පුවත්සංවාද

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා අද (16) පෙරවරුවේ කඳාන පිහිටි ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම් පරිශ්‍රයේ දී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.   

දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා පියවර ගත්තේය.

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පාසල් වියේ දී ජනාධිපති බාල දක්ෂයෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි. දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන් ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර ඇත. නවීන තාක්ෂණික හා ඩිජිටල්කරණය භාවිතයේ මනා පලපුරුද්දක් ද ඒ මහතා සතු වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ත්‍රීපෝෂ සමාගමේ මෙහෙයුම් කළමණාකරු චම්පික සල්ගාදු, තත්ව සහතික කළමණාකරු අජිත් දිසානායක,  මානව සම්පත් හා නීති කළමණාකරු තනුජා අල්විස්, තත්ව පාලක නෙළුම් මෙන්ඩිස්, නිෂ්පාදන කළමණාකරු දසනායක ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් ද එක්ව සිටිය හ.

Related posts
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
පුවත්

Medihelp Hospitals කළුතර හා මතුගම ශාඛා පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ඉතා ශීග්‍රයෙන් වර්ධනය…
Read more
පුවත්

Medihelp රෝහල් ජාලයේ 20 වැනි ශාඛාව අම්බලන්ගොඩදී විවෘත වේ

මෙරට විශාලම මූලික ප්‍රතිකාර සේවා…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link