පුවත්

රෝයල් නර්සිං හෝම් සමාගමේ පස්වැනි හෙද නිවාසය කාමර 100ක් සහිතව හංවැල්ලේදී විවෘතවේ

ශ්‍රී ලංකාවේ පළමු සහ එකම සුඛෝපභෝගී හෙද නිවාස තුනට හා එක්සත් රාජධානියේ  ලන්ඩන් නගරයේ අංක 4/4A Bloomsbury Square, London WC1A 2RP ලිපිනයේ පිහිටි සුඛෝපභෝගී හෙද නිවාසය ඇතුළු හෙද නිවාස හතරකට හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමේ පස්වැනි හෙද නිවාසය හංවැල්ල නගරයේදී විවෘත වේ. සිසිල් සුළං හමන කැළණි ගඟට මායිම් වූ හරිත වර්ණ පරිසරයකින් සමන්විත අක්කර දෙකක භූමි භාගයක පිහිටි නිදන කාමර 100කින් සමන්විත මෙම හෙද නිවාසය මීට කලින් සංචාරක හෝටලයක් විය. එම සංචාරක හෝටලය වැඩිහිටි නේවාසික රැකවරණ මාර්ගෝපදේශවලට අනුව ISO 9001-2015 ජාත්‍යන්තර සම්මතයට අනුකූලව අලුත්වැඩියා කර 2025 වර්ෂයේ ජනවාරි මස පළමුවැනිදා සිට විවෘත කෙරෙනු ඇත.

2007 වර්ෂයේ ජාත්‍යන්තර ගුණාත්මක වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රය පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සහ වෛද්‍යවරුන්,  හෙද පාලිකාවන්, හෙදියන් ඇතුළු 1200කට වැඩි කාර්ය මණ්ඩලයක් සහිත රෝයල් නර්සින් හෝම් සමාගමේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතා වැඩිහිටි රැකවරණ ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි පළපුරුද්ද සහිත වෘත්තිකයෙකි. ඔහු ඉන්දියාවේ කාන්පූර් චත්‍රපති ෂාහු ජී මහරාජ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව MBA උපාධියක්, සිංගප්පූරුවේ පාර්ක්වේ විද්‍යාලයෙන් සෞඛ්‍ය ආරක්ෂණ කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ පීඨයෙන් ඩිප්ලෝමාවක් ලබා ඇත. මෙම පුළුල් අධ්‍යාපනික පසුබිම ව්‍යාපාර ලෝකයේ මෙන්ම සෞඛ්‍ය සේවා අංශයේ විශිෂ්ටයෙකු වීමට හේවාවසම් මහතාට සහාය වී ඇත. ඔහුගේ නායකත්වය යටතේ ආරම්භ කෙරෙන හංවැල්ල හෙද නිවාසය රටේ පවතින ආර්ථික තත්ත්වයට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දැරිය හැකි සාධාරණ මිලකට සේවා සපයනු ඇත. සෞන්දර්යයෙන් අනූන නිදහස් ස්වභාවික පරිසරයක ජීවිතයේ සැඳෑ සමය ගත කිරීමට කැමති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙම හංවැල්ල හෙද නිවාසය වඩාත් උචිත ස්ථානයක් වනු ඇති බව හේවාවසම් මහතා සඳහන් කළේය.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link