පුවත්

රෝයල් නර්සින් හෝම් වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මාන දිනයි

ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන අතර ආයතනයේ ගිලන් රථ අංශය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයක් සතු වැඩිම ගිලන් රථ සංඛ්‍යාවට හිමිකම් කියයි.

2020 වර්ෂයේදී කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේම පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම ආයතනය සතු වූ දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනය වන්නේද රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමයි. සම්මාන උළෙලේදී සිදු වූ සුවිශේෂ සිදුවීමක් වන්නේ ආයතනයේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ අදහසකට අනුව එම සම්මානයේ සැබෑ කොටස්කරුවන් වන ආයතනයට වසර ගණනාවක් සේවය කළ රියැදුරු මහත්වරුන් ආයතනය නියෝජනය කරමින් සම්මානය ගැනීමට වේදිකාවට පැමිණීමයි. එය සම්මාන උළෙලට සහභාගී වූ සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක් විය.

Related posts
පුවත්

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය විවෘත වේ

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ…
Read more
පුවත්

මෙඩිහෙල්ප් රෝහල හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සායනික ගිවිසුමකට අත්සන් තබයි

මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක්…
Read more
පුවත්සංවාද

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link