පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් පලමු වරට පැවැත්වූ සුවසේවා නායකත්ව සමුළුව 2026 අති සාර්ථක අන්දමින් මාර්තු 9වන දින වෝටර්ස් ඒජ් පරිශ්‍රයේදී පැවැත්වින. මෙම සමුළුව සඳහා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, රක්ෂණ ආයතන, ආයෝජකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් සහභාගී වූ අතර ශ්‍රී ලාංකීය සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල හැකි ප්‍රමුඛතාවන් හඳුනාගනිමින් ඒවා සාකච්ඡාවට ලක් කරනු ලැබීය. 

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය 1972දී පිහිටු වූ අතර පුද්ගලික රෝහල් කාණ්ඩයේ ලියාපදිංචිව සිටින සහ පුද්ගලික සුවසේවා නියාමන කවුන්සියයේ සෘජු අධීක්ෂණයට ලක් කෙරෙන පුද්ගලික රෝහල් හා සාත්තු සේවා මධ්‍යස්තාන සාමාජිකයින්ගෙන් සමන්විත වෙයි.ශ්‍රී ලංකාවේ ප්‍රම්‍රඛපෙලේ පුද්ගලික රෝහල් සියල්ලක්ම පාහේ සාමාජිකත්වය දරන මෙම සංගමය තුලින් මෙරට සමස්ත සුවසේවා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් දක්වමින්, රජයේ රෝහල්වලට ඇති පීඩනය අවම කිරීමටත්, රෝගීන්ගේ සුවපත්භාවය සඳහා අඛණ්ඩ ශක්තියක් ලබා දෙමින් සිටී.  සෞඛ්‍ය අමාත්‍යංශය සහ පුද්ගලික සුවසේවා නියාමන කවුන්සිය සමග පවත්වාගෙන යන සබඳතා මත පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ රෝගී ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වාගෙන යෑම, සුවසේවා සේවකයින් සංවර්ධනය සඳහා සහාය වීම, වෘත්තීය පුහුණු අවස්ථා, සහ ප්‍රශස්ත භාවිතයන් පවත්වාගෙන යෑම ප්‍රවර්ධනය කිරීම සහ ජාතික සෞඛ්‍ය ප්‍රමුඛතාවන්ට අනුකූලව සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය සහාය ලබා දෙයි.

APHNH සුවසේවා නායකත්ව සමුලුව 2026 පිලිබඳව අදහස් දක්වමින් පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමයේ සභාපති රවීන් වික්‍රමසිංහ මහතා පැවසුවේ “ අපගේ අරමුණ වූයේ නිවැරදි තීරණ ගන්නා කණ්ඩායමක් එකම ස්ථානයකට කැඳවා ක්‍රියාත්මක කල හැකි දේ කුමක්ද යන්න සාකච්ඡා කිරීම පමණක් නොව අද දවසේ ගනු ලබන තීරණ අනාගතයේදී වඩාත් පැහැදිලි , පසුවිපරම් කල හැකි ක්‍රියාමාර්ග බවට පත් කිරීම සහ ගුණාත්මක බව සවිබල ගන්වමින් පාරදෘෂ්‍ය සහ මහජන විශ්වාසය සහිත සුවසේවාවක් ලබා දෙමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය පෝෂණය කිරීම ද මෙහි මූලික අරමුණක් වුනා” යනුවෙන් පැවසීය.

මෙම වැඩසටහන සැසිවාර දෙකකින් සමන්විත වූ අතර සුවසේව නායකත්වයෙහි ඇතුලාන්තය – සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද ? (Inside Healthcare Leadership: What Really Works), සහ ශ්‍රී ලාංකීය පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ අනාගතය ගොඩනැංවීම (Building the Future of Private Healthcare in Sri Lanka) යන මාතෘකා යටතේ සැසිවාරයන් පැවැවින.

