පුවත්

Doctor J Premium Dental Care නිර්මාතෘ වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත BWIO සම්මාන දිනයි

Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධිධාරියෙකු වන ඔහු මෙරට කීර්තිමත් දන්ත වෛද්‍යවරයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රජයේ රෝහල් රැසක සේවය කර අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔහු ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලකද සේවය කිරීමෙන් අනතුරුව Doctor J Premium Dental Care ආයතනය ඇරැඹීය. එය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටා තිබේ. එම ආයතනය නවීන තාක්ෂණය යොදා ගනිමින් Restorative Dentistry, Cosmetic Procedures සහ Implantology වැනි අංශ රැසකට අයත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර සපයයි. American Academy of Implant Dentistry ආයතනය අනුමත කළ රෝස්මන් විශ්ව විද්‍යාලයේ ප්‍රතිස්ථාපන දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ නේවාසික පාඨමාලාවද හදාරා ඇති  වෛද්‍ය ජීවන්ත ඔහුගේ හැකියාව උපයෝගී කර ගෙන දන්ත ප්‍රතිස්ථාපන ප්‍රතිකාර පිළිබඳව විශේෂඥතාවක් ලබා තිබේ.

ඔහු International College of Continuing Dental Education (FICCDE) සහ Pierre Fauchard Academy (USA) වැනි ආයතනවල කීර්තිමත් සාමාජිකයෙක් වේ. ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව, All-on-Four සහ Zygomatic Systems වැනි ක්‍රම භාවිතයෙන් කරන Full-Arch ප්‍රතිස්ථාපන ශිල්පීය ක්‍රම සහ ඩිජිටල් 3D ස්කෑන් භාවිතයෙන් සිනහව නිර්මාණය කිරීම වැනි අංශ පිළිබඳව ඔහු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු වැඩසටහන් සම්පූර්ණ කර ඇත. ආසියා – පැසිෆික් දන්ත වෛද්‍ය සමුළුව වැනි ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගී වී ඇති ඔහු එක්සත් ජනපදයේ Manchester University සහ රුසියාවේ North Western State Medical University වෙතින් පුහුණුව ලබා ඇත. මුඛ අභ්‍යන්තරය ස්කෑන් කිරීමේ සිට සංකීර්ණ දන්ත ප්‍රතිෂ්ඨාපන දක්වා වන සියලු අංශ පිළිබඳව ඔහු පාඨමාලා හදාරා තිබේ. දෙස් විදෙස් සම්මාන රැසක් දිනා ඇති වෛද්‍ය ජීවන්ත මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කරයි.

Related posts
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link