දේශීය අධ්‍යාපනය . ගෝලීය උපාධිය – Local Study . Global Degree
දකුණු ආසියාවේ වඩාත් ගෞරවනීය උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS)හි ප්‍රධාන අධ්‍යයන වැඩසටහන් පහ සඳහා සිසුන් බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා තිබේ. අදාළ පරිශ්‍ර කෙරවලපිටිය සහ වැලිසර පිහිටා ඇත. සෑම වැඩසටහනක්ම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සැළැසුම් කර තිබේ. කාලය මෙන්ම මුදල් ඉතිරි කර ගැනීමටත්, ජාත්‍යන්තර අධ්‍යාපන සහ රැකියා අවස්ථා උදා කර ගැනීමටත් මේ හරහා සිසුන්ට අවස්ථාව ලැබේ. ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් මේ පාඨමාලාවලට ඇති බැවින් සිසුන්ට ඉතා පහසුවෙන් වීසා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. සිසුන්ගේ අවශ්‍යතාව අනුව අධ්‍යාපන වැඩසටහන සම්පූර්ණයෙන්ම මෙරටදී හැදෑරීමට හෝ කොටසක් මෙරටදී හදාරා ඉතිරි කොටස සඳහා විදේශ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට අවශ්‍ය පහසුකම් සළසා ඇත.
Advanced Diploma in General Nursing
මෙය IIHS ආයතනය හඳුන්වා දී ඇති ඉහළ ඉල්ලුමක් ඇති වැඩසටහනකි. එය සිසුන්ට ගැඹුරු සෛද්ධාන්තික දැනුම, ප්‍රයෝගික සායනික පුහුණුව සහ වෘත්තීමය සූදානම සහතික කරයි. නවීන පහසුකම් සහිත විද්‍යාගාරවල නිසි අධීක්ෂණය යටතේ රෝගී සත්කාර පිළිබඳව පුළුල් දැනුමක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම පාඨමාලාව හදාරන සිසුන්ට එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, යුරෝපය, මැද පෙරදිග ඇතුළු රටවල් රැසක රැකියා අවස්ථා ලැබිය හැකිය. වැඩි දුර අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිසුන්ට Surrey විශ්ව විද්‍යාලය පිරිනමන BSc in Nursing (Hons) උපාධිය හෝ වෙනත් ප්‍රවේශ වැඩසටහනක් හැදෑරිය හැක. 3+1 ප්‍රවේශයක් තුළින් Deakin, Surrey හෝ ෆින්ලන්තයේ Metropolia විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.
Advanced Diploma in Physiotherapy
ගෝලීය වශයෙන් වැඩිහිටි ජනගහණය ඉහළ යමින් ඇති පසුබිමක භෞත චිකිත්සක වෘත්තිකයන් සඳහා ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. මෙම වැඩසටහන හදාරන සිසුන්ට විශේෂඥ උපදෙස් සහ ප්‍රයෝගික සායනික පුහුණුව සමග නිපුණත්වයෙන් හෙබි, ගෝලීය පිළිගැනීමක් සහිත භෞත චිකිත්සක වෘත්තිකයෙකු බවට පත් වීමට අවස්ථාව ලැබේ. භෞත චිකිත්සාව සඳහා වෙන් වූ විද්‍යාගාර, සමාකරණ මධ්‍යස්ථාන සහ ප්‍රයෝගික පුහුණුව තුළින් සිසුන්ගේ ආත්ම විශ්වාසය සහ සායනික තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවේ. මෙම වැඩසටහන හදාරන සිසුන්ට ජාත්‍යන්තර Top-Up උපාධියක් හෝ භෞත චිකිත්සාව පිළිබඳ වෙනත් විශේෂ වැඩසටහන් හැදෑරිය හැකිය. මෙම වැඩසටහනට අදාළව James Cook, Coventry, සහ Metropolia විශ්ව විද්‍යාලය හා සම්බන්ධ 3+1 ප්‍රවේශය ක්‍රියාත්මක වේ. 2,500කට අධික සිසුන් පිරිසක් මේ වන විට මෙම වැඩසටහන හදාරා ඇත.
Advanced Diploma in Biomedical Science
ජෛව වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය වේගයෙන් සංවර්ධනය වීම තුළ රෝග හඳුනා ගැනීම, රසායනාගාර විද්‍යාව, ජෛව තාක්ෂණය සහ පර්යේෂණ යන ක්ෂේත්‍රවලට අදාළ වෘත්තිකයන් සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. මෙම වැඩසටහන සෛද්ධාන්තික දැනුම සහ ප්‍රයෝගික විද්‍යාගාර අත්දැකීම් ඒකාබද්ධ කරයි. නිරන්තරයෙන් වෙනස් වන සෞඛ්‍ය සේවා සහ පර්යේෂණ ක්ෂේත්‍රවල පිළිගත් වෘත්තිකයෙකු බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ඊට අමතරව ඔවුන්ට ශ්‍රී ලංකාවේ සිටම එක්සත් රාජධානියේ Surrey විශ්ව විද්‍යාලය පිරිනමන BSc in Biomedical Science හැදෑරීමට හැකි වීම සුවිශේෂ කරුණකි. Surrey (2+1 ප්‍රවේශය), Deakin (2+2 ප්‍රවේශය), සහ Metropolia (3+1 ප්‍රවේශය) යන විශ්ව විද්‍යාල සමඟ අනුබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එය හදාරා ඇති සිසුන් සංඛ්‍යාව 1,000කට අධිකය.
Diploma in Health Science (Deakin 1+2 ප්‍රවේශය)
ඕස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී හඳුන්වා දී ඇති මෙම වැඩසටහන නිපුණතා සම්පන්න සෞඛ්‍ය සේවා වෘත්තිකයන් නිර්මාණය කරයි. ශ්‍රී ලංකාව තුළ පළමු වසර හදාරන සිසුන්ට ප්‍රයෝගික පුහුණුව සහ ප්‍රයෝගික නිපුණතා සංවර්ධන අවස්ථා ලැබේ. පළමු වසර සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට පෝෂණ විද්‍යාව, ව්‍යායාම සහ ක්‍රීඩා විද්‍යාව හෝ මනෝ විද්‍යාව යන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලාවක් සඳහා Deakin විශ්ව විද්‍යාලයට ඇතුළත් විය හැකිය. මේ තුළින් අධ්‍යාපන සහ ජීවන වියදම් අඩු මට්ටමක පවත්වා ගනිමින් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට හැකියාව ලැබේ.
මෙම වැඩසටහන් සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ වන විට සිදු වේ. ශ්‍රී ලංකාව තුළ පමණක් නොව දකුණු ආසියානු කළාපය පුරා විසිරී සිටින සිසුන්ට IIHS ආයතනයට ඇතුළත් වී උසස් අධ්‍යාපනය ලැබිය හැකිය.
“මේ වන විට ලොව පුරා සෞඛ්‍ය සේවා අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රමිති ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. ඒ වෙනස්කම් නිසි පරිදි අවබෝධ කර ගෙන ඒවාට අනුගත වීම ඉතා වැදගත්. මෙවැනි අධ්‍යාපන වැඩසටහන් හඳුන්වා දීම සහ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් වඩාත් ධනාත්මක ආකාරයෙන් පුළුල් කිරීම අප ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවල එක් අදියරක්.” IIHS ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.


