පුවත්

MediHelp රෝහල් සමූහය අති නවීනතම වෛද්‍ය සේවාවන්ගෙන් සමන්විත රෝහල් ශාඛාවක් බණ්ඩාරගම නග‌රයේ විවෘත කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දැරිය හැකි මිලකට මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය සේවාවන් දීපව්‍යාප්තව පුළුල් කරලීමේ පියවරක් ඉදිරියට තබමින් නවීන වෛද්‍ය ප්‍රතිකාරයන්ගෙන් සමන්විත සිය නවතම රෝහල් ශාඛාව බණ්ඩාරගම නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. අභිනව බණ්ඩාරගම රෝහලේ සමාරම්භක අවස්ථාවට MediHelp Hospitals සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, MediHelp රසායනාගාර සමූහයේ අධ්‍යක්ෂිකා සුනන්දා විජේසිරිවර්ධන, සෞඛ්‍ය අමාත්‍යංශයේ පුද්ගලික සුවසේවා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම් වෛද්‍ය ධම්මික අලහප්පෙරුම, කලුතර දිස්ත්‍රික්කයේ කලාපීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය යූ.අයි රත්නායක, MediHelp රෝහල් සමූහයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන, සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන සහ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්ම මහත්මීන් මෙම අවස්තාවට සහභාගී විය.

MediHelp Hospitals සමූහයේ නවතම ශාඛාව මූලික රෝහල් සේවා ලබා දීම සඳහා අවශ්‍ය අති නවීන වෛද්‍ය උපාංගයන්‌ගෙන් සමන්විත වන අතර බාහිර රෝගී අංශය, ඇඳන් 5කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගරය, ෆාමසිය, එක්ස් කිරණ සේවා, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, echocardiography, භෞතචිකිත්සක සේවා, අක්ෂි ප්‍රතිකාර, මෙන්ම විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගත හැකි වඩාත් ඉඩ පහසුකම් සහිත පරීශ්‍රයකින් සමන්විත වේ. MediHelp සමූහයේ වෛද්‍ය , හෙද සහ පරීපූරක වෛද්‍ය සේවා කණ්ඩායම් ද දැඩි කැපවීමකින් යුතුව ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් කැපවී සිටී.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ දශක කිහිපයකට පෙර මා සහ මගේ බිරිඳ විසින් ඉතාම සුළුවෙන් ආරම්භ කළ අප ව්‍යාපාරය මේ වන විට දැවැන්ත සෞඛ්‍යසේවා ජාලයක් බවට පත් වෙමින් තවත් වැඩෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සුවපත් කිරීමටත් තවත් විශාල සංඛ්‍යාවක් වෙත රැකියා උත්පාදනය කිරීමටත් හැකි වීම පිලිබඳව මට විශාල සතුටක් දැනෙනවා. ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ වඩාත් උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් අපගේ පාරිභෝගිකයින්ට ලබා දීමටයි. ආරම්භයේ සිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන රෝහල් සමූහයක් ලෙස ජනතාව විසින් අප වෙත තැබූ විශ්වාසය හේතුවෙන් අද වන විට ශ්‍රී ලාංකිකයින් අතදැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයෙන් යුතු විශ්වාසදායී සුවසේවා සපයන්නකු ලෙස Medihelp සන්නාමය පෙරට පැමිණ තිබෙනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී උත්සවය ඇමතූ රෝහල් සමූහයේ විදායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවසුවේ “ උසස් තත්වයේ රොහල් සේවාවක අවශ්‍යතාව දැන් කාලයක් තිස්සේ බණ්ඩාරගම නගරයට අඩුවක් ව පැවතුනා. එබැවින් මෙබඳු සේවාවක අවශ්‍යතාව දැඩිව දැනුනු ස්ථානයක අතීනවීන වෛද්‍ය ප්‍රතිකර පහසුකම්වලින් සමන්විත මූලික ප්‍රතිකාර සපයන රෝහලක් ස්ථාපිත කිරීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වෙනවා. එමෙන්ම ශක්තිමත් උපායමාර්ගික වර්ධනයක් සහ සාර්ථක ව්‍යාපාර ගමනක යෙදෙමින් ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රය වෙත අඛණ්ඩව දැයකත්වය දැක්වීමට හැකි වීම අප ලද මහත් භාග්‍යක් ලෙස හැඳින්වීමට පුළුවන්”යනුවෙනි.

අභිනව බණ්ඩාරගම රෝහල් සමාරම්භයට එක් වූ සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා “ බණ්ඩාරගම නගරයෙහි අභිනවයෙන් විවෘත වූ  Medihelp රෝහල, ජනාකීර්ණ එහෙත් ගුණාත්මක රෝහල් සේවාවක් නොමැති නගරයන් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් එම නගර ආශ්‍රිතව රෝහල්ශාඛාවන් ඇරඹීමේ උපායමාර්ගික ව්‍යාපාරික වැඩ සැලසුම හොඳින් පිළිබිඹු වන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. සමාන්‍යයෙන් පුද්ගලික රෝහල් සේවා ක්ෂේත්‍රයෙහි ආයෝජනයන්ප රජයේ ප්‍රධාන පෙළේ රෝහල් ඇති නගරවල සිදු කරත් ඊට හාත්පසින්ම වෙනස් උපායමාර්ගයක් අප විසින් අනුගමනය කිරීම අපගේ ව්‍යාපාරික සැලැස්මේ සුවිශේෂීභාවයයි.. සියලු පහසුකම් එකම ස්ථානයකින් ලබා දෙමින් රෝගීන්ට ප්‍රමුඛත්වය ලබා දෙන අපගේ ව්‍යාපාරික සංකල්පය හේතුවෙන් මෙඩිහෙල්ප් රෝහල් සමූහයේ සෑම රෝහල් ශාඛාවක්ම වඩාත් සාර්ථකව තම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන  යෑමට සමත් වී සිටිනවා” යනුවෙන් පැවසීය.

Related posts
පුවත්

ලෝක දෘෂ්ටිමිතික සතියට සමගාමීව අක්ෂි සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා විෂන් කෙයා විසින්  "Vision Care Primary Eye Screening Program" දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි…
Read more
පුවත්

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන…
Read more
පුවත්

IIHS ආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.