පලමු සැසිවාරය සඳහා සහභාගී වූ වෛද්‍ය හෆීස් රහමන් පදියාත් (global clinician and hospital builder), වෛද්‍ය හම්දානි අන්වර් ( (health administration, operations and COVID leadership), සහ චාන්දනි එල්. අලුත්ගම, ( රක්ෂණ ක්ෂේත්‍රය), ගුණාත්මක බවේ වෙනසක් සිදු නොකරමින් රෝහල් සේවා පවත්වාගෙන යන්නේ කෙසේද ?, මෙහෙයුම් කටයුතු සවිබල ගැන්වීම, පීඩනය හමුවේ රෝගී සුරක්ෂිත බව පවත්වාගෙන යෑම, ඉදිරියේදී පැමිනිය හැකි රක්ෂණ අපේක්ෂාවන් සහ අවදානම් සලකා බැලීම් වලට ප්‍රතිචාර දැක්වීම යන කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

දෙවැනි සැසිවාරය තුල අනාගත අවස්තාවන්, සහ ප්‍රතිසංස්කරණ ගමන් මාර්ගයන්, මෙන්ම ප්‍රධාන දේශනය සහ තායිලන්තයේ පුද්ගලික රෝහල් සංගමයේ සභාපති වෛද්‍ය පායිබූන් එක්සන්ස්ග්‍රි (Dr. Paiboon Eksangsri) විසින් මෙහෙය වන ලද සංවාද මන්ඩපය ප්‍රධාන තැනක් ගන්නා ලදි.

මෙම සැසිය තුළ තායිලන්තයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා සංවර්ධනයෙන් ලබාගත හැකි පාඩම්, පීඩන කාලවලදී ජාතික සෞඛ්‍ය පද්ධතිවලට පෞද්ගලික රෝහල් විසින් ලබාදිය හැකි සහාය, රාජ්‍යය, සේවා සපයන්නන් සහ මහජනතාව අතර විශ්වාසය ගොඩනැගීමේ වැදගත්කම, සහ සෞඛ්‍ය ආයෝජන හා නවෝත්පාදනය සඳහා ශ්‍රී ලංකාව තරඟකාරී කරවීමට අවශ්‍ය කොන්දේසි පිළිබඳව විමසා බැලුණි.

සමුළුවේ අත්දැකීම් බෙදා ගනිමින් වෛද්‍ය පායිබූන් එක්සන්ස්ග්‍රි මහතා ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට මහත් ගෞරවයක්. මෙම අවස්තාව හරහා අර්ථවත් සාකච්ඡා, සංස්කෘතික හුවමාරු සහ දිගුකාලීන බලපෑමක් ඇතිකරන ශක්තිමත් සහයෝගිතා ගොඩනැගීමට මම අපේක්ෂා කරනවා.”

සමුළුවේ ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස, පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය විසින් යෝජනා සියල්ල එක් කර ක්‍රියාත්මක කළ හැකි සහ අධීක්ෂණයට පහසු එකම ප්‍රතිඵල ලේඛනයක් හෝ ප්‍රකාශන පත්‍රයක් (Charter) ලෙස සංස්කරණය කිරීමට සැලසුම් කර ඇත. එම ලේඛනය තුළ නිශ්චිත ක්‍රියාමාර්ග, වගකීම්, කාලසටහන් සහ කාලානුරූප ප්‍රගති වාර්තා ඇතුළත් කිරීමට නියමිතය.

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය, ජාතික ප්‍රමුඛතා සමඟ සම්බන්ධ කරමින්, පෞද්ගලික අංශය තුළ දත්ත පරිපාලන ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද නැවත අවධාරණය කළේය. ඒ සඳහා සමාන්‍යකරණය කළ විනිවිදභාවී ක්‍රියාපටිපාටි, රෝගීන් සමඟ පැහැදිලි සන්නිවේදන ප්‍රමිතීන්, සහ සේවා ගුණාත්මකභාවය අධීක්ෂණය සඳහා ව්‍යුහගත ක්‍රමවේදයන් අවශ්‍ය බව පෙන්වා දෙන ලදී.

මෙම සමුළුව ආරාධනා පමණක් ලැබූ අය සඳහා පැවැත්වූ අතර, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයුම අනාගතයේ හැඩගස්වන ක්ෂේත්‍රයේ සෘජු භූමිකාවක් ඇති පාර්ශ්වකරුවන් එකතු කිරීමේ පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය හි අරමුණ ප්‍රකාශ කරයි.

Related posts
පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය…
Read more
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
පුවත්

University of Surrey ආසියාවේ ප්‍රථම Digital Health ශාස්ත්‍රපති උපාධිය IIHSහි ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link