පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන සෞඛ්‍ය සේවා ජාලයක් වන Medihelp Hospitals සිය කළුතර සහ මතුගම ශාඛා පුළුල් කරමින් සේවා පුළුල් කරයි. මෙය මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සැපැයීමේ අඛණ්ඩ මෙහෙවර තව දුරටත් ශක්තිමත් කරන වැදගත් පියවරකි. වසර කිහිපයක් පුරා කළුතර සහ මතුගම නගරවල සාර්ථකව ක්‍රියාත්මක වූ Medihelp ශාඛා රෝගී සංඛ්‍යාවේ ශිඝ්‍ර හා අඛණ්ඩ වර්ධනය හේතුවෙන් පවතින පහසුකම් සීමා ඉක්මවා තිබුණි. එයට ප්‍රතිචාර ලෙස සමාගම යාබද ගොඩනැගිලි හා ඉඩම් අත්පත් කර ගනිමින් තම සේවා සපරාසය පුළුල් කිරීමට කිරීමට පියවර ගෙන ඇත. නවීකරණය කළ මෙම පහසුකම්වලට වෛද්‍ය උපදේශන කාමර, ඩිජිටල් එක්ස් රේ, ඔසුසල්, නවීන හා සුව පහසු රෝගී ප්‍රතිකාර ඒකක ඇතුළත් වේ. මෙමගින් රෝගීන්ට වඩාත් වේගවත් සහ සුව පහසු සෞඛ්‍ය සේවාවක් ලැබීමට ඉඩ සැළැසෙනු ඇත.

“කළුතර සහ මතුගම අපගේ ව්‍යාප්තිය ප්‍රජා මූලික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අපගේ දිගු කාලීන දැක්ම පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. මෙම ප්‍රදේශවල ජනතාව අප වෙත තැබූ විශ්වාසය අපට ගෞරවයක් මෙන්ම වගකීමක්. ඔවුන් සමඟ එක් වෙමින් සෞඛ්‍ය සේවා මට්ටම නිරන්තරයෙන් ඉහළ නැංවීමට අපි කැපවී සිටිනවා.” Medihelp Hospitals කළමනාකරණ අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා පැවැසීය. මෙම ව්‍යාප්තිය Medihelp ජාලය ව්‍යාප්ත කිරීමේ සැළැස්මේ කොටසක් වන අතර සමාගම නව ශාඛා කිහිපයක්ද ඉදිරියේදී ඇරැඹීමට සැළැසුම් කර ඇත. ශක්තිමත් නායකත්වය, නවෝත්පාදන, නව පද්ධති සහ වෘත්තීයමය සෞඛ්‍ය ප්‍රමිති මත පදනම් වී Medihelp Hospitals ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සහ ප්‍රමුඛ සෞඛ්‍ය සේවා සැපැයුම්කරුවෙකු වීමේ ගමන අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට කටයුතු කරමින් සිටී.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link