පුවත්

පීපල්ස් ලීසිං සමාගමේ ත්‍රිකුණාමලය ශාඛාව අති සාර්ථක ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි

බැංකු නොවන මුදල් ආයතන අතර විශ්වාසයේ ප්‍රමුඛයාවන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි ත්‍රිකුණාමලය ශාඛාව එහි කළමනාකරු එම්. කිරුපාකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවනවරටත් සංවිධානය කළ “ජීවය දෙන්න” නම් ලේ දන්දීමේ වැඩසටහන අති සාර්ථකව පසුගියදා නිමාවට පත් විය. 

පීපල්ස් ලීසිං ත්‍රිකුණාමලය ශාඛාවේ 19වන සංවත්සරයට සමගාමිව ත්‍රිකුණාමලය මහ රෝහලේ ඉල්ලීම පරිදි මෙම ලේ දන්දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. රුධිරය පරිත්‍යාගකිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රදේශවාසී ජනතාව තුළ කදිම අවබෝධයක් හා උනන්දුවක් ඇතිකිරීමෙන් ඉතා ඉහල සහභාගීත්වයක් මෙම වැඩසටහනට හිමිකරගැනීමට හැකිවීම කැපීපෙනෙන්නක් විය. පීපල්ස් ලීසිං කාර්යමණ්ඩල සාමාජිකයන් ඇතුළු රුධිර පරිත්‍යාගශීලීන් 156දෙනෙකුගේ වාර්තාගත සහභාගීත්වයකින් වැඩසටහනෙන් රුධිර පයින්ට් 156ක් ජාතික රුධිර පද්ධතියට සැපයිමට හැකි විය.

මෙම වැඩසටහන වාර්තාගත අන්දමින් සාර්ථකවූයේ මනා උපදේශනයක් හා අධික්ෂණය ලබාදෙමින් උපදේශක සීනා සනුස් මහත්මිය, වෛද්‍ය ඩබ්ලිව් සී. එම්. සමරවීර, වෛද්‍ය පී. බි්‍රටික්කා සහ ත්‍රිකුණාමලය මහ රෝහලේ සම්බන්ධිකාරක එස්. තේවේන්ද්‍රන් මහත්මිය සිදු කළ සුවිශේෂි කාර්යභාර්ය හේතුවෙනි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

Related posts
පුවත්

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන…
Read more
පුවත්

ලෝක සෞඛ්‍ය සේවාවට ශ්‍රී ලංකාවෙන් ගෝලීය හෙද වෘත්තිකයන් බිහි කළ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහගේ දැක්ම

ලෝකයම මේ වන විට හෙද වෘත්තිකයන් මිලියන…
Read more
පුවත්

ශ්‍රී ලාංකික තරුණයන්ට  ජපානයේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා උදා කරමින්  IIHS හා Akutagawa HRM එක් වේ

International Institute of Health Sciences (IIHS) සහ ජපානයේ Akutagawa HRM එක්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link