පුවත්

ලොව පිළිගත් ව්‍යාපාර නායකයන් බිහි කිරීමේ අරමුණෙන් IIHS ව්‍යාපාර පාසල ආරම්භ වේ

මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනයට අනුබද්ධ ව්‍යාපාර පාසල පසුගියදා විවෘත විය. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වය යටතේ එය දියත් කරන ලදී. අනාගත ව්‍යාපාර වෘත්තිකයන් අතර ව්‍යවසායකත්වය, ගෝලීය නිපුණතා ප්‍රවර්ධනය තුළින් ව්‍යාපාර සහ සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ධනාත්මක විප්ලවයක් ඇති කිරීම මෙම මුල පිරීමේ අරමුණයි. ඊට අමතරව, එම ක්ෂේත්‍ර දෙක එකිනෙකට සමීප කිරීමටත්, අත්‍යවශ්‍ය නායකත්ව ගුණාංග සහ මෙහෙයුම් හා උපායමාර්ගික නිපුණතාවලින් උපාධිධාරීන් සන්නද්ධ කිරීමටත් සැළැසුම් කර ඇත. ව්‍යාපාර පාසල සමඟ සම්බන්ධ වන සිසුන්ට ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඉහළ මට්ටමේ පුහුණුවක් සපයයි. ඔවුන් බල ගැන්වීම තුළින් ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ නව්‍යතාව වර්ධනය කිරීම IIHS ආයතනයේ අරමුණ වේ.

ව්‍යාපාර පාසල විවෘත කිරීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ. Swisstek Aluminium සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ආචාර්ය තරිඳු අතපත්තු, කොළඹ විශ්ව විද්‍යාලයේ MBA විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ, IIHS ආයතනයේ උප කුලපති ආචාර්ය රේණුකා ජයතිස්ස, IIHS ආයතනයේ පීඨාධිපති හා සම නිර්මාතෘ වෛද්‍ය නිහාල් ද සිල්වා, චන්දිම සමරසිංහ සහ උපාලි රත්නායක යන මහත්ම මහත්මීහු ඒ අතර වූහ. ඔවුන්ගේ සහභාගිත්වය තුළින් ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය ඒකාබද්ධ කිරීමේ ඇති වැදගත්කම ඉතා හොඳින් පිළිබිඹු විය. උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේ ගෝලීය රටාවලට ගැළපෙන, තිරසාර වර්ධනය ඇති කළ හැකි ව්‍යාපාර නායකයන් බිහි කිරීමට IIHS ආයතනය කැප වී සිටින බවයි. “ඉදිරිගාමී විෂය මාලා, විශේෂඥයන්ගෙන් සැදුම් ලත් පීඨ සහ ශක්තිමත් කර්මාන්ත සම්බන්ධතා සමඟ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අධ්‍යාපන ක්ෂේත්‍රය නැවත අර්ථ දැක්වීමට IIHS ව්‍යාපාර පාසල සූදානම්. මෙය සෞඛ්‍ය සේවා සහ ව්‍යාපාර යන දෙඅංශයේම අනාගත නායකයන් සඳහා අඩිතාලමක් සකසන මුල පිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ තුළින් නිරන්තරයෙන් වෙනස් වන ලෝකයේ අභියෝගවලට මුහුණ දිය හැකි නව පරම්පරාවේ වෘත්තිකයන් බිහි කිරීමට අපට හැකි වනු ඇති.” එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link