පුවත්

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරාගැනීමට දොර විවර කරයි

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය සහ විකිරණවේදය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ උපාධි පාඨමාලා හඳුන්වා දී ඇත. ඔවුන් හා සම්බන්ධ වන සිසු සිසුවියන්ට නවීන පහසුකම් සමඟ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ආචාර්ය මණ්ඩලයක් යටතේ වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගැනීමට සහ නවීන තාක්ෂණය යොදා ගෙන පැවැත්වෙන වැඩමුළු හා වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමට සිසු සිසුවියන්ට අවස්ථාව සළසා ඇත. ඒ තුළින් ඔවුන්ට වෘත්තීය අරමුණු කරා යාමට උපකාර වන පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. IIHS පිරිනමන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ ප්‍රමිති සහිත අධ්‍යාපන සුදුසුකම්වලට මෙරට මෙන්ම පිටරටද රැකියාවලට යොමු වීමේදී ප්‍රමුඛතාව හිමි වේ. ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, ෆින්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් රැසක ප්‍රමුඛ විශ්ව විද්‍යාල සමඟ IIHS ඇති කර ගෙන ඇති සහයෝගිතා ඊට පිටිවහලක් වේ. සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට IIHS පහසුකම් සළසයි. ඉහළ සුදුසුකම් සහ අත්දැකීම්වලින් හෙබි වෘත්තිකයන් සමඟ කතාබහක යෙදීමටද මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ. “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාව මඟ හරින්න එපා. ප්‍රමාද නොවී අප ආයතනය වෙත පැමිණෙන ඔබට පුළුවන් මෙහි අධ්‍යාපන පාඨමාලා හදාරන්න සුදුසුකම් ලබන කිහිප දෙනාගෙන් අයෙක් වෙන්න.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link