පුවත්

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමග සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ඇත. IIHS ආයතනය දශක හතරකට වැඩි කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සිසුන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනා තිබේ. එම ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන්ට ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානියේ Surrey විශ්ව විද්‍යාලය සහ ෆින්ලන්තයේ වෝහාරික විද්‍යා විශ්ව විද්‍යාලය ඇතුළු ඉහළ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාලවලට ඇතුළු වී වැඩි දුර අධ්‍යාපනය හැදෑරිය හැක. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වත්තල, කඳාන, ජාඇල, මීගමුව, කඩවත, කිරිබත්ගොඩ ඇතුළු නගරවලට ආසන්නයෙන් පිහිටා තිබෙන IIHS ආයතනය ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ගේ පළමු තෝරා ගැනීම වී තිබේ.

IIHS ප්‍රධාන විධායක නිලධාරී සහ සම නිර්මාතෘ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ සඳහන් කළේ කෙරවලපිටිය සහ වැලිසර පිහිටි විශ්ව විද්‍යාල පරිශ්‍ර තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසු සිසුවියන් විශාල සංඛ්‍යාවක් දැනටමත් අධ්‍යාපනය ලබන බවයි. ප්‍රධාන නගරවලට ආසන්නව පිහිටා තිබීම තුළ සිසුන්ට විශාල වියදමකින් තොරව උසස් තත්ත්වයේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ලැබී ඇති බවද ඔහු පැවැසුවේය. උසස් තත්ත්වයේ දේශන ශාලා සහ නවීන තාක්ෂණය සහිත විද්‍යාගාරවලින් සමන්විත IIHS ආයතනය සිසුන්ට උසස්ම තත්ත්වයේ අධ්‍යාපන අත්දැකීමක් සපයයි. සැබෑ ලෝකයේ ඇති විය හැකි තත්ත්ව සමග කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් දීමේ අරමුණෙන් ඉතා උසස් තත්ත්වයේ සමාකරණ මධ්‍යස්ථාන නිර්මාණය කර තිබේ. ඒකාබද්ධ ඉගැනුම් අවකාශ සහ අන්තර් ක්‍රියාකාරී පන්ති කාමර සිසුන්ට ඉතා කාර්යක්ෂම සහ ඵලදායි ඉගැනුම් අත්දැකීමක් සපයයි. Advanced Diploma in General Nursing, Advanced Diploma in Physiotherapy, Advanced Diploma in Biomedical Science, Foundation in Bio Science, Diploma in Health Science ඇතුළු පාඨමාලා සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක් මිනිත්තු කිහිපයක දුරින් පිහිටා තිබීම දෙමාපියන්ටද පහසුවකි. සියලු පාඨමාලා සඳහා බඳවා ගැනීම් මේ දිනවල සිදු වේ. පහසුව, ආරක්ෂාව සහ ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් පිරි පරිසරයක ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට දැන් අවස්ථාව ඇත. IIHS Multiversity, ශාන්ත ජෝසප් වීදිය, කෙරවලපිටිය පාර වත්තල ලිපිනයේ පිහිටා තිබේ. www.iihs.edu.lk / info@iihs.edu.lk යන වෙබ් අඩවිය ඔස්සේ හෝ +94114651144 / +94768231831 යන දුරකතන අංක ඔස්සේ වැඩි තොරතුරු ගත හැකිය.

Related posts
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
පුවත්

University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHSහි ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික…
Read more
පුවත්

Russel’s සමාගම 2026 ජනවාරි මාසයේ විශිෂ්ට සේවකයන් අගයයි

Russel’s සමාගම විසින් 2026 ජනවාරි මාසය සඳහා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link