයන්ට  ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින්  IIHS හා Akutagawa HRM එක් වේ

International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක්…
Read more
පුවත්

අධි රුධිර පීඩනය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ත්‍රිත්ව ඖෂධීය විසඳුම්

අධි රුධිර පීඩනය සඳහා නිර්දේශිත ඖෂධ…
Read more
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link